Tuesday, January 13, 2015

අනේ මංද බං අපෙත් ජීවිත....

අනේ මංදා බං...
කොහොමහරි කට්ට කාල කාල කෙල්ලෙක් එක්ක යාළු වෙනව...
අතින් අල්ලගෙන ඇවිදිනවා....
කවදාවත් නැති තරම් හීන දකිනවා...
මම වගේම උඹත් ලව් කරනවා....
අපි හැමෝම ලව් කරනවා....
ඔහොම ගිහින් ඔය ලව් ඉලව් උනාම..
මම වගේම උඹත් අඬනවා....
අපි හැමෝම අඬනවා...
ඔහොම කාලය ගෙවෙද්දි අපි ආයෙමත් ආදරය කරනවා...
ආයෙත් කලින් වගේම ආදරේ නැතිවෙලා ගියොත්...
කලින් වගේම අපි අඬනවා...
එකම ආරක දුක් කරදර යලි යලි හමුවීම
ජීවිතයේ පරීක්ෂාවක්ළු...
කවුදෝ එහෙම කියනවා....
මට නම් දැන් ඇති වෙලා බං....
මට ඔය කෙහෙල්මල් පරීක්ෂන එපා...
මොකද පරීක්ෂන කරන්න මම පිටසක්වල ජීවියෙක්ද බොල...
හමුවෙනවයි වෙන්වෙනවයි කියන එක ජීවිතේ නම් බං
අපි හැමදාම කරල තියෙන්නෙ අඬන එකයි හිනාවෙන එකයි විතරයි...
අනේ මංද බං...
මාව පරීක්ෂනය කරන එකාට එපා වෙලාවත්  මේ මගුල නැවත්තුවොත් හොඳයි
නේද බං..
අනේ මංද බං අපෙත් ජීවිත......

3 comments:

  1. එහෙම තමයි බන්!!
    අපි හැමදාම එකම චක්කරේ කැරකෙනවා!!

    ReplyDelete
  2. ඒක ඇත්ත සහෝදරයා..අපිව පරීක්ෂණාගාර ගෙම්බො කරල තියෙන්නේ මේ සමාජය.
    මට ඔයා නැතිව ජීවත්වෙන්න බෑ කියපු කී දෙනෙක් අද යස අගේට වෙන උන් එක්ක ආතල් ගන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි මචං මලිතයා ආදරේදී ගිවිසුම් ගහන්න හොඳ නෑ කියල කියන්නෙ.. ආදරේදී ගහන ගිවිසුම් කිසිම පැවැත්මක් නැති එව්ව...

      Delete