Friday, April 10, 2015

බැලුම් බෝල ජීවිතේ.. | Life like a balloon



දවස් ගානකින් බොග පැත්තෙවත් එන්න බැරි වුනා ඔ‍ෆිස් එකේ තිබුන වැඩ කන්දරාවක් නිසා...මේ දවස් ටිකේම හදපු රිපෝට් ගොඩාක් අරගෙන අද කොළඹ යන්න වුනා....
මේ කතාව කියන්න හිතුනෙ ඇයි කියන එක පස්සට තියලා මං කතාව කියන්නම්...
දැන් අපි අවුරුදු ගානක් අතීතයට යන්නයි හදන්නෙ...
ඒ කිව්වෙ මං පුංචි කාලෙ...

.
.
.
.
.
මං පුංචි කාලෙදි දවසක් මූදු වෙරළට ගියා...
වෙරළ අයිනෙ ඉඳගෙන අම්මයි තාත්තයි එක්ක ඈත අහස මුහුදත් එක්ක එකතු වෙන හැටි බලන් හිටියා...
ඔහොම ඉන්නකොට මං දැක්ක ලස්සන බැලුම් බෝලයක් අතේ තියන් ඉන්න ළමයෙක්ව...මටත් ඕනි වුනා බැලුම් බෝලයක් ගන්න...
බැලුම් බෝල එක්ක සෙල්ලම් කරන්න ඔයා පොඩි බබෙක්ද..
අම්ම එහෙම ඇහුවා...

තාත්තා මට බැලුම් බෝලයක් ගෙනත් දුන්නා...
ලස්සන රෝස පාට ලොකු බැලුමක්....
මං ආසාවෙන් බැලුමත් එක්ක සෙල්ලම් කලා...
ඉතින් ඔහොම ටික වෙලාවක් ඉඳිද්දි අර පුංචි මල්ලිය එක පාරටම
අපිවත් පහුකරගෙන දුවන්න පටන් ගත්තා...
බලද්දි ඒ මල්ලිගෙ අතේ තිබුන බැලුම් බෝලෙ හුළඟට පාවෙලා
යනවා.. මල්ලි බැලුම පස්සෙන් යනවා...
ටික දුරක් ගිහින් අනේ ඒ මල්ලි අඬනවා....
ළඟ තිබුනු ගහක අත්තක වැදිලා බැලුම පුපුරලා....
අනේ මගෙ බැලුම් බෝලෙ.....
පොඩි එකා ඉකි ගගහ අඬනවා....
මම ගිහින් මගෙ අතේ තිබුන බැලුම ඒ ළමයට දුන්නා...
බෑ..මට ඕනි මගෙ බැලුම් බෝලෙ...

පොඩි එකා මුරණ්ඩු වුනා....
.
.
.
.
.
.
.
පුංචි කාලෙ වෙච්චි සිද්දියක් නිසා ඒ තරමටම පැහැදිලි මතකයක් නැතත් අර හිස්ට්‍රි රිපීට්ස් ද මොකක්ද කියන්නෙ, අන්න ඒ වගේ
වැඩක් අද මට වෙච්චි නිසයි මේක කියන්නෙ...
මේ පරණ මතකය මට මතක් වුනේ අද හදිසියෙ කොළඹ ආපු මම හවස් වෙලා ගෝල් ෆේස් එකට ආපු නිසයි...පුංචි කාලෙ වෙච්චි මේ සිදුවීම වගේම සිද්දියක් අද මට සිද්ද වුනු නිසයි.. පොඩි ළමයෙක් අදත් බැලුමක් පස්සෙ දුවගෙන ආවා
බැලුම පිපිරුනේ නැතත් තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් පොඩි එකා වාහනේකට හැප්පෙනවා.. හොඳ වෙලාවට ඒ ළමයගෙ තාත්තා ඇවිත් අල්ලගත්තෙ...අඬන පොඩි එකාගෙ ඇඬිල්ල තවත් වැඩි වුනා තාත්තා පාරක් ගැහුවහම...
අදත් ජීවිතේ දෙවෙනි වතාවට මම පොඩි එකාට බැලුමක් අරන් දුන්නා.... ඒ වගේම ඈත සිතිජය දිහා බලගෙන මට හිතන්න දෙයක් ඉතුරුවුනා..

ජීවිතේ අපි ගොඩනගාගන්න බලාපොරොත්තු , හීන.. ඒවත් හරියට බැලුම් බෝල වගේ.. අපි පොඩි ළමයි වගේ...බැලුම් බෝලයක් අපිටම කියල අයිතිකරගන්න අපි ගොඩාක් ආසයි... ඒ වගේම ඒ වෙනුවෙන් අපි නොකරන දෙයක් නෑ..
සමහර දේවල් අපිට හරි ඉක්මනට හම්බවෙනවා.. ඒත් සමහර දේවල් හම්බෙන්නෙ අපි සෑහෙන කැපකිරීම්ක් කලාට පස්සෙ...ඉතින් ඔහොම අපි ප්‍රාර්ථනා කරපු දේ අපිට හම්බවුනාම අපි හරිම සතුටකින් ඉන්නෙ.. හරියටම අර බැලුම් බෝලෙ අතේ තියාගෙන
හිටපු පුංචි එකා වගේ...

හැබැයි ඒ දේවල් අපෙන් ඈත් වෙනව කියල දැනුනොත්, අපිත් අර පුංචි එකා වගේම ඒ හීන පස්සෙන් දුවනවා...ඒ හීන හඹාගෙන යද්දි වෙන කිසිම දෙයක් ගැන ගානක්වත් නෑ..සමාජය ගැන , මිනිස්සු ගැන , පවුල ගැන...
ඉතින් අපි අර පුංචි එකා වගේම නෙමෙයිද?

ඉතින් ඔය විදියට අපි ගොඩනගාගත්තු හීන අපේ ඇස් ඉස්සරහම කඩාවැටෙද්දි.. හරියට බැලුමක් පුපුරලා යනවා වගේ අපේ හිතත් පුපුරලා යද්දි, අර පුංචි එකා ඇඬුවට වඩා ගොඩාක් හයියෙන් අපේ හිතත් අඬනවා නේද....
අපිත් නැතිවෙලා ගියපු හීන ආයෙ ගොඩනගාගන්න හදනවා නේද... ඒ වගේම අර පුංචි එකා නැතිවුන බැලුමම ඉල්ලුවා වගේ ජීවිතේ අපිට නැතිවෙච්ච සමහර දේවල් වලට අදටත් ආදේශකයක් හොයාගන්න බැරුව ලතවෙනවා නේද....

මම නම් කියන්නෙ ජීවිතේ අපි හැමෝටම පුංචි කාලෙදිම දෙවියො මේ පාඩම කියල දෙනවා.. ඒත් අපි හැමදාමත් එකම වැ‍රැද්ද ආයෙ ආයෙ කරනවා.. හීන ගොඩනගාගත්තට කමක් නෑ...ඒත් ඒ හීන බිඳිලා ගියපු දවසක ශක්තිමත්ව ඉන්නත් හිත හදාගන් ඕනි.. මොකද පිපිරුන බැලුම වෙනුවට අලුත් බැලුමක් ළඟටම ගෙනත් දෙන්න කෙනෙක් අපිට
හමුවුනේ නැත්නම්...අපිට හැමදාමත් ඒ බැලුම වෙනුවෙන් අඬ අඬ ඉන්න වෙයි.. ඉතින් බැලුම් බෝල වලට ආදරය කරාට කමක් නෑ.. හැබැයි පිපිරෙන බව දැනගෙන...

13 comments:

  1. Me ktwa kalin kiyewwa man ube anith blog eke congtrs

    ReplyDelete
    Replies
    1. ඒ 2012 දි ලිව්වෙ....එව්වත් මතකයි නේද..ජය!!!

      Delete
  2. Replies
    1. මොකෝ මේ වැට ගහගෙන.... සාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට.
      ආයෙත් එන්නකෝ...

      Delete
  3. මාත් ඒ බැලුමම ඉල්ලලා අඩගා තියෙනවා..ගොඩාක්..
    පස්සේ තේරුම්ගත්තා.. ඒ බැලුම ජීවිතයේ එක කොටසක් විතරයි කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මලියො... ජීවිතේ අපිට ගොඩාක් බැලුම් හම්බෙනවා.. වැඩේ කියන්නෙ බං අපි එකම මෝඩ වැඩේ ජීවිතේ ආයෙ ආයෙ කරනවනෙ..

      Delete
  4. මහේෂ්................

    මට පොඩිකාලේ තිබුණා අර ඒඩ්නා චොකලට් වල ඒන ස්ටිකර් ඒකතු කරන ලෙඩේ... දවසක් අපේ නැන්දම්මා මට චොකලට් ඒකක් ගෙනාවා..... ඒ කාලේ කවුරු අාවත් මට ගේන්නේ චොකලට් තමා.... අැත්තට ම කියනවානම් මං ගණන් හදන්නෙත් චොකලට් වලින්.. ඒ කියන්නේ රුපියල් සීයක් කියන්නේ මට අනුව චොකලට් 10 ක්.... ඒච්චරයි.. ඊට ඒහා වටිනාකමක් මට තේරෙන්නෑ..... ඒකේ ස්ටිකරයක් තිබුනේ නැහැ.. මට මාර අවුල් ... අැඩුනා ගමකට.... නැන්දම්මාට ඊට වඩා අවුල්... මාව ඒක්කං ගිහිං මුදලාලිට කියලා තවත් චොකලට් ඒකක් අරන් දුන්නා.... ගෙදර අාවාම මට හිතෙනවා අර චොකලට් ඒකෙත් ස්ටිකරයක් තිබුණානම් දැන් දෙකයිනේ කියලා.. ඉතින් මං අායෙම අැඩුවා....

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ විතරක් නෙමෙයි අදත් අපි ඒ විදියට අඬන වෙලාවල් ඕන තරම් තියෙනවා නේද?

      Delete
  5. හ්ම්,බැලුම් බෝල වුනත් එක්තරා සීමාවකට ආවම පිපිරෙනවානේ.සිමාව දැනගෙන කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත.. ඒත් බං අපි ගොඩාක් වෙලාවට නොකරන්නෙත් ඒකමයි නේද?

      Delete
  6. දුක උ ෙප්ක්ෂා ෙවන්. සතුට උද්දාම ෙයන්. ඒෙහමයි හීන වලට මූණ ෙදන්ෙන අපි.

    ReplyDelete
    Replies
    1. හැහ්..අන්න ක්‍රමේ....

      Delete
  7. තණ්හා ජායතී සෝකෝ....
    සිරා පාඩම....

    මට හිතෙන්නේම උඹම තමා අඩලා තියෙන්නේ්.....

    ReplyDelete