ඔෆීසියක ලොකු
මහත්තයෙකි ඔහු
සප්පායම් වී
හොඳට..
රෑ බෝ වෙන්නට
ලං වුනු හින්දම
ටවුමට ආවේ
යසට..
ලෝකෙම දැන්
නම් කැරකෙන ගානයි
තවත් යන්න බෑ
දුරට...
සිතමින් වැනි
වැනි සිටිනා විට මූ
දැක්කා ටුක් ටුක් රථය...
බැරි බැරි
ගාතෙන් සිග් සැග් විලසින්
ගියාම ටුක්
එක ළඟට..
කවුරුවත්ම නෑ
ළඟපාතකවත්...
රිංගුව ටුක්
එක තුලට...
මූ දන්නෙම නෑ
වෙලාව යනවා...
වැටුනා සුව
නින්දකට...
ටුක් ටුක්
රථයේ හිමිකරු එනවා
බඩු මලු
දෙකකුත් එක්ක...
කවුද බොලේ මේ
රථයේ ඉන්නේ...
ආවා ටුක් එක
ළඟට....
ඩෑල් එකක්
නිදි ටුක් එක ඇතුලේ..
ඹමන ගඳත් එයි
හොඳට...
අන්කල් අන්කල්
ඌ මොරදුන්නත්
සුවසේ නිදි මූ
මෙන්න...
හයර් එකක්වත්
යාගන්නට බෑ...
මිතුරන්
වටවිනි ඔන්න...
දන්න දහන් ගැට
මොනවා දැම්මත්..
ඇහෙරෙන් නැති
වූ විටෙක...
මෙතනට ආවා
අපූරු මිතුරෙක්...
කීවා ඔහු මේ
ලෙසට...
බැහැපිය පරයෝ ටුක්
එක ඇතුලෙන්...
ආසද කූඩුවෙ
ඉන්ට...
පීසී ගේනව
ජීප් එකක් දැන්...
මූ කුදලාගෙන
යන්ට...
අනේ මහත්තයො
අද පඩි දවසයි...
චුට්ටක්
බිව්වට මොකද...
ඔන්න මං ගියා
මොටද පොලීසිය
මහත්තයල දැන්
යන්ට...
පස්ස නොබලමින්
වැනි වැනි යයි වූ
වෙරි මත
හිඳිලද කොහෙද...
හිකි හිකි හඬ
දී මිතුරන් හිනහැයි
උපාය ජයගයි
මිතුර...
සිරාවටම හොදයි කොල්ලෝ, දිගටම ලියපන්. උබට ලස්සනට දකින්න වගේම ලියන්ඩ පුලුවන් මචෝ..............good..........
ReplyDeleteකවි ලියවිල්ලෙ නම් තාම බාලංශ පංතියෙ බං....ස්තුතියි වචනෙට..එල
Deleteඅලුත් උත්සායක් වගේ..... උත්සහාය අගය කරනවා.... දිගට ම ලියමු... අඩුපාඩු හදාගමු............
ReplyDeleteඔයාල හින්දනෙ ලියන්නේ... ඉස්සෙල්ලත් කවියක් ලිව්වා.. අඩුපාඩු නම් ගොඩාක් ඇති බලලම කියන්නකො..කුරුටුල ඒක කියවල තිබුනෙ නැද්ද කොහෙද.. හැමදාම වගේ ගොඩක් ස්තුතියි...
Deleteමෙන්න ඒ කවිය
අඩෝ නියමයි...පට්ට
ReplyDeleteඑල...කවි ලියන්න ඉගෙනගන්නව බං තාම...
Deleteබිවුවට පස්සේ ඉතින් ඔයිට වඩා දෙයක් කලත් ඔහොමම තමයි.. නියමයි සහෝ කවිකතාව...
ReplyDeleteතැන්කූ වේවා දිනේෂ්....
Deleteකලින් එක හැඟීම්බරයි. මේක උපහාසාත්මකයි. ඔය තියෙන්නේ හැකියාව! ජයවේවා... ඉදිරියටම යන්න.
ReplyDelete(මගේ එව්වා වගේ ශීලාචාර නෑ අප්පා... :P)
මේ වගේ දිරිගැන්වීම් නිසා තමයි මාධවී මෙහෙම ලියන්නේ.. ගොඩක් වටිනවා...
Deleteබොහොම ස්තුතියි..
හැහ්... අපෝ ඔව් ඒ තරම් නම් ශීලාචාර නෑ... මොකටද ඉතින් මගෙ කට..
ලස්සනයි අදුර
ReplyDeleteසාප නොකරන් මිනිසුනේ
ගණදුරට
සඳ පැමින ගියදාට
මා නොවෙයි පැමිනියේ
සඳයි නුඹ හැර ගියේ
විඩාවට සිසිලක්ව
නෙතු අතර ඇදුනාට
සිහිනයක් නපුරු වී
ඒ නෙත් හැඩවූවාට
සාප නොකරන්
නිදි ලොවක සිසිලදුන්
ගණදුරට
ගණ අදුරට ජය
සබරේ ඇනෝ
අදමයි ඇනෝ මේ පැත්තෙ ආවෙ නේද... බොහොම ස්තුතියි....
Deleteආයෙත් එන්න...ජය
වැඩේ හොදයි. කව්ද දැං වමනේ පාර හෝදගන්නේ.. හැක්... බීලා පාට් දාන උන්ට නෙලන එක තමා මගේ තියරිය. පාඩුවේ ඉන්නවනං අවුලක් නෑ
ReplyDeleteඅපි නම් ඉතින් බීවට සද්ද නෑළු....
Deleteතැන්කූ තැන්කූ
උබටම උනු එකක්ද බන්
ReplyDeleteහැහ්.. නෑ බං මගෙ යාළුවෙක් ඉන්නවා උදාර කියල.. ඌට උනේ...
Deleteඋඹ දන්නවද ඌව.... වාසගම නම් මතක නෑ...
අඩෝ එන්න බැරි වුනාට පස්ට කයියෙක්නේ උඹ තුමා ... මදාවියාව ආශ්රය කරන්නේ නැතුව හොඳට හැදියන් .. ජයෙන් ජයම වේවා
ReplyDeleteප්රීතී ප්රීතී ප්රීතී... ඉවාන් අයියා ඇවිල්ලා...
Deleteබෝම ස්තුතියි...ආයෙ එන් ඕනි හිටන්...
මාදවී කියන්නෙ බොහෝම හරවත් කවි ලියන එකියක්නෙ...
හැහ් හිටපිය මං මදාවියට කියන්න.....
මල්ලි උබ නම් කාලකන්නියෙක්. . . . . . . . . ලස්සනයි බන් සුප්පා . . . . .
ReplyDelete