Tuesday, March 10, 2015

උත්තරා


අවිවේකී දිනයකි...
දිගින් දිගටම නාද වූ දුරකථනය හැරුනුවිට රෝගීන්ගේ හඬ පමණක් ඇසේ...
රෝහලෙන් ඩිස්පෙන්සරියටත් ඩිස්පෙන්සරියෙන් රෝහලටත් ගෙවෙන මේ ජීවිතය
විටෙක නීරස බව නොදැනෙනවා නොවේ..
අවසන් රෝගියාත් පිටව ගිය පසු දුරකථනය අතට ගත්තෙමි.
අම්මා යනුවෙන් මිස් කෝල් 5කි...
අම්මාට අප්පච්චීට සමු දී කොළඹ පැමිණ දැන් සය වසකුත් ඉක්මව ගොස් ඇත...
අම්මාට ඇමතුමක් ගත්තෙමි....ඔව් අම්මා....
අනේ මයෙ පුතාට දළදා හාමුදුරුවො පිහිටයි...
මේ අවුරුද්දෙවත් ගෙදර එන් නැද්ද?
අප්පච්චිත් දැන් ලෙඩ ගානෙ....
දෑස් පියාගත්තෙමි...
ඒ අතීතය වළදමා අවසන් මුත් පැරණි තුවාල කැලැල් මා තවමත් රිදවයි...



****************

නැගිටපන් යකෝ අන්න රිසාල්ට්ස් ඇවිත්....ස්කෝලෙට යමන්...
කසුනා කාමරයටම පැමින ඇත...
ඉඳහන් ඉඳහන් යමු ඉතින්.. මොකෝ අපි කැම්පස් යන්නද බං...
පුරුදු ඩෙනිම හා ෂර්ට් එකක් ඇඟට දාගත්තෙමි...
පාසල ළමුන්ගෙන් පිරී ඇත..

උත්තරා ත් ඇවිත් ඇති නේද බං....

අනේ මේ උඹට වෙච්ච දේවල් මදිදි බං...
අපි නැත්නම් උඹ මැරිච්ච තැන්වල ගෙවලුත් හදල...
උඹ නම් ජීවිතේටවත් හැදෙන මිනිහෙක් නෙමෙයි අනුහස්...

ළමුන් අතරින් අමරුවෙන් ඔෆීසිය ඇතුලට රිංගාගත්තෙමි...
ආ අනුහස් එන්න එන්න....කන්ග්‍රැඩුලේෂන්ස් පුතා..
විදුහල්පතිතුමා මා සමඟ හොඳින් කතාකලේ බොහෝ කාලයකට පසුවයි...
අනුහස් ප්‍රතිභා රත්නායක...නම ඉදිරියෙන් ඒ 3ක් දක්වා තිබිණි...
අනුහස් මාර බ්‍රයිට් නේ... නටපු පිස්සු වල හැටියට අපි නම් හිතුවෙ
ලොකු කනු තුනක් දාගනී කියල...
ගුරුවරියක් කියනවා ඇසිනි...

උඹ මිනිහෙක් කියල පෙන්නුව මචං...
දැන් බලමුකො මුදලාලිය මොකද කියන්නෙ කියල...
කසුන් කියත්ම මට උත්තරා සිහිවිය..

මිස් උත්තරා ආවෙ නැද්ද?

"උත්තරා? අනේ පුතේ අනුහස් ආයෙත් ප්‍රශ්න දාගන්නද හදන්නෙ?
ඔය කළුගල් එක්ක හැප්පෙන්න යන් එපා පුතේ...
අනික බලන්න, දැන් ඔයා හිතන්න කැම්පස් යන එක ගැන..."

*****************

උත්තරා මගේ ජීවිතයේ කොටසක් නොවේ...
උත්තරා යනු මගේ ජීවිතයයි...
දිගු දෑසකට හිමිකම් කී ඈ දු‍ටු පළමු දිනයේදීම මා වසඟ කරගත්තාය...
මගෙ සුදු අයියාට මං ආදරෙයි...
ඇස් පොඩි කර තාලයට එසේ කියනවිට මට මුළු ලෝකයම අමතක වෙයි...
අපේ අම්මාගේ බත් එක කෑමට ඇය බොහෝ සෙයින් ආසා කලාය..
අම්මා කවනා තරමටම මම උත්තරා අතින් බත් කටක් කෑමට ආසා කලෙමි...
උසස් පෙල ප්‍රථිපල පැමිණ සතියක් පමණ ගතවී ඇත....
ඒ උත්තරා මා හමුවූ අවසන් දිනයයි.
ඇයි නංගි මාව මඟාරින්නෙ...
ඔයාට තේරෙන් නෑ අයියෙ....
අප්පච්චිගෙ හැටි දන්නවනෙ ඔයා....
එයා ලෝකෙම පෙරල පෙරල මට මිනිස්සු හොයනවා...
ඔයාට වුනත් කරදරයක් වෙන්න බැරි නෑ අයියෙ...
අප්පච්චි හදන්නෙ මාව කොලඹ නැන්දලගෙ දිහා යවන්න...
මං ගැන හිතන් එපා අයියෙ...
අපේ අප්පච්චිගෙ ලෝකෙ සල්ලි විතරයි...
අපිට අපේ වෙන්න බෑ අයියෙ...
කියන්න මට සතුටින් ඉන්නව නේද?
අනේ වචනයක් වත් කියන්න සුදු අයියෙ...
මම කිසිත් නොකියාම නුවර වැව දෙස බලා සිටියෙමි....
ලෝකයේ සතුටින් සිටීමටනම් සල්ලි හම්බකල යුතු බව
දෛවය මට උගන්වමින් සිටී....

*****************
වේලාව රාත්‍රී 9 ද පසුවී ඇත....
මා වැව රවුම අසල මදක් නැවතිමි....
නුවර වැව පිස හමා එන සුළඟ මා බොහෝ ඈත අතීතයට ‍රැගෙන යයි...
ඈ හා අත් පටලවාගෙන වැවරවුම වටා ඇවිද ගිය හැටි....
දළදා සමිඳු අභියස සුදු නෙලුම් පූජාකල සැටි....
කාලය සියල්ල වෙනස් කර හමාරය...
මා යලිත් රියට ගොඩ වුනෙමි...

ගමට ඇතුල්වන තැන තිබූ ආරොං මාමාගේ කඩය දැන් නැත...
මේ වෙලාවේ පාර හොයාගැනීමද දුෂ්කරය....
කොළඹ ජීවිතයට හුරු වී සිටින මට දැන් ගම අමුත්තක් මෙනි...
ගමේ සුන්දරත්වය රාත්‍රිය විසින් ගිලගෙන ඇත....
දින දෙක තුනක් හෝ නැවතී සිටීමට ද සිතේ...
නමුත් මව පියාද ‍රැගෙන කොළඹට යනවාක් විනා නැවතී සිටීමට තරම් සුවයක් දැන් ගම තුල නොවේ....

හෙඩ් ලයිට් එලියට කවුරුන් හෝ දුවගෙන එනවාක් මෙන් පෙනේ...
කාරය ඉදිරියටම පැමිනි ඔහු රියේ නොවැදී බේරුනේ අනූනමයෙනි....
වසර ගණනකට පසු ගමට පැමිණි මම, ගමට අමුත්තෙකි....
මෙවැනි වෙලාවක වාහනය නතර කිරීමද නුවනට හුරු නොවේ..
නමුත් සතුරෙකුට වුවද කරදරයකදී උදවු කල යුතුය..
මම වීදුරුව පහත් කලෙමි...

අනේ මහත්තයෝ....
මගෙ ගෑනිට විලිරුදාව මහත්තයො.....
ඉස්පිරිතාලෙට ගෙනියන් ඕනි මහත්තයෝ....

ඔහු කියත්ම මා දෙවරක් නොසිතාම ඔහුව කාරයට නංගවාගත්තෙමි....
ඕන් ඔතනින් නවත්තන්න මහත්තයො...
මා කාරය හරවාගත්තෙමි...
කෙසඟ සිරුරක් හිමි කාන්තාවක් අමාරුවෙන් කාරයට ගොඩවිනි....පින්න වැටෙන නිසාදෝ හිස ආවරනය වන ලෙස රෙදිකඩක් බැඳ තිබිණි...
මා පිම්මේ කාරය මහනුවර මහ රෝහල වෙත ‍රැගෙන ආවෙමි...

ඇය රෝහලට ඇතුලත් කල පසු ඔහු මා සොයා ආවේය..
අනේ මහත්තයා නම් දෙවි කෙනෙක්...
මේ වෙලාවේ වාහනයක් හොයාගන්න අමාරුයිනෙ මහත්තයෝ...
මහත්තයා මේ පලාතෙ කෙනෙක් නම් වෙන්න බෑ..
ඔහු කියයි...
මිනිස්සු මිනිස්සුන්ට උදව් කරන් එපැයි..
මොකක්ද නම  මම ඇසුවෙමි...
මම සිරිල් මහත්තයො....
මහත්තයා මේ කොහේ යන ගමන්ද?
මම මේ ගෙදර ආව අයියෙ.....
ඉස්කෝලෙ මහත්තයා ගෙ පුතා මම..
දැන් නම් සෑහෙන කාලෙකින් තමයි මේ ගමට ආවේ...
මම දැන් වැඩ කරන්නෙ කොළඹ....
මම කීවෙමි....

එහෙනම් සිරිල් මම දැන් යන්නම්.. මං යන්න කලින් ඩොක්ටර්ව හම්බෙලා
කියන්නම් ඕනම උදව්වක් කරන්න කියලා....
මම මාගේ වෛද්‍ය හැඳුනුම්පත පෙන්වා හැකි උදව්වක් කරන මෙන් රෝහලේ සිටි
වෛද්‍යවරයාට පැවසූයෙමි....

මේ මහත්තය අපේ ඉස්කෝලෙ මහත්තයෙග පුතා කියලද කීවෙ??
ඔව් සිරිල් ඇයි?
ඒ කීවේ මහත්තය අනුහස් ද?
ඔව්... සිරිල් මාව දන්නවද?
අහ්හ්..නෑ නෑ මහත්තයෝ.....
සිරිල් කුමක් හෝ වසන් කිරීමට උත්සාහ කරන බවක් පෙනිනි....

ට්‍රින් ට්‍රින්..
අම්මාගෙන් ඇමතුමකි...

මොකද මයෙ පුතේ පරක්කු?
පාර වැරදුනාවත් ද?”

නෑ අම්මා..එන ගමන් හදිස්සියෙ හොස්පිට්ල් එකට එන්න වුනා...
ඉස්පිරිතාලෙට? අනේ ඒ මොකටයි පුතේ..
ළමයෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්ව හොස්පිට්ල් එකට ගෙනාවා...
අම්ම බය නැතුව ඉන්නකො මම එන්න හදන්නෙ දැන්...

දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි පුතේ....

දුරකථනය විසන්දි විනි....
සිරිල් තවමත් මා දෙස බලාගත් වනම සිටී....
මහත්තයා දැන් යන්න...
අපි නිසා පරක්කු වෙනවා...
අනේ මොන පරක්කුවක්ද සිරිල්....
ඉතින් සිරිල් කීවෙ නෑනෙ මාව දන්නෙ කොහොමද කියලා...
මම ඇසුවෙමි...

නෑ..නෑහ්..මම අහල තියෙනවා මහත්තයා ගැන...

ආ ඒ මොනාද සිරිල් මං ගැන අහල තියෙන්නෙ...

නෑ නෑ...අපේ මුදලාලි අනුහස් මහත්තය ගැන කියල තියෙනවා...

මුදලාලි කීවෙ ගුණදාස මුදලාලිද?
මම ඇසුවෙමි....
ඔව් මහත්තයො...මම මුදලාලි ළඟ වැඩ කරන්නෙ... දැන් නම් ඉතින්
මුදලාලි ලෙඩගානෙ මහත්තයො....
හ්ම්ම්ම්...හූ මිටි තියනවා ඇර කීමට යමක් සිතාගත නොහැක...
එතකොට දැන් උත්තරා නංගිට කොහොමද? එයා මැරි කරලා ගියා කීව නේද?
දැන් හොඳින් ඉන්නවළුද?
වචන පිටවන්නේ මටත් නොදැනීමය...
පරන දේවල් මොනාට හාරවුස්සනවද මහත්තයො...
මහත්තයට පිං මේ කරපු උදව්වට....
අරකි තනියෙම ඇතුලෙ...
සිරිල් යන්නට ගියේය...

********************
තොපි එනවද බොල අපේ කරේ නගින්න...
ඈ බොල ඉස්කෝලයො...
තොගෙ පුතාට උගන්නපිය අපි කවුද තොපි කවුද
කියල..මට ආයෙ කියන්න තියන්න එපා...

ගුණදාස මුදලාලිගේ කටහඬ මතකයට නැගේ...
අප්පච්චි කිසිත් නොකියා කරබාගෙන හිටියේ මුදලාලිගේ තිරිසන්
ගති දන්නා නිසා විය යුතුය.....
ඔව්ව කෙරෙන ඒව නෙමෙයි පුතේ...
ඉගෙනගනින්... එතකොට ඔය කාටවත් ඔලුව පාත් කොරන්න වෙන් නෑ....
අම්මා කීවේද එපමනකි....
උත්තරා එහෙම නෑ අම්මෙ...
එයා වෙනස්... මුදලාලිල වගේ නෙමෙයි....
මම කීවෙමි...

අනුහස්..කොල්ලො උඹ මට නරක මිනිහ කියන් එපා...
මගෙ කෙල්ලට පාඩුවෙ ඉන්න දීපන්...
ඇඟිල්ලෙ තරමට ඉදිමියන්...

මුදලාලි කවදත් කතාකලේ නොමැරෙන මිනිසෙක් ගානටය.

**************

මා නිවසට පැමිනෙන විට මධ්‍යම රාත්‍රියටද ආසන්න වී තිබිනි...
අම්මා ඉස්‍තෝප්පුවට වී ඉඳී...
මා ගෙට ගොඩවත්ම අම්මා හඬාවැ‍ටුනාය...
ඇයි මයෙ පුතේ මෙච්චර කාලයක් නෑවිදින් හිටියේ....
අපි මොන වැ‍රැද්දක් කලාටද.....
අම්මා මැසිවිලි නගයි...
මං මේ සැරේ ආවෙ අම්මවයි අප්පච්චිවයි කොළඹ එක්කන් යන්න...
අප්පච්චිටත් කියන්න ලෑස්ති වෙන්න කියල....
උඹලයි අප්පච්චි මහ ගේ දාල යන්න කැමති නෑනෙ පුතේ..
එහෙම කියල හරියන් නෑනෙ අම්මෙ....
මං උදේට කතාකරන්නම්කො අප්පච්චිට...

බීරළුව තුලින් හිරු ‍රැස් කාමරය තුලට ගලා එයි...
පුරුදු එලාම් හඬ වෙනුවට ඇසෙන්නේ කුකුලන් හඬලන හඬයි...
අම්මා පැමිණ ජනේලය හැර තේ කෝප්පය දී ගියාය...
සුදු ඇඳුමින් සැරසී පාසල් යන ළමුන් පිරිසක් නිහඬවම මා
අතීතයට ‍රැගෙන යයි.... ඉස්සර දිනෙක උත්තරා එන තුරු
මේ ජනේලය ළඟටම වී මගබලා සිටි ආකාරය මතකයට නැගෙන විට
හදවතේ කොහේදෝ තැනකින් සියුම් වේදනාවක් දැනේ....

ගේ වහල බාරදෙන්න කාවහරි හොයාගන්න වෙයි අම්මා...
මම කීවෙමි.... අම්මා කිසිවක් නොකියා අප්පච්චී දෙස බැලුවාය..
මුදලාලි මාමලට මොකද උනේ අම්මේ...
දැන් ලෙඩ ගානෙලු නේද?
මම ඇසූයේ උත්තරා ගැන යමක් දැනගන්නා අටියෙනි....
උඹට කවුද ඕව කීවේ...

පහුගිය දේවල් ගැන හිතල හිත නරක් කරගන් එපා මයෙ පුතේ..
උඹ අපිවත් අමතක කරල ගියෙත් ඔය අම්මන්ඩි හින්ද නේද...

අම්මා දැන් පසුවන්නේ උත්තරා සමඟද කේන්තියෙනි....
අපිට දිපු ගින්දර තමයි ඕකුන්ට ඔය පත්තු වුනේ...
අම්මා කීවේ එපමනකි...
අම්මාගෙන් හරි තොරතුරක් දැනගත නොහැක...
සය වසරකට පසු ගමට පැමිණ හමුවිය හැකි මිතුරෙකුද නොවේ...
අනිද්දා සේව්යට වාර්ථා කලයුතු නිසා හෙට නැවත කොළඹ යා යුතුය...
මාලිගාවට යෑමට සිත්විනි...
මා කාරය පනගන්වන විටම අම්මා කතාකරන හඬ ඇසෙයි...
කොහෙද මේ පාන්දරින්ම යන්නේ...
මම මාලිගාවට ගිහින් එන්නම් අම්මේ...
සුදු නෙළුම් මල් වට්ටියක් ගත්තෙමි....
අතීතය සිහිකර වැටෙන කඳුලින් මල් දෝවනය කල යුතු නොවේ...
උත්තරා කොහේ හිටියත් හොඳින් ඉන් ඕනි...
එසේ සිතමින් මම මාලිගාවෙන් පැමිනියෙමි...

************

නිවසට යාමට ප්‍ර ථම අවසන් වරට හෝ සිරිල් මුනගැසීමට සිත්විනි....
අළුත උපන් බිළි‍ඳෙකු බැලීමට හිස් අතින් ගිය නොහැක...
දුවෙක්දැයි පුතෙක්දැයි නොදැන ඇඳුම් තේරීමටද නොහැක...
මම රෝස පැහැති ළමා ඇඳුම් කට්ටලයක්ද මිලට ගත්තෙමි....
රෝහල වෙත ගියද සිරිල් සොයාගැනීම අසීරු විය...
මා ලියාපදිංචිකිරීමේ අංශයට ගොස් මාගේ වෛද්‍ය හැඳුනුම්පත පෙන්වූයෙමි...

ඊයේ රෑ ඩිලිවරි එකකට ගෙනාපු පේෂන්ට් කෙනෙක්ව බලන්න පුලුවන්ද...

ආහ් ඩොක්ටර් මේ තියෙන්නෙ ඊයෙ ඇඩ්මිෂන්...
බලන්නකො මෙතන....
හෙදිය අන් රෝගීන්ට නොදක්වන මවාගත් කරුණාවකින් මට ලේඛනයක් පෙන්වීය...
භාරකරුගේ නමින් මම ලේඛනයේ උඩ සිට පහලට කියවන්නට විමි...
.
.
.
.
.
.
.
සිරිල් විජේතිලක....රාත්‍රී 10.32... උත්තරා සේනානායක....
දෙවියනේ උත්තරා සේනානායක....
ඇස් අදහාගත නොහැකිව මද වේලාවක් මා සිටින්නට ඇත..

හරිද ඩොක්ටර්..පේෂන්ට්ව හොයාගත්තද... වෝඩ් තර්ටීන් බලන්නකො...

මම ළමා වාට්‍ටුව වෙත දිවගියා යැයි කීවොත් නිව‍රැදිය...සය වසරකට පසු මෙලෙස උත්තරා හමුවීම දෛවෝපගත සිදුවීමක් දැයි සිතේ.... දැන් මා උත්තරාට කුමක් කිව යුතුද? මා තවමත් තනිකඩ බව ඇයට පැවසිය යුතුද? සිතට නැගෙන මෙවැනි ප්‍රශ්න රාශියක් යටපත් කරමින් මා රෝහල් වාට්‍ටුව පුරා උත්තරා සෙව්වෙමි. සිරිල් නම් කෙසේවත් උත්තරා ට නොගැලපේ...මේ කිසිවක් සිතාගත නොහැක... ඇරත් ඊයේ මගේ කාරයට ගොඩවුනේ මගේ සුදු නංගී විය නොහැක....මෙය තවත් එක් නපුරු හීනයක්ද... 

දෙවියෙනේ මගෙ උත්තරාට මොකද මේ වුනේ... එයා බැඳල කුරුනෑගල ගියා නම් ආයෙත් ගමට ආවෙ ඇයි....ප්‍රශ්න රාශියක් සිතට නැහේ...


"එක්සියුස් මී මිස්...
උත්තරා සේනානයක කියන පේෂන්ට්ගෙ බෙඩ් නම්බර් එක මොකක්ද..."

"උත්තරා සේනානායක...අහ් ඊයේ රෑ ආපු අම්මා නේද?
ඔයා එයාගෙ කවුද?"

"අහ්හ්...මම එයාගේ... හ්ම්ම්..මම ඩොක්ටර් අනුහස් රත්නායක..
එයා මගේ පේෂන්ට් කෙනෙක්...."

"අහ්..අනේ සොරි සර්...
සර් ගිහින් ඩොක්ටර් ව මීට් වෙන්නකො.. අර රූම් එකේ ඇති.."

*********
ඩොක්ටර්....
යස්.... ඩොක්ටර් මම 
උත්තරා සේනානයක ගැන.. මා කියන්නට උත්සාහ කලා පමනි..

"යූ මස්ට් බී ඩොක්ටර් අනුහස්....
අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි මිස්ටර් අනුහස්....
අපි දරුවව බේරගත්තා...බට්..  අයිම් සොරි...
ඩොක්ටර් කෙනෙක් විදියට ඔයා ටිකක් තේරුම්ගන්න බලන්න
අනුහස්...අයි ට්‍රයිඩ් මයි බෙස්ට්..."


ලෝකයම අඳුරු වීගෙන එන හැඩකි....
ඩොක්ටර් තව මොන මොනාදෝ කීවත් මාගේ සවන් අගුලුවැටී ඇත...
සය වසකට පෙර උත්තරා මා දමා ගිය දවසේවත් මෙවන් දුකක් නම් නොදැනුනු බව දනිමි.
මා මෙවන් පව්කාරයෙක් බව කෙසේ අදහම්ද... මා අසල තිබූ බංකුවකට බර වුනි...
කරන්නට කියන්නට යමක් සිතාගත නොහැක...ජීවිතයේ මෙපමණ අසරනකමක් දැනුනු පළමු අවස්ථාවයි...දෛවය අප යලිත් මුනගැස්සූ මුත් එක වචනයක් හෝ කතාකරන්නට ඉඩ නුදුන්නේ ඇයි.. සය වසකට පසු මා යලි ගමට ආවේ මගේ පන මෙන් මා ආදරය කල මගේ සුදු නංගිගේ මලගමට ද..

මට සමාවෙන්න මහත්තයො....

සිරිල් ගේ හඬින් මා තිගැස්සිනි..
තවදුරටත් මට මා පාලනය කර ගත නොහැක...

ඇයි යකෝ මට මෙහෙම කලේ..
ඇයි මට කිව්වෙ නැත්තෙ...
ඇයි මගෙ සුදු නංගිව මරාගත්තෙ....
  
මට කෑගැසිනි....
ඉස්පිරිතාලයම අප දෙස බලා සිටි....
අනුහස් ප්ලීස් කොන්ට්‍රොල් යුවර්සෙල්ෆ්....
දිස් ඊස් අ හොස්පිටල්....
මම යලිත් වාඩිවුනෙමි...
මහත්තයො...
සිරිල් දිගු කතාවකට සැරසේ....

අනුහස් මහත්තයා ගමින් ගියාට පස්සෙ හැමදේම වෙනස් වුනා...
උත්තරා බේබි මට අනුහස් මහත්තය ගැන කියනව ඉස්සර....
මුදලාලි අනුහස් මහත්තයට කරදරයක් කරයි කියල බේබි ගොඩක් බයෙන් හිටියෙ මහත්තයො....ඒ නිසාමළු බේබි මහත්තයව අතෑරියේ....
මුදලාලිගෙ බිස්නස් වැටෙන්න පටන් ගත්තම මුදලාලි බැලුවෙ බේබිව හොඳ සල්ලිකාරයෙක්ට දෙන්න....
උත්තරා බේබි කුරුනෑගල පැත්තෙ සල්ලිකාරයෙකුට බන්දල දුන්නා...
ඒ මිනිහ මහ නරුමයෙක් මහත්තයො....
මුදලාලි බැලුවෙ සල්ලි විතරයි... ඒ නරුමය කවදාවත් බේබිට ආදරේ කලේ නෑ....
අවුරුද්දකට විතර පස්සෙ බේබි ආයෙම ගමට ආවා....
යනකොට ගිය බේබි නෙමෙයි ආවේ... ගොඩක් වෙනස් වෙලා....
බලාගත්තු අත බලන් හිටිය මිසක් කාටවත් මූන දුන්නෙ නෑ....
මුදලාලිටත් යක්ෂය ආවේස වෙලා හිටියෙ....
හොයල බලනකොට අරූ කලින් බැඳපු එකෙක්...
ගමේ මිනිස්සු කතා කියන්න ගත්තා..
මුදලාලි හිතේ අමාරුවටම ලෙඩ වුනා...
ඔහොම ඉන්නකොටයි මහත්තයො දැනගන්න ලැබුනෙ අරූ අතින්
බේබිට දරුවෙක් ලැබෙන්න ඉන්න විත්තිය...
දරුවා නැතිකරගන්න බේබි කැමති වුන් නෑ මහත්තයො...
කරන්න දෙයක් නැතිම තැන මුදලාලි මගෙන් ඇහුව උත්තරා බේබිව
බලාගන්න කැමතිද කියලා....
මම ජීවිතේ ගැටගහගත්තෙ මුදලාලි නිසා..
ගමේ උන් මොනා කීවත් මට මුදලාලිට පි‍ටුපාන්න බැරිවුනා මහත්තයො...
ඉතින් මං බේබිව බාරගත්තා...
මට පුළුවන් විදියට මං බේබිව බලාගත්ත මහත්තයො..
හීනෙකින්වත් නොහිතපු විදියට මහත්තයව ඒදා හම්බුනේ...
එදා මහත්තයා ඉස්පිරිතාලෙන් යද්දි තමයි බේබිව ඔපරේෂන් එකට ගත්තෙ..
මහත්තයට අඳුරගන්න බැරි වුනාට බේබි මහත්තයව අඳුරගත්තා මහත්තයො..ඇතුලට යන්න කලියෙන් බේබි කීවෙ මගෙ නම නෙමෙයි මහත්තයො... 
අනේ අනුහස් කියලයි...
මට සමාවෙන්න මහත්තයො...
මට සමාවෙන්න....

ජීවිතය පුදුමාකාරය.... කෙතරම් ආදරය කලත් අපට හිමි නැති දෑ බොහෝය... ආදරයේ නාමයෙන් අප ආදරය කරනා වුන් කොහේ හෝ සතුටින් සිටිය යුතු යැයි කොතරම් සිතූවද එය එසේ නොවේ....ජීවිතය යනු එයයි.. මා සිරිල් ද කැ‍ටුව ළමා වාට්‍ටුව දෙසට පියනගමි.... මේ කිසිවක් නොදන්නා පුංචි සිඟිත්තිය වීදුරු පෙට්ටිය තුල මා එනතුරු මඟබලා සිටිනු ඇත.


35 comments:

  1. අඩෝ.......පට්ට බන්....
    සුපිරි...

    ReplyDelete
    Replies
    1. හැහ්..උඹ හැමදාම 1st නෙහ්.. එල එල

      Delete
  2. එකම ගුවණක්
    අරා නැග එන
    හිරුට පෙම් බැදි
    සදුගෙ උරුමය
    රැයෙහි වැටෙනා
    පිනි කදුල නම්
    කුමකටද
    මෙලොවට ප්‍රේමයක්


    ලස්සනයි අඳුර.......

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයේ හැටි...
      හ්ම්ම්...ලස්සනයි ඇනෝ..
      බොහොම ස්තුතියි....
      ආයෙත් එන්නකෝ....

      Delete
  3. එල එකක් ... යන්න පුලුවන් තව දුර

    ReplyDelete
    Replies
    1. අදමයි අඳුරෙ දැක්කෙ....බොහෝම ස්තුතියි....
      ඔයාල ඔහොම කියද්දි දුර නොගිහින් බෑනෙ....
      ආයෙත් එන්නකෝ.....

      Delete
  4. It makez ma eyez wet...superb mahesh

    ReplyDelete
  5. සිරා.....සුභ පැතුම් මචෝ.....
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....
      ජය!

      Delete
  6. බොහොම සතුටුයි.. හොද ගලා යාමක් ඇති කතාවක් ඒ වගේම හොද කෝණයක්.. සුභ පැතුම් මහේෂ්.. තව ලියන්න තව ලියන්න. එතකොට හැකියාව වැඩි දියුණු වේවි ජය

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි දේශ ක තුමෝ.... ඔයාගෙ වචන ගොඩාරියක් වටිනවා...
      ලියමු ලියමු...ජය

      Delete
  7. අප්පාහ් තවම ඇස් වල කඳුළු..පට්ටයි

    ReplyDelete
    Replies
    1. අදමයි දිලිනි වත් අඳුරෙ දැක්කෙ..
      අඳුරට සාදරයෙන් පිලිගන්නවා...
      එච්චරට දැනෙන්න ලියවිලා නම් සතු‍ටුයි....
      ආයෙත් එන් ඕනි මෙ පැත්තේ.....

      Delete
  8. ලියපන් #ත්තො ස්ක්‍රිප්ට් එකක් අපි කරමු නාට්ටියක්, (ඇති බන් දැන් ආදරේ උබ ඕක ඇතුලෙ කො‍ටුවෙලා)

    ReplyDelete
    Replies
    1. හැහ් කොරමු කොරමු....ආදරේ නිකන් පරිප්පු වගේ ඕයි... මං පරිප්පු නැතුව කන්නෙ නෑනෙ....

      Delete
  9. මොකද මේ අර්ට් දාන්නෙ, උබල ඉස්සර දැම්මෙ පොටෝ නේද,

    ReplyDelete
    Replies
    1. ඒම තමා අයියා....කාලෙන් කාලෙට වෙනස් වෙන් එපැයි...

      Delete
  10. හරිම ලස්සණයි මහේෂ්...කතාව කියවලා ඉවර වෙනකල්ම දැනුනේ නෑ...

    නවකතාවකටත් හොඳයි කියලා හිතුණා...

    //උත්තරා මගේ ජීවිතයේ කොටසක් නොවේ...
    උත්තරා යනු මගේ ජීවිතයයි...//

    ඇත්ත ආදරේ නම් මෙහෙම තමයි. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් සතු‍ටුයි පොඩ්ඩි අක්කා මේ පැත්තෙ ආවට...
      ස්තුතියි..අදහස් වටිනවා මට ගොඩාක්...
      ආයෙත් එන්නකෝ...

      Delete
  11. වෙනස් විදිහකට දැක්ක ලස්සන කතාවක්.. ඇත්තටම අගෙයි..

    ReplyDelete
    Replies
    1. තෑන්කූ වේවා දිනේෂයෝ.... ජය

      Delete
  12. වැඩ කරනගමන් කොටස් දෙකකට කියවුවේ,, පළවෙනි කොටස හොස්පිටල් ඇඩ්මිට් කරන ටහනිනුයි ඉතුරු ටික දැන් ආයෙම ඇවිත්,, මගේ ඇස් වලට කඳුළු ආවා ඒ තරම් සංයමයෙන් ඔයා ලියලා තියෙනවා.. දිගටම ලියන්න,,

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ....ගොඩාක් වටිනවා ඔහොම දිරිමත් කරන එක...ලියමු ලියමු..
      ජය

      Delete
  13. දාපු දවසෙ උස මැනලා වැඩි නිසා විවේකීව අද තමා කියෙව්වෙ. සංවේදියි... රහයි!

    ReplyDelete
    Replies
    1. මං මේ බැලුව ඒත් මොකද කියලා.....බොහෝම ස්තූතියි මාදවියෝ....

      Delete
  14. ආපු මුල්ම වතාව.. අපූරුයි... ජය වේවා මහේෂ්..

    ReplyDelete
    Replies
    1. ගණ අඳුරට සාදරයෙන් පිළිගන්නවා....
      බොහෝම ස්තූතියි සජ්ජෝ...ජය!
      ආයෙත් එන්නකො අඳුරට.....

      Delete
  15. හරියට හිතට වදින කතාවක්. ඇත්ත කතාවක්ද කියලත් හිතෙනවා. මෙයට සමාන ඇත්ත කතාවක් අහල තියනවා. ටිකක් විතර සමාන.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න තරම් සංවේදීව ලියන්න පුළුවන් වෙච්ච එක ගැන සතු‍ටුයි..
      බොහෝම ස්තුතියි අයියේ....
      ආයෙත් එන්නකෝ....

      Delete
  16. මහේෂ් බොක්කටම වැදුනා මචං... බොක්කටම... මේ බලහං තාම පපුව ගැහෙනවා 'ඩිග්.. ඩිග්..' ගාලා.
    ලස්සනට ලියලා තියෙනවා.. එල කිරි.. දිගටම ලියපං මචං..
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගස්, මේ විදියට දිරිමත් කරනවට...
      සදා ජය!!

      Delete
  17. අයියේ සැහෙන්න හිතට දැනෙන කතාවක් ඔයාට තවත් හොදට ලියන්න මන් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නංගා... ආයෙත් එන්න හොඳේ....

      Delete
  18. ඔන්න අද තමා කතාව හරියට කියෙවුවෙ කදුලු අවා මල්ලි. . . . . . .

    ReplyDelete