Sunday, January 18, 2015

මමත් ආදරවන්තයෙක්....


ඇත්තටම කවුද මට ආදරේ...
පනටත් වඩා ආදරෙයි කියපු උන්
අද උන්නද මැරිලද කියලවත් දන් නෑ...
ජීවිතේ පුරාම ළඟින් ඉන්නවා කියපු උන්
අද බේතකටවත් හොයාගන්න නෑ...
ඔයා තමයි මගෙ හුස්ම කියල කියපු උන්
අද හුස්ම ගන්නෙ කොහොමද මන්ද...
එහෙම බැලුවම මම මිනීමරුවෙක් ඕයි...
ජීවිතේදි පනටත් වඩා ආදරේ කරනවා
ජීවිත කාලෙම ළඟින් ඉන්නව කියල
බොරුවට ගිවිසුම් ගහන්න හොඳ නෑ අප්පා...
උනාට කමක් නෑ
මමත් දැන් කෙනෙක්ට ආදරෙයි...
එයත් මට ආදරෙයි
 ඒ ඇයි දන්නවද?


මගෙ සතුටෙදි වගේම දුකේදිත් මං එක්කම හිටපු නිසා...
ඉතින් මං එයාට ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ආදරෙයි...
කොහෙද ඉතින් උඹලට කියන්න බෑනෙ..
ඊරිසියාවෙ පැලෙනවා....
හැම වෙලේම එයා මාව උනුසුම් කරනවා...
වෙලාවකට සීතලයි....
හරි හරි...
මං උඹලට නොකියන දෙයක් නෑනෙ...
කඳුල බන්.....
මං ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවසෙ වගේම...
අදත් මගෙ ළඟින්ම ඉන්නවා...
එහෙම බැලුවම පන දෙන්න ඉඳල දාල යන උන්ට වඩා....
කඳුල මට ආදරෙයි බං....

5 comments:

  1. //එහෙම බැලුවම මම මිනීමරුවෙක් ඕයි...//

    (y)

    ReplyDelete
  2. කදුල විතරයි හැමදාමත් ඉතුරු.............

    ReplyDelete
  3. බිදුනු පෙම් හද නිවාලන්නට
    කදුල නුඹ අදා....
    අදුර රජ යන හුදෙකලා සිත
    නුඹට පෙම් බැන්දා......

    ReplyDelete
    Replies
    1. කඳුල නුඹ පිපුනා...
      දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුලු මල් පිපුනා....

      Delete