Saturday, February 28, 2015

ලයිසන් චන්ඩි | Sri Lanka Police

ලංකාවේ පොලෝසියේ මාමලා ගැන ලියන ප්‍රථම අවස්ථාව මෙයයි...
ඕනෑම රටක ජනතාවගේ මුදලින් වැ‍ටුප් ලබන මහජන ආරක්ෂාව සහ නිතිය හා සාමය පිළිබඳ වගකියන මූලික ආයතනය වන්නේ පොලීසියයි.. පොලීසිය මහජනතාව නියෝජනය කරන අතර මහජන සේවය සඳහා පිහි‍ටුවා ඇති බව පොතේ සඳහන් වේ.. පොත එසේ වුවත් සිරි ලංකාවේ පොලිස් මාමලා අපට පෙරලන පොත නම් භයානක බව පෙනේ... යහපාලනය යටතේ  මත්කුඩු සහ මත්ද්‍රව්‍යය තුරන් කිරීමේ ජාතික වැඩපිලිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී...මේ යටතේ පොලිස් මාමලා රටපුරා හොර අරක්කු තිප්පොලවල් සහ කුඩුකාරයින් සොයමින් මෙහෙයුම් දියත් කරයි..ගමේ කසිප්පු පෙරන ගුණදාසගේ සිට දාහෙ කෑල්ල විකුනන අයියලා දක්වාම බලාත්මක වන මේ මෙහෙයුම් එතනින් එහාට නම් යන පාටක් නැත. මෙහිදි  ගම් මට්ටමින් සැකකරුවන් හඳුනාගන්නා අතර අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ බඩු ළඟ නොතිබීම අපේ මාමලාට ගැටළුවක් නොවේ... ඩයල් අවුල් නම් නැති බඩු ඇතිකිරීම්ට අපේ මාමලා හැබෑ දක්ෂයන් ය.. 

Sunday, February 22, 2015

උඹත් අම්මා කෙනෙකි පින්බර.....



පුපුරු ගහනා මහ පොලොව මත
බලාහිඳිනා රකුසු නෙත් මැද
උකුසු බැල්මෙන් බලයි ඔබ දෙස
වරෙන් එනවද කහවනුවකට???

දු‍ටු විගස නෙතු වශීකරනට
රුව ඔබේ රසඳුනක් විලසට
තනිව හඬනා ‍රැයන් වෙනුවට
‍තෝරගත්තේ යහන් වෙන්නද??

Saturday, February 14, 2015

හැපි වැලන්ටයින්ස් ඩේ...

මේ ආදරවනතයින්ගේ මාසයයි....
ලෝකයේ මෙන්ම බ්ලොග් අවකාශයේද ආදරය ගැන කතා බහ වන කාලයයි...
ආදරවන්තයින් තව තවත් ආදරයෙන් බැඳෙන....
ආදරයෙන් පරාජය වූවන් සුසුම් හෙළන.....
ඇතැමෙක් හෙලා දකින....
අද…..
වැලන්ටයින් දිනයයි….
ඉහත කී කුලක වලින් මා අයත් වන්නේ කුමකටදැයි තීරණය
කිරීම ඔබට බාර කරමි....

Tuesday, February 3, 2015

අත්හරින්නට කලින්...



කිහිප වරක් උත්සාහ කලත් පලක් නැද්ද?
අත්හැරීමට කලින් කියවන්න...
ලෝකය මහා අමුතු තැනකි...
ඔබ දෙයක් කිරීමට ගන්නා උත්සාහයෙන් ලෝකයාට වැඩක් නැත..
ඔවුනට අවශ්‍ය ඔබ එය කිරීම හෝ නොකිරීම පමණි...
කෙසේ හෝ ඔබ එය කලපසු ඔවුන් එය මතක තබාගනීවි..
නමුත් එයත් දින කිහිපයක් පමණි..
නමුත් ඔබ එය අත්හැර දැමුවහොත්...
ඔබ පරාජය වුවහොත්....
එයද ඔවුන් මතක තබාගනීවි...
ජීවිත කාලයටම... 

මොකක්ද මේ ආදරේ.... 18+




"" මචන් මොකක්ද ආදරේ කියන්නෙ..."

"ආදරේ කියන්නෙ මචන් x#කන්න ගහන ප්ලැන් එකක් නෙ"
"වෙන මොනාත් ඔතන නෑ බං..."

"දැන් බලපන්.. උඹ කෙල්ලෙක් දකිනවා....
මොකද වෙන්නෙ.. උඹව ඇවිස්සෙනවා...
උඹට ඒකිව දාගන්න ඕන වෙනවා.....
දැන් ඔතන තියෙන්නෙ ආදරේද???