විල්පත්තුවට පත්තුවන මේ මොහොතේ සටහනක් තැබිය
යුතුමයි සිතුනි. කියවන විට සිංහල ලේ කැකෑරෙන දේශප්‍රේමීන් සහ වීරවරයන්
පරිස්සමට කියවිය යුතුය. ඔබ මම දන්නා පරිදි පසුගිය වර්ශයේ සිටම විල්පත්තු රක්ෂිතය
පිළිබඳ වරින් වර අවදානය යොමු විය, ඒ රක්ෂිතයට අයත් භූමිය
නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදාගැනීම සම්බන්දවයි.පසුගිය රජය යටතේ ද විවිද
සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් වනාන්තර එලිකිරීම කෙරුනු අතර ඉන් සිදුවුන සහ තවමත්
සිදුවන පාරිසරික හානිය සුළුපටු නොවේ. මින් වඩාත් කතාබහට ලක්වූ
පෝට් සිටි ව්‍යාපෘතියද අතරමඟ නැවැත්වීමට ( හෝ නවත්වන බව පෙන්වීමට) සිදු වූයේ විවිද
පාර්ශවයන් ඒ සම්බන්දව
හඬක් නැගීමට පටන් ගත් නිසා බව නොරහසකි.
දැන්
ඊට නොදෙවෙනි ලෙස විල්පත්තුව සුරකිමු මැයෙන් බුකිය තුල සහ සමාජය තුල කතිකාවතක්
නිර්මාණය වෙමින් පවතී. මෙහිදී සඳහන් කල යුතු කාරනා කිහිපයකි. පළමුවෙන්ම කිවයුතු වන්නේ ලාංකිකයින් ලෙස අප රටේ කුමන හෝ
වනාන්තරයක් කුමන හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් බිලිගන්නේද, එයට විරුද්ද වීමට අප පසුබට නොවිය යුතුය. ඒ පිලිබඳව තර්කයක් නැත. බදියුදීන්
වේවා සක්කරයා වේවා එහි වෙනසක් නොවිය යුතුය.