Tuesday, January 13, 2015

ඔන්න නංගි ඒකත් හරි


 හැමදාම මගෙ ළඟටම වෙලා ඉන්නවද?
මම අහද්දි
ඔහොම බොලඳ වෙන් එපා අයියෙ...
ඔයා එහෙමයි කිව්වෙ...
කොල්ලෙක් වෙච්ච මම එදා දුක් වුනේ
ඔයා කියපු කතාවටම නෙමෙයි
ඔයා ඉස්සරහ එහෙම බොළඳ කතා කියන්න
තරම් මම වැටුන නිසයි...
කාලයත් එක්ක අද ඔයා මාව දාල ගිහින්...
මේ කියන්නෙ ආයෙ මගෙ ලඟට එන්න කියල නෙමෙයි....
ඔයා හරි නංගි...
මගෙ බොළඳ කම කඳුලුත් එක්කම දිය වෙලා ගිහින්...
දැන් මම බොළඳ නෑ ඔන්න...
දාල යන්න විතරක් නෙමෙයි...
දැක්කම නොදැක්ක ගානට ඉන්නත් ඔයාට පුළුවන් උන නිසා….
මම බොළඳ නෑ දැන්...
ආදරේ කියන්නෙ බොළඳ හැගීමක් කියල කවුදෝ කියනව මං අහගෙන..
ඉතින් මං බොළඳ නෑනෙ...
ඉතින් මං ආදරෙත් නෑ ඔන්න...
ඔන්න නංගි ඒකත් හරි එහෙනම්....


2 comments:

  1. සිරා කතාව...පට්ට මචං!!

    ReplyDelete
  2. වැටුන වෙලාවට අපි හැමොම බොලද වෙනවා...ලිදේ වැටුන මිනිහා ලිං කටින්ම ගොඩ වෙන්න ඕන කියනවනේ..

    ReplyDelete