Friday, March 27, 2015

ඉන්ටනෙට් එකේ ලියන අයද? | Nelum Yaya


හිත හීලෑ නැත්තෙකු සමඟ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සොයා ගිය අතිශය බිහිසුනු ත්‍රාසජනක චාරිකාවේ පසු සටහන....



හම්මේ ඊයෙ කියන්නෙ ජීවිතේ පට්ටම පට්ට දවසක්...
ඔව් ඔව්.. මේ කියන්නෙ ඒක ගැන තමයි...
නෙළුම් යාය ගැන...
මේ මට? සම්මාන.. නෑ ඕයි.. මට මොන සම්මානද?
ගියා ගියා...
ගියා කියන්නෙ ඒක මාරම යෑමක්...
උදේ පාන්දරින්ම ගියා ඔ‍ෆිස් එකට...

ගැහුවා මැනේජර්ට අතේ පැලවෙලා ගෙඩි කන්න පුලුවන්  බොරුවක්..

මිස් මට අද හෙඩ් ඔ‍ෆිස් එකට යන්න ඕනි.. පොඩි වැඩකට...

අපේ මිස් මගෙ ඔලුවෙ ඉඳන් පල්ලෙහාට බැලුවා නිකං පිටසක්වල ජීවියෙක් දිහා බලන විදියට...

ආහ්..කමක් නෑ ගිහින් එන්නකො..



අම්මේ ඉතින් අපේ ඇසිස්ටන් නෝනා රුපියල් දාහක්ම දුන්නා ට්‍රැවලින් කියල...
මාත් ඉතින් අර ඉබ්බා දියට දැම්මාම මොකක්දෝ කියල ටීන් කියල
ඔ‍ෆිස් එකෙන් ආවා....
පාරටත් ආවයි කියමුකො..
දැන් තමයි වැඩේ තියෙන්නේ....
අර හීලෑ නැති එකෙක් ඉන්නවා දන්නවද?
ඔව් ඔව් ඌ තමයි...
ඕකව නැගිට්ටවනව කියන්නෙ ඉතින් තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්නවට වඩා අමාරුයි..

ගත්තා කෝල් එකක්..
හැහ්..රින්ග්ස් යනවා..
හෙලෝ..ඔව් කියපන්...
මුකුත් නෑ ඉතින් දවසම මූසලයි උගෙ ගුඩ් මෝනිග් කියවිල්ල..

නැගිටපන් යකෝ අද නෙළුම් යායට යන් ඕනි..

නෙළුම් මොකට?”

බූරුවෝ... නෙළුම් යාය... බ්ලොග් අවොර්ඩින් සෙරමනි එකට.

ආහ්.. අදද? ආහ්...
සෑහෙන වෙලාවක් ඌව පියවි සිහියකට ගන්න ගේමක් දීල අන්තිමට පැය භාගෙක විතර
සාර්ථක මෙහෙයුමකට පස්සෙ ඌවත් ඇදගෙන වැඩෙට එන්න මේ මට පුලුවන් උනාලු ඔන්න.කෝමද මගෙ වැඩ.. කො ඉතින් කට්ටිය පොඩි අත්පුඩියක් වත් ගහනවකො...

රායිට්... අන්තිමේදි ඔන්න අපි දෙන්නා නගරාන්තර සුපෝපබෝගී කියල ගහල තිබුන බස් එකකට නැගල බෝම අමාරුවෙන් කො‍ටුවට ආවලු..අම්මේ ඉතින් තියෙන සං‍තෝසේ... අව්ව එහෙම නෑලු... කට්ට අවුවෙන් බැටකාපු අපි දෙන්නා බොහොම අමාරුවෙන්
කො‍ටුවෙ පෙට්ටි කඩේට ගිහින් කොකාකෝලා දෙකකටත් වග කියලා ත්‍රී විල් අයියා කෙනෙක් ළඟට කිට්‍ටු කලා...
අයියෙ නාරාහේන්පිටට කීයක් ගන්නවද?  
ගාන කියන්නත් කලින් අර ගොන් වහන්සෙ වාඩි වෙලත් ඉවරයි... කන්න දුන්නට මොලේ දෙන්න බෑනෙ.. බස්සි අක්කගේ ත්‍රීවිල් ගමන් මතක් කරගෙන මාත් ‍ටුක් ‍ටුක් එකට නැග්ගා... ඔන්න ඉතින් කොළඹ වටේ සිරි බල බල අපි දෙන්නත් නෙළුම් යාය හොයාගෙන එනවා.. එනවා කීවට ඔරුවක පාරුවක නෙමෙයි කොළඹ හතේ ත්‍රී වීල් එකක හිටං...

කිරුල පාර කියල කිව්වාට එහෙම පාරක් නෑ..වෙන මොකක්දෝ පාරකින් ත්‍රි විල් අයියා කනේ වැලි ගෑවෙන්න නවල ගත්තා... ගිහින් ඔන්න තැනක නැවැත්තුවා.. හරි එහෙනම්.. අපි දෙන්නත් ත්‍රීවිල් අයියාට ගතමන්ට් එක දීලා ඇතුලට ගියා.. 
මේ අර බ්ලොග්... මට කියන්න හම්බුනේ එච්චරයි..

ආහ් ඔයාල අර ඉන්ටනෙට් එකේ ලියන අය නේද?”

දැන් කී පාරක් කිව්ව්ද? ඒක මෙහෙ නෑ.. ඔයාල යන්න පොල්හේන්ගොඩ පාරට..
එහෙ තියෙන්නේ..
සික්කා කිව්වෙ නිකං ඌ ඒකෙ අයිතිකාරයා වගේ..


දැන් ඉතින් කාපන්කො ටින්කිරි...
ඒ අස්සෙ අපේ උදාරයා මං දිහා බලනවා නිකං කින්ඩියට වගේ...
හැහ්..මම එහෙම සැලෙයිද? දන්න කෙනෙක්ට කියල හිටියෙ බස්සි විතරයි..ඩෑල් කොරා බලන්න..
ම්හ්..හූ..
යකෝ මේකිත් උස්සන් නෑ...
තමුසෙලට කියන්න ඕයි ඒ වෙලාවෙ නම් බයත් හිතුනා...
ඒත් කොහෙදෝ ඉඳල මගෙ ටිකිරි මොලේට ආව අයිඩියා එකක්...
ඉතින් අපි ළඟම තිබ්බ ත්‍රීවිල් පාක් එකකට ගිහින් එතන ඉන්න අහිංසකම මූන තියෙන අයියව තේරුවා..තෝරලා ඉතින් වැඳලා වගේ අපිට වෙච්ච සන්තෑසිය ඒ අයියට කීවා..
ආහ් යමු මල්ලි නගින්න... අම්මේ ඉතින් දෙයියො බැලුව වගේ මිනිහා රු100 වගේ පොඩි ගානකට අපිව අදාල තැනට ගිහින් දාන්න පොරොන්දු වුනා...

මෙන්න මේ අයියා අපිව එක්කන් යනවා ජනමාධ්‍ය අමාත්‍යන්ශෙට...
හුටා...මට පේන්නෙ මේ අයියා CID එකෙන්ද කොහෙද..
ඒත් යකෝ මං දේශපාලනේ ගැන ලිව්වෙ නෑනෙ...
කෑවත් බෙදාගෙන කන්න මූත් ළඟ ඉන්න නිසා මාත් ඔහේ හිටියා..
ඔන්න ත්‍රීවිල් එක නැවතුනා..
අපිත් ඉතින් බැහැල වටපිට බැලුවා..
ඔන්න ඉතින් අපේ ඉස්සරහ තියෙනවා අදාල තැන..
අපි මේ බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ...
දකුනු කකුල ඉස්සර කොරල අපි ඇතුලට ගියා...

ඉස්සරහම කවුන්ටරයක් ළඟ ලස්සන අක්කලා ගොඩායි...
අපි ගියා එතෙන්ට..

ආහ් සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න...

අපි මොනාත් කියන්නත් කලින් ඔන්න අයියා කෙනෙක් කීවා...
යකෝ අපි ඉන්ටනෙට් එකේ ලියන උන් කියල මේ කොළඹ හැමෝම
දන්නවනේ....
අපි දෙන්නත් ඉතින් වැනි වැනි උඩට නැග්ග...
කට්ටිය නම් ගොඩායි...
ඒත්..
ඒත්..
අනේ..අම්මේ....තාත්තේ....
අඬන්න තරම් දුකයි ඕයි...
ඇයි අහන්නෙ...
අපි දන්න කවුරුවත් නෑනෙ මෙතන...

අනේ ඉතින් ළඟ තිබ්බ පු‍ටුවක වාඩි වෙලා ගත්තා බස්සිට කෝල් එකක්..
මෙන්න මේ වෙලාවට තමයි පෝන් පොලොවෙ ගහන්න හිතෙන්නෙ..
නෝ ආන්ස්වර්..ගත්තා බස්සට...
අපරාදෙ කියන්න බෑ බස්සිටම හරියන බස්සා..
අපිත් ඉතින් වටේ පිටේ ඉන්න අය දිහා හොරෙන් බල බල හිටියා...

ටික වෙලාවකින් ඔන්න ඉතින් අපේ බස්සි ආවා..

බස්සිගෙ තනියට දිලා අක්ක එහෙමත් හිටියා...
දැන් ඉතින් ටිකක් ඔලුව උස්සල හිටියෑකි..
ඒ එක්ක ආවනෙ තව ඩෑල් එකක්...
දන්නවද කවුද කියලා...
කිව්වට විශ්වාස කරන් නෑ ඕයි...
කවුද?
අර මාලෙ ගෙලේ චේ පපුවේ...
ඔව්..ඉවාන් අයියා තමයි...
මොකක්ද? මාලෙ ද?
පිස්සු කතා කරනවා?
මාත් හිතන් හිටියෙ එහෙම තමයි...
මාල ටැටූ මොනාත් නෑ..
ෆුල් ජෙනුයින් ඩෑල් එක..ඔව්..


ඔන්න ඉතින් ටිකින් ටික අපි දෙන්නත් ඉන්නකොට
බ්ලොග් ලෝකෙ අයියලා එනවා...
සුධීක අයියා , එතකොට අපේ අටං අයියා...
මනෝ අයියා , සජ්ජා..
අම්මේ ඉතින් මට අමතක වුනානේ අපේ කලාහිත කරන සුමිත් අයියාව...එයත් හිටියා
තව ඉතින් අපේ ඇනෝපිලිස් අයියත් හම්බුනා..
ඇයි අපේ ක‍ටුස්සා..
ඔව් ඔව්.. ක‍ටුස්සා ඇඟේ හැටියටම නම දාගෙන තියෙන්නෙ..
මං නම් කියන්නෙ මිනිහ කනවා මදි...
බස්සිගෙ තනියට දිලා අක්ක එහෙමත් හිටියා...

මම බ්ලොග් ලියන්න ඉගෙනගත්තු මාතලන් සෑරුත් ඇවිත් හිටියා...

පැයක් විතර ඉඳල එන්න හිතාගෙන ගියත් එන්න හිතදුන් නැත්තෙ ඇයි කියන එක තාමත් හිතාගන්න බෑ...කෝම හරි වැඩේ ඉවරවෙනකම්ම ඉඳල එන්න බලද්දි හොඳටෝම වහිනවා... කිරුලපනට වෙනකම් එන්න ඉවාන් අයියා ට්‍රාන්ස්පෝට් දුන්න නිසා හොඳට ගියා...වහිනවා කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෑ...කිරුලපන හන්දිය යට වෙලා අඩියක් විතර වතුර...අමාරුවෙන් අයිනකට කාර් එක නවත්තලා බහින්න හදද්දි වතුර...ඉතින් මං වතුරෙන් එහාට පනිනවා කියල හිතාගෙන හීනියට ජම්ප් එකක් දැම්මා..
අහෝ ඛේදයකි!ඉරකි තිතකි!
මුළු කිරුලපන ටවුන් එකක් බලන් ඉද්දි ජබෝස් ගාල සද්දයක් එක්ක අහිංසක මං තුමා වතුර ගොඩේ දොයි...අපරාදෙ කියන්න බෑ මිනිස්සු මං දිහා පුදුම අසරණ විදියට බලන් හිටියා..අනේ ඉතින් මාත් මොනාත් නොවිච්ච ගානට ළඟ තිබ්බ කඩේ ළඟට ගියා...



අඩියක් උඩට තිබ්බ වතුර මැදින් ආපු 138 නැවක එල්ලිලා අපි කො‍ටුවට ආවා..එද්දි කො‍ටුව යටවෙලා තිබ්බෙ මෙන්න මෙහෙම...

මොන දේ වුනත් කවදාවත් අමතක වෙන් නැති දිනයක් වුනා...

ජීවිතේ කවදාකවත් හැබැහින් දැකල කතා කොරල තිබුන් නැති මේ අපූරු චරිත මෙහම මුනගස්සපු එකට නෙළුම් යායෙ හැමෝටම ස්තුතියි කරන්නයි අද මෙහෙම ලීවේ.. ඇත්තටම මීට මාස දෙකකට කලින් බොහොම පුංචියට බොගක් අටෝගත්තු මට මෙහෙම බ්ලොග් ලෝකෙ අයියල අක්කලා අඳුරගන්න ලැබීම ඇත්තටම වාසනාවක්...ඉතින් මේ අද කලා වගේම ඉදිරියේදිත් බ්ලොග් ලියන කියවන අපි හැමෝටම ශක්තියක් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...සදා ජය!!!

54 comments:

  1. තොරණේ විස්තරය රස වින්දා!
    ඊලඟ පාර ඔබේ "ඉන්ටර්නෙට් එකේ ලිවීමත්" අගැයීමකට ලක්වේවා යි පතමි.

    ReplyDelete
    Replies
    1. මාරම දවසක්...ලියන්න තියෙන ආසාව තවත් වැඩි වුනා.. බොහෝම ස්තුතියි..ජය
      ආයෙත් එන්න.

      Delete
  2. මේ අහන්න අවසර අර ශ්‍රීනාත් කියන @කේ අපිට අරින එකාත් ආවද ඔය උත්සවයට
    මේ අර අප්පච්චි ගමේ අලි සන් විදායක මාමන්ඩි පළාතේ අතේ බබා මන්තිරි
    තව ලොකු මොක්කුද අතේ ලගින් ඇසුරු කරන එකා මැද මාවතේ කියලා බොරු බයිලා කියන කෙනා මෙයා

    ReplyDelete
    Replies
    1. නෑ බන් ඌ ආවෙ නෑ. උබ නම් ආවත් හැංගිලා ඉන්න එකානෙ කොන්ද පන නැතුව. පව් අප්පා මේ ඇනෝ මැක්කා.........

      Delete
    2. ම්ම්හ්.... ඇනෝ ටත් එන්න තිබුනේ..

      Delete
  3. නිදාගත්තේ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් සජ්ජෝ නින්ද යන් නෑ.. මට ඕකට යනකම් පුදුම උනක් තිබ්බෙ.. ඉතින් ආපු ගමන් කරපු එකම වැඩේ මේක ලියපු එක...ඔයාලව හම්බෙලා කතා කරන්න ලැබිච්ච එක නම් මාරම වටිනවා...

      Delete
  4. මාතලන් නම් සෑර් කෙනෙක් නෙමෙයි.. ඇජිත් පැරකුම් නම් ඉන්ගිරිසි සෑර් කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. අපි තාම බ්ලොග් ලෝකෙ පොඩි ළමයිනෙ... ඉතින් එහෙම බැලුවම මාතලන් කියන්නෙ සර් කෙනෙක්..එහෙම කීවට වැ‍රැද්ද්ක් නෑනෙ?

      Delete
  5. හිරිකිත හිතෙන විදිහට ලියලා තියෙනවා. එළ!
    එතන වුණු රසවත් දේවල් ටිහකුත් ලීවානම්නොවැ තවත් වටින්නේ.

    ReplyDelete
    Replies
    1. මං හෙන ජෙනුයින් ඩයල් එකක් කිව්වා කියලා මූට ඉරිසියා හිතිලා ..හූ ..

      Delete
    2. උඹ මලේ නැද්ද? අපි මේ දානෙත් දෙන්න රෙඩි උනේ.

      Delete
    3. මධූ : බෝම ස්තුතියි.. මං මඟ බලන් හිටියේ උඹවත් හම්බෙන්න.. කොහෙද ඉතින්

      ඉවාන් : ට්‍රාන්ස්පෝට් එකට නම් තෑන්ක්ස් හොඳේ..

      Delete
  6. උඹ තාම වතුරේද? පුල් ජෙනුයින් ඩයල් එකක් කියලා කිව්වා නිසා , මොනවත් කියන්නත් බෑ, ශික් උඹට සැලකුවා මදි බොලේ.

    ReplyDelete
    Replies
    1. බුහහ් හහ් හා...............
      ජෙනුයින්
      පංචිකාවත්තෙද දන්නෑ හිහි

      Delete
    2. මාලෙ නං ගෙලේ තිබ්බ. චේ පපුවෙද බලන්ඩ ඉතිං ටී ෂර්ට් එක ගලවන්න එපැයි.. උඹල ඔක්කොම ජෙනුයින් බුවාලා තමයි. සහෘදයෝ විදියට පිළිගත්තා එක අමතක වෙන්නෙ නෑ. සිරාවටම.

      Delete
    3. ඉවාන් අයියෙ ඔයා කියන්නෙ මට කිරුලපන හන්දිය හාරගෙන වැලලෙන්න හිතුනා..

      අන්න සජ්ජො වැදගත්ම කතාව..ජීවිතේටවත් දැකල තිබුන් නැති වුනත් පුදුම ‍ෆිට් එකක් ගොඩනැගුනෙ...ඒක මාරම වටිනවා..

      Delete
    4. අඩේ ඉවාන් අයියෙ කාර් එක යහතින් තියෙනවා නේද. ඊයේ වලකටද කොහෙද වැටුන වැටිල්ලක් දුකේ බෑ. තැන්කියු හොඳේ ලිෆ්ට් එකට.

      Delete
  7. එළටම ලියල තියෙනව තෝලියල තියෙන ඒව එක්ක බලපුවාම
    ආවෙ නැති එක ගැන අවුලක් තියේ
    ඒත්
    නාපු එක ගැනත් අවුලක් නෑ නැත්තං ඤාව් වෙන්න නාගන්න තිබ්බ හිහි

    ReplyDelete
    Replies
    1. වැස්ස නම් තමයි මදි නොකියන්න..
      ඒත් කට්ටිය සෙට් වෙච්ච හැටි ගැන හිතද්දි වැස්ස ගානක් නෑ..
      බෝම ස්තුතියි...

      Delete
  8. අඩ්ඩඩ්ඩා... වැඩේ ලස්සනට තියෙන්න ඇති.. වැස්සට හරි උඹල තෙමෙන එක ලොකු දෙයක්.. නාන එකක් යැ.. හික්ස්...
    (එලට ලියල තියනව හොඳේ )

    ReplyDelete
    Replies
    1. අම්මේ..මං ඉතින් තොට කියන් නෑ...
      මායි උදාරයයි කතා වුනා උඹ ගැන, ඇයි නාවෙ කියල..
      රෑ නිදි මතේ බං ලීවෙ..තැන්කූ තැන්කූ

      Delete
  9. මල්ලි වැටෙද්දි කඩ පිලේ ඉන්න අය ඇහුවෙ මේ පොඩි එකා බීලද බන් අර ඇද ගෙන වැටුනෙ කියලයි.....අපොයි වෙච්ච දෙයක් නේද ?

    ReplyDelete
    Replies
    1. නෑනෙ...ඇත්තට වෙනී අයියෙ එහෙමත් ඇහුවද... අපෝයි මගෙ මෙව්ව එකෙ කෙලෙසිලා නේ බලාගෙන යද්දි...

      Delete
  10. බුකියෙ උඹව දැකල තිබුනත් ඩයල් එක මතක තිබුණේ නෑනෙ මල්ලි.. එතකොට මට උඹව ඊයෙ හම්බ උනේ නැද්ද? මට නිකන් යන්තන් වගෙ මතකයි 'මම ඝන අඳුරු' ලියන්නේ කියල අඳුරු ඩෑල් එකක් අතට අත දුන්න වගේ.. ගනාදුරක් මං කලින් දකල තිබුණෙ නෑ බන්.. මේ අදමයි ආවේ.. මහේශ් ශර්මින් කියල කිව්වනම් බදාගෙන උම්ම එකක් දෙනවනේ.. මොකද උඹ කලින්ම මාව බුක් කරානේ කොමෙන්ට් එකක මතකද.. එළ එළ කොහොම උනත් ඊලඟ දවසෙ හම්බෙමු..

    අහ්! උඹේ අඳුර මරු නෙ.. මෙන්න එල්ල ගන්නව රෝලෙ ආයි මිස් නොවෙන්නම.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අඩේ රෑ නිදි මර ගාතෙ ලියද්දි ඔයාව ලියන්න අමතක වෙලානේ...
      ඔන්න මං දැම්මා..අනේ සමාවෙන්නෙ හොඳේ..
      බුකියෙ චැට් කලාට ඇත්තටම හම්බෙච්ච එක මරු...
      ඉතින් අනේ අපි කට්ටියම දවසක් වෙලාවක් එහෙම දාගෙන නිදහසේ හම්බෙමුකො ඇහ්..

      බෝම ස්තුතියි..ආයෙත් එන්නකෝ...

      Delete
  11. හප්පේ තොරණේ විස්තරේ දීල තියෙන්නෙ මදි නොකියන්න. ඔය පාර හොයාගන්න බැරිව මමත් අම්මා එක්කල පට්ට කට්ටක් කෑවා. ඒ වගේම හලිම තෝයි වැස්ස. මම වැස්සට ආස නිසා මට උන්හිටි තැන් අමතක වෙන නිසා අපේ අම්ම එහෙම හොඳට ඇහැ ගහගෙන උන්නේ මං තුමී දිහාවට. හිකිස් .

    ReplyDelete
    Replies
    1. අපි මුණගැසීම සතුටක් . දිගටම ලියමු මල්ලි.

      Delete
    2. ඔයා ලියන එව්ව කියවලා මුනගැහෙන්න ආසාවෙන් හිටියෙ..
      ඔයත් එක්ක කතා කරන්න බැරි වුනාට නම් සොරි... හිහි
      අම්මේ මට නම් පුදුම සං‍තෝසයක් දැනුනෙ මඩ වලේ දොයි වුන වෙලාවෙ.
      ආයෙත් එන්න..

      Delete
  12. මදි මදි හොදටෝම මදි. අර පුල් ජැනුයින් පොරගේ ඇදුම අස්සේ තමා නන්ජෙනුයින් බුවා හැංගිලා ඉන්නේ. උඹල කෝම ඒවා තේරුං ගන්නද මිනිහා නිකං බෝධිසත්තවයා වගේ නේ කතා කරන්නේ.. අම්මප මෙහෙමත් ගෙම්බෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. ආහ් දේශක තුමා...
      අපිට පාරත් කියල ඔබතුමා මොකද නාවෙ?
      හැහ්..හි‍ටු මං ඉවානයට කියන්නම්..

      Delete
  13. ශික්! මේ මල මඟුල් විබාග තිබ්බේ නැත්නම් මමත් ඔතනනේ ඊයේ!

    ReplyDelete
    Replies
    1. නාඬියා අදමයි නේද අඳුරට ආවේ...
      සාදරයෙන් පිලිගන්නවා ඔන්න...
      අපරාදෙ..නැත්නම් අපිට සෙට් වෙන්න තිබුනා..
      කමක් නෑ..අවුරුදු උත්සවේදි හම්බෙමු.. ජය!

      Delete
  14. යන්තම් අදහසක් හිතට වැදුනා.. බොහොම ස්තුතියි.
    ඔන්න අද තමයි මාත් ආවෙ පළවෙනි පාරට.

    ReplyDelete
    Replies
    1. සං‍තෝසයි සං‍තෝසයි...
      සාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට...
      ආයෙත් එන්නකෝ.. ජය!!

      Delete
  15. හමුවීම සතුටක් මල්ලි.
    අපි ආයෙමත් දවසක හමුවෙමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අනිවා!! ආයෙත් හම්බෙමු අයියේ....

      Delete
  16. මේ ලියවිල්ල පට්ටයි මල්ලි. උදේ කමෙන්ටක් දැම්මා ඒක ගූගලයා ගිලල වගේ. ඔයාල ආපු එක ගොඩක් වටිනවා.

    ටෝ මං ෆෝන් ආන්සර් නොකලට බැන්න නිසා තමා මඩේ වැටුනෙ. අනේ සාදු!

    අලුතින්ම බ්ලොග් ලියන ඔයාලගෙ මේ උනන්දුව තමයි සම්මාන උළෙලත් එක්ක මං දැක්ක වැදගත්ම දේ! ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බෝම ත්තුතියි... මං බැලුව මොකද ඒත් පරක්කු කියලා..
      හපෝයි...වැටිච්ච හැටි දැක්ක නම් ඔහොම කියන් නෑ.. විලිලැජ්ජාවේ සන්‍තෝසෙ බෑ..
      ජය වේවා!!!

      Delete
  17. කොල්ල පරිස්සමෙන් ගෙවල් බලා ගියා නේද. අෆ්ෆේ ඉතින් කිරුළපනදී වෙච්ච වැඩේ නම් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරි සීන් එකක් කියල එවෙලේ උඹේ මුනෙන්ම පෙනුනා :P. කොහොම හරි උඹල හම්බවෙලා කතා කරන්න ලැබීම සතුටක්. ඒ වගේම ඉතිං කොටුවට ගිහිං බස් එකකට නගිනකන් වෙච්ච සිද්දි ටිකත් හෙන ඉන්ටරෙස්ටින් :D. දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්මේ ඉතින් ඒ සිද්දිය ගැන නම් මොකට කියනවද?
      අපි මේ විදියට හරි මුනගැහුනු එක මාරම වටිනවා...
      ජය..දිගටම ලියමු...
      ආයෙත් එන්න...

      Delete
  18. දුකයි අප්පා එන්න බැරි වුණාට

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්හ්හ්...දුකයි නම් තමයි..
      කමක් නෑ ඔමා අක්කෙ ආපු දවසක සෙට් වෙමුකො...
      ජය!!!

      Delete
  19. කෝ බන් ආහාර පාන මුකුත් තිබ්බේ නැද්ද?
    එහෙනම් ආවේ නැති එකමයි හොද.....
    දුප්පත්කමට බඩගිනි වුනා නම් එහෙම..??

    ReplyDelete
    Replies
    1. රූපෙ මං නම් කියන්නෙ උඹ බඳිනකොට හොඳට හොයල බලල බේකරියක අයිතිකාරයෙක්ගෙ දුවෙක්ව බැඳපන්..බඩජාරියා!!!

      Delete
    2. මේ ඔන්න මං දැන්මම කීවා..අවුරුදු උත්සවේට යන්න නම් නිවාඩු දාපන්..

      Delete
  20. ඔන්න මමත් ඉස්ඉස්සෙලම මෙහාට ගොඩ වැදුනා...
    ඒ කියන්නේ මම කතා ඉවරවෙලා තියෙයි කියල පරක්කු වෙලා එන්නේ නැතුව හරි වෙලාවටම ආවනම් උඹල එක්ක කතාබහ කරලා අඳුනගෙන එහෙම කතාබහ සහ පොලිටිකි සීන් යද්දී මාරුවෙලා එන්න තිබ්බා...

    ඒ කිට්ටුව ජිවත් වෙන මටත් ඒ තැන හොයාගන්න හෙන ගේමක් දෙන්න වෙච්ච එකේ උඹලට තැන හොයා ගන්න අමාරු වෙච්ච එක අහන්න දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ.. හරි හරි ගිය දේ ගියා කියමුකො.. අපි ඉතින් සෙට් වෙමුකො අවුරුදු උත්සවේදි...තැන හොයන්න ගිහින් නම් වස කට්ටක් කෑවෙ අප්පා...

      Delete
  21. මම උබට සුබ පතනවා, උබ ඕක ලියන වෙලවේ හිටියට වඩා උබ දන් සතුටින් ඇතිනේ. මම දැක්කා කොමෙන්ට් ගොඩ...
    උබට පිං මාවත් අරන් ගියාට

    ReplyDelete
  22. ස්තුතියි මල්ලි. ගමන් විස්තරයට.

    ReplyDelete
  23. ස්තුතියි මල්ලි. ගමන් විස්තරයට.

    ReplyDelete
  24. පට්ට . . . . . . . ඔය හිත හීලෑ නෑති එකාගෙ හිත විතරද හීලෑ නෑත්තෙ. . . . . . . ??

    ReplyDelete
  25. මේක කියවාගෙන යද්දී මාර තරහ මෙව්ව එකක් ආවෙ ඇයි බොලේ මේ අත ලඟ තිබ්බ උලව්ව මම දන්නෙ නෑ කිව්වාම ඒම වෙන එක සාධාරණයි නේ ආයුබෝං......... විනාඩි 2කේ දුර්ස් සික් අෆ්ෆා

    ReplyDelete