පුංචිම කාලෙදි....
දනිහෙන් වැටුනම....
පුංචි කඳුළු කැට...
එක දෙක එනකොට...
අම්මේ කියමින් මම මොර දුන්නේ...
පුංචි දෙපා මගෙ රිදුනු නිසයි....
යොවුන් වසන්තයෙ සතුට විඳින්නට...
ඇයගේ තුරුලේ උනුසුම් වනවිට...
ආඩම්බරයෙන් මතකයි කිව්වා
ආල කරපු සිත තනිවුනු මොහොතක...
දෑසම සේදී කඳුළු වැටෙනකොට...
අම්මේ කියමින් පුංචි කාලෙ වගෙ
හඬාවැටෙන්නට යලිත් සිතෙයි...
බිඳුනු දෙපා යලි සුව වූ මුත් මගෙ
හදවත කකියයි තවමත් එක ලෙස...
අම්මේ මම පොඩි එකෙක් ලෙසම සිටියානම්
අදටත් සිනහ සලයි.....
ලොකු වුන් නැවත කුඩා වීමට පතන අතර කුඩා වුන් ඉක්මනින් ලොකු වීමට පතයි!
ReplyDeleteඅපට වරදින්නට පටන් ගන්නේ එතනයි!!
සහතික ඇත්ත....
Deleteඅැත්ත අපි ජීවිතේ ඉදිරියට යනවා කියන්නේ අපේ සුන්දර කාලයන් අත්හැරලා යනවා කියන ඒකයි... මටත් ඔ්ක අනන්තවත් හිතිලා තියෙනවා මචං.......
ReplyDeleteබ්ලොගය අගෙයි... දිගට ම ලියමු........
එල...තෑන්ක්ස්...
Delete