Wednesday, January 14, 2015

සතුට

අද එකෙක් මගෙන් අහනව සතුට කීයද කියල...
යකෝ මූ මේ මොන ඉට්ටක්ද අහන්නෙ කියල හිතද්දි
තව එකෙක් කියනව රු.25 යි ළු.
මම බැළුව ඉතින් සිගරට් එකකුත් රු.30 වෙන රටේ
සතුට මෙච්චර අඩුවට දෙනවද කියල...
පස්සෙ තමයි තේරුනේ මේ කියල තියන්නෙ වෙන
සතුටක් ගැන කියල..
සතුට ගැන ලියන්න හැදුවට හිතේ මෙලෝ සතුටක්
සැනසීමක් නෑ අප්පා....
උදේ ඉඳන් හවස් වෙනකම් මිනිස්සු පිම්මෙ දුවන්නෙ
සතුට හොයාගෙන...
ඒත් ඊයෙ වගේම අදත් මිනිස්සු දුවනවා..
හෙටත් දුවයි...
ඉතින් තාම මිනිස්සුන්න්ට සතුට හම්බෙලා නැද්ද එතකොට..
මට මාර ප්රශ්නෙ...


දන්න දන්න දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා..
ඒත් මට සතුටුදායක උත්තරයක් නෑ....
හරි...
මතක් වුනා...
ඒකි මාව දාල ගියේ සතුටින් ඉන්න ඕනෙ කියලනෙ...
ඇයි තව කිව්වෙ මට සතුටින් ඉන්න කියලත්...
ගත්ත ඒකිට කෝල් එකක්...
"මා නිසා පෑ සිනා ඔබ කිසිදින සඟවනු එපා"
ලස්සන කෝල් ටියුන් එක නේ....
හෙලෝ....
මෙන්න ආන්ස්වර් කලා..
අහ්හ් මේ මම...සොරි කරදර කලාට, ඔයාට සතුට හම්බුනාද මාව දාල ගිහින්?
මම ඇහුවා..
ඔයාට විකාරද අනේ...
ටීක් ටීක් ටීක්...
අප්පටසිරි මෙන්න මේකි කට් කලා...
මං ගත්ත ආයෙමත්....
ඔබ ඇමතූ ග්රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්දව සිටී...
හුටා...
මං හිතන්නෙ වෙන කාගෙන්හරි සතුට හොයනව ඇති...
කමක් නෑ...
මෙහෙම ඉඳල හරියන් නෑ....
මාත් යනව සතුට හොයාගෙන...
ඉඳපන් මාත් එනව මගෙ ළඟත් රු.25 ඇති
දෙන්නම යමු...

සතුට හොයාගෙන....

2 comments: