Thursday, March 5, 2015

නටත් අයෙක් සුරා මතින් | A drunker




ඔෆීසියක ලොකු මහත්තයෙකි ඔහු
සප්පායම් වී හොඳට..
රෑ බෝ වෙන්නට ලං වුනු හින්දම
ටවුමට ආවේ යසට..

ලෝකෙම දැන් නම් කැරකෙන ගානයි
තවත් යන්න බෑ දුරට...
සිතමින් වැනි වැනි සිටිනා විට මූ
දැක්කා  ‍ටුක් ‍ටුක් රථය...


බැරි බැරි ගාතෙන් සිග් සැග් විලසින්
ගියාම ‍ටුක් එක ළඟට..
කවුරුවත්ම නෑ ළඟපාතකවත්...
රිංගුව ‍ටුක් එක තුලට...

මූ දන්නෙම නෑ වෙලාව යනවා...
වැ‍ටුනා සුව නින්දකට...
‍ටුක් ‍ටුක් රථයේ හිමිකරු එනවා
බඩු මලු දෙකකුත් එක්ක...

කවුද බොලේ මේ රථයේ ඉන්නේ...
ආවා ‍ටුක් එක ළඟට....
ඩෑල් එකක් නිදි ‍ටුක් එක ඇතුලේ..
ඹමන ගඳත් එයි හොඳට...

අන්කල් අන්කල් ඌ මොරදුන්නත්
සුවසේ නිදි මූ මෙන්න...
හයර් එකක්වත් යාගන්නට බෑ...
මිතුරන් වටවිනි ඔන්න...

දන්න දහන් ගැට මොනවා දැම්මත්..
ඇහෙරෙන් නැති වූ විටෙක...
මෙතනට ආවා අපූරු මිතුරෙක්...
කීවා ඔහු මේ ලෙසට... 

බැහැපිය පරයෝ ‍ටුක් එක ඇතුලෙන්...
ආසද කූඩුවෙ ඉන්ට...
පීසී ගේනව ජීප් එකක් දැන්...
මූ කුදලාගෙන යන්ට...

අනේ මහත්තයො අද පඩි දවසයි...
චුට්ටක් බිව්වට මොකද...
ඔන්න මං ගියා මොටද පොලීසිය
මහත්තයල දැන් යන්ට...

පස්ස නොබලමින් වැනි වැනි යයි වූ
වෙරි මත හිඳිලද කොහෙද...
හිකි හිකි හඬ දී මිතුරන් හිනහැයි
උපාය ජයගයි මිතුර...


19 comments:

  1. සිරාවටම හොදයි කොල්ලෝ, දිගටම ලියපන්. උබට ලස්සනට දකින්න වගේම ලියන්ඩ පුලුවන් මචෝ..............good..........

    ReplyDelete
    Replies
    1. කවි ලියවිල්ලෙ නම් තාම බාලංශ පංතියෙ බං....ස්තුතියි වචනෙට..එල

      Delete
  2. අලුත් උත්සායක් වගේ..... උත්සහාය අගය කරනවා.... දිගට ම ලියමු... අඩුපාඩු හදාගමු............

    ReplyDelete
    Replies
    1. ඔයාල හින්දනෙ ලියන්නේ... ඉස්සෙල්ලත් කවියක් ලිව්වා.. අඩුපාඩු නම් ගොඩාක් ඇති බලලම කියන්නකො..කුරු‍ටුල ඒක කියවල තිබුනෙ නැද්ද කොහෙද.. හැමදාම වගේ ගොඩක් ස්තුතියි...

      මෙන්න ඒ කවිය

      Delete
  3. අඩෝ නියමයි...පට්ට

    ReplyDelete
    Replies
    1. එල...කවි ලියන්න ඉගෙනගන්නව බං තාම...

      Delete
  4. බිවුවට පස්සේ ඉතින් ඔයිට වඩා දෙයක් කලත් ඔහොමම තමයි.. නියමයි සහෝ කවිකතාව...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා දිනේෂ්....

      Delete
  5. කලින් එක හැඟීම්බරයි. මේක උපහාසාත්මකයි. ඔය තියෙන්නේ හැකියාව! ජයවේවා... ඉදිරියටම යන්න.
    (මගේ එව්වා වගේ ශීලාචාර නෑ අප්පා... :P)

    ReplyDelete
    Replies
    1. මේ වගේ දිරිගැන්වීම් නිසා තමයි මාධවී මෙහෙම ලියන්නේ.. ගොඩක් වටිනවා...
      බොහොම ස්තුතියි..

      හැහ්... අපෝ ඔව් ඒ තරම් නම් ශීලාචාර නෑ... මොකටද ඉතින් මගෙ කට..

      Delete
  6. ලස්සනයි අදුර

    සාප නොකරන් මිනිසුනේ
    ගණදුරට
    සඳ පැමින ගියදාට
    මා නොවෙයි පැමිනියේ
    සඳයි නුඹ හැර ගියේ
    විඩාවට සිසිලක්ව
    නෙතු අතර ඇදුනාට
    සිහිනයක් නපුරු වී
    ඒ නෙත් හැඩවූවාට
    සාප නොකරන්
    නිදි ලොවක සිසිලදුන්
    ගණදුරට


    ගණ අදුරට ජය

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. අදමයි ඇනෝ මේ පැත්තෙ ආවෙ නේද... බොහොම ස්තුතියි....
      ආයෙත් එන්න...ජය

      Delete
  7. වැඩේ හොදයි. කව්ද දැං වමනේ පාර හෝදගන්නේ.. හැක්... බීලා පාට් දාන උන්ට නෙලන එක තමා මගේ තියරිය. පාඩුවේ ඉන්නවනං අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. අපි නම් ඉතින් බීවට සද්ද නෑළු....
      තැන්කූ තැන්කූ

      Delete
  8. උබටම උනු එකක්ද බන්

    ReplyDelete
    Replies
    1. හැහ්.. නෑ බං මගෙ යාළුවෙක් ඉන්නවා උදාර කියල.. ඌට උනේ...
      උඹ දන්නවද ඌව.... වාසගම නම් මතක නෑ...

      Delete
  9. අඩෝ එන්න බැරි වුනාට පස්ට කයියෙක්නේ උඹ තුමා ... මදාවියාව ආශ්‍රය කරන්නේ නැතුව හොඳට හැදියන් .. ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී... ඉවාන් අයියා ඇවිල්ලා...
      බෝම ස්තුතියි...ආයෙ එන් ඕනි හිටන්...

      මාදවී කියන්නෙ බොහෝම හරවත් කවි ලියන එකියක්නෙ...
      හැහ් හිටපිය මං මදාවියට කියන්න.....

      Delete
  10. මල්ලි උබ නම් කාලකන්නියෙක්. . . . . . . . . ලස්සනයි බන් සුප්පා . . . . .

    ReplyDelete