අද එකෙක් මට කියනවා....
ඉතින් හා...
මං ලියන්නෙ ඒකිව ආයෙ ගන්න නෙමෙයි යකෝ...
මේක හරි මගුලක් උනානෙ...
මේ දවස් ටිකේම අපෙ ගමේ ඇන්ටිලට සෑහෙන අවුල..
ඇයි පුතා ඔය රැවුල් කොන්ඩ වවාගෙන..
පිස්සෙක් වගේ...
යකෝ මම වවන්නෙ මගෙ රැවුලනම්
මොකද බන් ගෑනි දාල ගිහින් වගේ...
තව එකෙක් අහපි..
ඔව් බොල දාල ගිහින් තමයි
මට කියන්න හිතුනත් ඊට පස්සෙ ඌ අහන දේවල්වලට උත්තර දෙන්නත් එපැයි...
මම මොනාත් නොකියම එන්න ආවා..
මේකයි කථාව...
මම ලියන්නෙ මට ලියන්න ඔනි නිසා මිසක්
මාව දාල ගිය එකීව ගෙන්නගන්න නෙමෙයි..
ඇරත්.....
පනටත් වඩා ආදරය කරපු මාව දාල යන්න ඒකිට පුළුවන් උනානම් බන්..
මම ලිව්වට මක්වෙනවද????
මාව එපා නිසා දාල ගියපු උන් මේව කියෙව්වත් එකයි
නැතත් එකයි...
මම ලියනවා..
මං වගේම ලියන උන් වෙනුවෙන් ලියනවා...
කවුරුවත්ම කියෙව්වෙ නැතත් ලියනවා...
ගණ අඳුරෙ අඬනවට වඩා
ගණ අඳුරෙ ලියන එක සැපයි මට....
ගණ අඳුරෙ අඬනවට වඩා
ReplyDeleteගණ අඳුරෙ ලියන එක සැපයි මට....
සිරා කතාව...
ම්ම්...එල
ReplyDeleteතමන්ගේ හිතේ තියන දුක,සතුට හැමදෙයක්ම එලියට දාන එක හොදයි එවා හිතේ හිරකරන් ඉන්නවට වඩා.මොකද ඔය අත්දැකීම මාත් අත්විදලා තියෙනවා.හැමදාම අදුරෙ ඉන්න එපා.අපිටත් දවසක ඉර පායයි සහෝ...
ReplyDeleteසුරවීර මහත්තයව මතක් වුනා..ආයෙත් එන්නකො.. ජය
Delete