Friday, January 23, 2015

මතකයන් අතර වෙරිමතින්

වේලාව මධ්‍යම රාත්රියට ආසන්නව ඇත....
වීදුරු ගැටෙන හඬ ඇසෙයි....
මම තවත් සිගරට්ටුවක් පත්තු කලෙමි....
මේ අවන්හල මා හට නුහුරු නුපුරුදු තැනක් නොවේ....
මේ මේසයද එසේමය...
අඩක් හිස් වූ විස්කි බෝතලයක් සමඟ
අද මා තනිවී ඇත...

අරක්කු වලට දුක නැති කරන්න බෑ සර්...
දැන් ගෙදර ගියානම් හොඳයි නේද?....

වේටර් මල්ලි කෙනෙකුගේ කටහඬ
බොඳවී මෙන් ඇසෙයි....
මා කිසිත් නොකියාම තවත් දුම් වලල්ලක් ඇරියෙමි...


මේ මේසයේ පුටු 2 කි...
මීට සති කිහිපයකට පෙර හා මේ මේසයේම සිටි හැටි මැවේ....
ආදරය ගැන ජීවිතය ගැන හා දෙඩූ හැටි සිහිවෙයි...
ආදරයෙන් ඈට බත් කැවූ හැටි මතකයට නැගෙයි....
කාලය බොහෝ දෑ වෙනස් කර ඇත....
සමග කෑමට පැමිණි විට වේටර් මල්ලි පුරුද්දක් ලෙසම
අප වෙනුවෙන් ගෙන ආවේ එක් පිඟානක් පමණි...
අප කිසිත් ඇනවුම් කරන්නට පෙරම ඔවුන් අපි වෙනුවෙන්
ස්ප්‍රයිට් බෝතල් දෙකක් ගෙනෙයි...
අපි කිසිදිනක ඔවුන්ට අමුත්තන් නොවූ නිසාවෙනි....
මා අතහැර ගොස් ඇති නමුත්...
මා තවමත් අතීතයේ තනිව ඇත....
සර්...සර්... කටහඬක් ඇසෙයි....
පියවි ලොවට පැමිණීමට මෙන් මා දෑස් පිසදාගත්තෙමි....
මටත් අකීකරු වූ කඳුලු බිඳු කිහිපයක් රූරා විස්කි වීදුරුවටම වැටුනි....
ඇයි මල්ලි...

සර් අපි 12 වහනවා.... සර් මොනාත් කනවද...
කන්න එපා මල්ලි සිගරට් 3ක් ගේන්න...

මම යලිත් සිගරට්ටුවක් දල්වා ගත්තෙමි....
සිගරට් දුම අතරින් ඇගේ රුව මැවේ....
යලි කිසිදිනෙක එලෙස සමඟ මෙහි ඒමට නොහැකි බව දනිමි..
නමුත් එය පිළිගැනීමට තවමත් හදවත සූදානම් නැති හැඩය...
මා යලිත් වීදුරුව පුරවාගත්තෙමි....
සැන්ඩි අවශ් නොවේ....
එක හුස්මට විස්කි උගුර බීවෙමි...
උගුර පිච්චීගෙන යනවා මෙන් දැනුනි...
නමුත්...
මේ දිනවල හදවත පිච්චෙන තරමට නම් නොවේ....

කවුරුන් හෝ මා වෙතට පියනගින බව පෙනේ...
කවුරුදැයි හඳුනාගැනීමට තරම් සිහියක් නොමැත...
ආහ් සර්...දැන් ගොඩක් වෙලා නේද ඇවිල්ලා..
කියමින් ඔහු මා අසලින්ම අසුන් ගත්තේය...
ඔහු මේ අවන්හලේ කළමණාකරුය.
මට මතක හැටියට ඔහු නමින් සුභසිංහ විය යුතුය..

මල්ලි බියර් එකක් ගේන්න...
ඔහුගේ හඬයි....
ආරාධනාවකින් තොරවම ඔහු මා සමඟ බීමට සූදානම් වේ...
මා මෙතෙනට පැමිණි මුල් දිනවල සිටම ඔහු මා සමඟ කුළුපඟු විය...
දිනක් මා ඇය වෙනුවෙන් උපන්දින උත්සවයක් පැවැත්වූ අතර
එදින මා වෙනුවෙන් සුභසිංහ මහතා කල උදවු අමතක කල නොහැක...
ඉතින් ඔහුගේ පැමිණීමෙන් මා හට ගැටළුවක් නැත...
නමුත් කිසිවෙකු මා හට අනුකම්පා කල යුතු නැත..

මල්ලි....
මටත් ආරංචි උනා මල්ලි....
දැන් දවස් කීයක්ද... මං බලන් ඉඳල ඉඳල බැරිම තැනයි අද ආවෙ....
ඔහොම බොන් එපා බං....
මැරෙන්නද හදන්නෙ....

අරක්කු මිනිසුන්ව සමීප කරන තරම...
කාලයක් තිස්සේ අඳුරන හොඳම යහලුවෙකු ලෙස ඔහු මට කියයි...
අමුතුවෙන් මැරෙන්නට උවමනා නොවේ...
ඇයට නම් මා දැනටමත් මැරුනු පුද්ගලයෙකි...

උඹ ඉගෙනගත්ත කොල්ලෙක්... හොඳ ජොබ් එකක් කරනවා...
මෙහෙම විනාස වෙන්න හදන් එපා මල්ලි....

මා කිසිත් නොකියාම හිටියත් ඔහු දිගින් දිගටම කියයි...
මා සිගරට්ටුව අළු බඳුනට දැම්මෙමි...
මගේ හදවතද අළු බඳුනට දැමූ සිගරට්ටුව සේ තවමත් දැවෙයි...

මල්ලිගෙන් කාල මල්ලිට මෙහෙම කලාට ඕකිට හෙනගහනව මල්ලි...
අපි දන්නව මල්ලි කෙල්ල වෙනුවෙන් කරපු දේවල්...
මල්ලි මෙහෙ බේබද්දෙක් වගේ බොද්දි ඒකි හොඳට නිදි ඇති...
අම්මප මුන්ට නින්ද යනවද මං අහන්නෙ...

තවත් ඉවසිය නොහැක...
මම නැගිට්ටෙමි...
මම යනවා අයියේ..බිල ගේන්න....
මට මල්ලිගෙන් සල්ලි එපා...
හැබැයි එකක්...

කෙල්ලෙක් හොයාගනින් මල්ලි ලස්සනට නෙමෙයි
මනුස්සකම් තියෙන...
ඔහොම පිස්සෙක් වගේ බොන්නනම් ආයෙ මෙහෙ එන් එපා...

ඔහු කියයි...
කිව යුතු කිසිවක් හිතාගත නොහැක....
මම ගිහින් එන්නම් අයියේ....
මම එන්නට ආවෙමි...
පාරට පැමිණ අහස දෙස බැලුවෙමි..
අමාවක දිනක් මෙන් අඳුර  පමණි...
එකඳු තරුවක් හෝ පෙනෙන්නට නැති හැඩය....
ගැටළුවක් නැත...
නැති ජීවිතය තරම් අහස අඳුරු නැත....
මේ අඳුරට මම දැන් ආදරය කරමි....











3 comments:

  1. එකෙන්ම බීලා ප්‍රශ්න විසදන්ඩ බෑ නේද?
    එල......

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... බිව්ව කියල ප්‍රශ්න විස‍ඳෙන් නෑ..
      බොහොම ස්තුතියි...

      Delete
  2. විරහව...................... වේදනාව.....................

    ReplyDelete