Saturday, January 17, 2015

ඔයා පවු නංගි.....

ඔව්...
අදටත් මම පසුතැවෙනවා...
ඔයා ගැන නෙමෙයි...
මං ගැන...
නොකරපු වැරදි වලටත් ඔයාගෙන් සමාව ඉල්ලුවට...
හැම වෙලේම ඔයාව හිනස්සවන්න හැදුවට...
පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කලාට....
කරදරයක් වෙන තරමටම හොයල බැලුවට...
මම පසුතැවෙනවා....
විතරක් නෙමෙයි මම වෛර කරනවා..
ඔයාට නෙමෙයි...


ඔයාව මට මුනගස්සවපු මගෙ මගෙ දෛවයට...
හැබැයි ඔයාව මට මුනගැස්සුවට නෙමෙයි...
ඔයාව මට විශේෂ කෙනෙක් කලාට....
මම දුක් වෙනවා....
ඔයා මාව දාල ගියාට නෙමෙයි...
මම ඔයාව විශ්වාස කලාට....
මේ හැම දේකටමත් වඩා....
මට තරහයි...
ඔයත් එක්ක නෙමෙයි...
වෛර කරන් ඕනි උනත් තාමත් ඔයාට ආදරේ කරන මගෙ හිතත් එක්ක...
නිසාම මම අනුකම්පා කරනවා...
ඔයාට නෙමෙයි...
මගෙ හිතට...
මට නැති වුනේ මට ආදරේ නැති හිතක්...
ඒත් ඔයාට.....
ඔයාට නැති වුනේ ගොඩාක් ආදරේ කරන හිතක්..
ඒකයි තාමත් ඔයාට වෛර කරන තැනට හිත හදාගන්න බැරි....
එහෙම බැලුවම

ඔයා පවු නංගි.....

7 comments:

  1. එතෙන්ම පව් තමා...
    එල....

    ReplyDelete
  2. බොහොම ස්තුතියි....

    ReplyDelete
  3. //මට නැති වුනේ මට ආදරේ නැති හිතක්..
    ඒත් ඔයාට.....
    ඔයාට නැති වුනේ ගොඩාක් ආදරේ කරන හිතක්..//

    අමුතුම විදිහේ සිතුවිල්ලක්.......... මේකත් ඒක කෝණයකින් බැලුවා ම හරි නොවැ............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... මිනිස්සු අපි හැමෝම හිත හදාගන්න හිත රවට්ටගන්න
      ගොඩක් ජාති කියනවා...ඒත් හිත යටින් විඳවන බව පිලිගන්න කැමති නෑ...

      Delete
  4. කියන්න වචන නෑ.. හුරුපුරුදු කතාවක් එහෙම් පිටින්ම අකුරු කරලා වගේ දැනුනේ.. නියමයි..

    ReplyDelete
  5. ඔව් ඒක ඇත්ත :(

    ReplyDelete