Thursday, January 15, 2015

නුඹෙ සිත අහිතෙන් සෙනෙහෙ පලක් නෑ....

මම අඬන්නෙ නෑ...
මගෙ ඇස් වලට කඳුළු දීපු ඔයා වෙනුවෙන් අඬන් නෑ තවත්.....
ඔයා වෙනුවෙන් වද වෙන් නෑ තවත්...
මහමෙරක් තරම් මම දැකපු හීන වලට
පයින් ගහපු ඔයා වෙනුවෙන් මේ හිතේ ඉඩක් නෑ දැන්...
ඉස්සර ඔයාව දැකල හීනෙනුත් හිනාවුනු මම
අද හීනෙන් ඉකිගහන්නෙත් ඔයාට පින් සිද්දවෙන්නයි...


කෙල්ලෙක් උනාම ටිකක් විතර නපුරු උනාට කමක් නෑ අයියේ...
එහෙමයි කිව්වෙ ඔයා...
ඒත් වචනෙකින්වත් ඔයාට වැරැද්දක් නොකරපු...
පනටත් වඩා ඔයාට ආදරේ කරපු...
ඔයාගෙ සුදු අයියව දාල අද ඔයා ගොඩක් දුර ගිහින්...
කමක් නෑ....
කොහොමත් මේ හිතට ඔයාගෙ නපුරු හිත
හරියන් නෑ නංගි.... 

ආදරේ කියන්නෙ ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එකට නෙමෙයි...
නොගැලපීම් දාහක් තිබුනත් ඒව ගලපගන්න එකටයි...
ඔයාට නොතේරුනේ අන්න ඒකයි...
මම හැමදාම කලේ ඔයාව සතුටින් තියපු එකයි...
මගේ සතුට වුනේ ඔයාව හිනස්සන එක...
ඒත් අද මම තනියෙම අඬද්දි...
ඔයා කොහොමද හිනාවෙලා ඉන්නෙ....

මේ ආත්මෙදි විතරක් නෙමෙයි ලබන ලබන හැම ආත්මෙකම අපි එකට ඉන් ඕනි...
එහෙමයි ආදරේදි අපි හිතන්නේ....
ඒත්.....
එකට ඉන්න තියා මේ ආත්මෙදි එකට මැරෙන්නවත් අපි පින් කරල නෑ නංගි....
හැම හමුවීමකම අවසානය දුක්බර වෙන්වීමක් කියල
මට ඉගැන්නුවෙ ඔයා....
ඒකට පින් ඔයාට..

ආදරේ කරන්නෙ හැමදාම සතුටින් ඉන්න මිසක් මෙහෙම විඳවන්න නෙමෙයි නංගි....
ඔයා මට කියපු අන්තිම වචන ටික මතකද?
පපුවට පිහියෙන් අනින්නා වගේ දැනුනෙ...
මට තවත් ඔයාට ආදරේ කරන්න බෑ අයියේ......
ඔයා එහෙම කියද්දිත්...
හිඟන්නෙක් වගේ මම ඔයාගෙ ආදරේ ඉල්ලපු හැටි...

කමක් නෑ නංගි...
දිගට ලියනවට වඩා මේ සින්දුව අහන එක හොඳයි...

මට ගොඩාක් සමීපයි කියල හිතුන අහපු පලවෙනි දවසෙම....

නෙතේ කඳුලු නෑ....
සිතේ සුසුම් නෑ....
නුඹේ නපුරු සිත ලැබී පලක් නෑ...

පිපාසයට දිය නැතිනම් කිමදෝ..
ගිමන් නොනිමනා සිහිල පලක්දෝ..
අඳුරුරැයේ නැති පහනක් කිමදෝ..
සිතට සුවක් නැති සිතක් කුමටදෝ....
සිතට සුවක් නැති සිතක් කුමටදෝ....

කතරට සුවඳැති මලින් පලක් නෑ..
දිය බිඳු මිස මිරිඟුවින් පලක් නෑ....
රැයට සඳු මිසක් හිරුගෙන් පල නෑ..
නුඹෙ සිත අහිතෙන් සෙනෙහෙ පලක් නෑ....
නුඹෙ සිත අහිතෙන් සෙනෙහෙ පලක් නෑ....

ගායනය : සචිත්‍ර මධුසංක

පද රචනය හා තනු නිර්මාණය : ලහිරු චතුරංග


4 comments:

  1. //ආදරේ කියන්නෙ ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එකට නෙමෙයි...
    නොගැලපීම් දාහක් තිබුනත් ඒව ගලපගන්න එකටයි...//

    අැත්ත ම අැත්ත මේකයි....... මේ ගීතය යූ ටියුබ් තියෙනවාද??? ලින්ක් ඒක දැම්මානම් අගෙයි

    ReplyDelete
  2. http://www.music.lk/download-nethe-kadulu-nee-sachithra-madusanka-mp3

    ඔන්න දුන්නා.. බාගෙනම අහන්නකො

    ReplyDelete
  3. මාව අඬවපු සින්දුවක්....

    ReplyDelete