Tuesday, March 31, 2015

දෙයියොත් බිසී ද කොහෙද ....



ලබන ආත්මෙත් අපිව මේ විදියටම සතුටින් තියන්න...
මං ඉල්ලන්නෙ එච්චරයි...
මේ පහන් එලිය වගේම අපේ ජීවිතේ එලිය කරන්න...
මම එහෙම හිතුවෙ අපි පළමුවෙන්ම පන්සල් ගියපු දවසෙ...
එදා ඉඳන් අපි දෙන්නම හැම පෝයකටම පන්සල් ගියා...
හැමෝම මල් පහන් පූජා කරනවා....
ඇස් වහගෙන මොන මොනාදෝ ප්‍රාර්ථනා කරනවා...
ඒකි නම් මොනා ඉල්ලුවද දන් නෑ...
ඒත් මම නම් ඉල්ලුවෙ අපි දෙන්නටම ලස්සන අනාගතයක්...
එක දවසක් බුදු සාදු ඉස්සරහදි මම ඇහුව මෙහෙම...
හැමදාම මට ආදරෙන් ඉන්නවද??
ඔව් අයියෙ...
එයා එහෙමයි කිව්වෙ....
බොරු නෙමෙයි..
ඇත්තමයි...
බුදු සාදුගෙන් ඇහුවොත් කියයි...
ඒත් එහෙම කියපු එකී අද මං ළඟ නෑ...
මට මතකයි පෝයට හාමුදුරුවො කියනව
ඇළුනට කමක් නෑ ගැලවෙන බව දැනගෙන කියලා...


ඇයි මෙහෙම වුනේ...
මම ආයෙත් ගියා පන්සලට...
පන්සලේ සෙනඟ ගොඩායි...
සමහරු භාරහාර වෙනවා..
සමහරු වඳිනවා...
මමත් ගිහින් මල් පහන් පූජ කරල දෙවියන්ගෙන් ඇහුවා....
ඇයි මෙහෙම වුනේ කියල...
උත්තරයක් නම් ලැබෙන පාටක් නෑ......
අනේ මංදා හිතට නිදහසක් නෑ...
මං හිතන්නෙ දෙවියොත් ඒකිගෙ පැත්තෙද කොහෙද..
නැත්නම් ඔහොම ඉඳිවියැ...
ඒත් එහෙම හිතන්නත් බෑ...
එයා විතරක් තනියෙම පහන් පත්තු කලේ නෑනෙ...
මාත් හිටියේ...

මට පේන්නෙ දෙවියොත් බිසීද කොහෙද...

                                                              *****
පුන් පොහෝ දින දණ නමාගෙන
ඔබෙ නමට පහනක් පුදා..
හැම භවේකම එකට ඉන්නට
ඔබෙ නමින් අපි කැපවෙලා...

ඔබෙ නමට පිදු සුදු නෙළුම් මල
පුදසුනේ අද පරවෙලා...
පහන් වැටියේ පහන් දැල්ලත්
අනේ අද ඇත මියදිලා...

මතු සසරෙ හැම අත් භවේකම
අපි අපේ වෙන්නට කියා..
ඔබේ රුව ළඟ වැටී කී ඒ
වදන් අද ඇත සැඟවිලා....

අනේ දෙවියනි පැතූ පැතුමන්
හීන අද අවතැන් වෙලා...
රිදවපන් තව රිදවපන් මට
ඈව සතුටින් රඳවලා...

ප.ලි - අඬනව අඬනව කියල දැන් ඉතින් මාව කන්න හදන් එපා.. 2015-01-14 ලියපු ලියවිල්ලකට ඊයේ තමයි පද ගැලපුනේ....

40 comments:

  1. හ්ම්ම්ම්ම්.... සැරටම වැදුන බූට් එකක් වගේ..
    මචෝ මේකයි,පංසල් ගිහිල්ල කොරන්න ඕන එක නෙමෙයිනෙ කොරල තියෙන්නෙ.හාමුදුරුවො මතක් කොරලත් තියෙනවා.. ඒක තමයි ඇත්ත.
    - සංසාරේ හැටි තමයි.. වියෝග ඇති වන්නේ -
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම...පැපූ කියනවා වගේ පන්සල් ගිහින් වැදගෙනව එන්නේ නැතුව එතන ගිහින් මගුල් නටලා...හරියයිද මන් අහන්නේ?

      Delete
    2. රූපෙ : දුප්පත්කමනෙ බං....

      හ්ම්ම්ම්...ඒකනම් එහෙම තමයි බං ලබ්බො...දැන් ඉතින් හාමුදුරුවො කියපු එක මතක් කර කර ඉන්නවා...බෝම ස්තුතියි..

      Delete
  2. කෙලවුනාම දෙයියන්ගෙනුත් ගේම ඉල්ලන්න තමා හිතෙන්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ සජ්ජො...කෙල වුනාම හිතෙනවා මේක පට්ට අසාධාරන ලෝකයක් කියලා. එතකොට ඉතින් ගේම ඉල්ලන්න හිතෙනවා.. තැන්කූ මේ පැත්තෙ ආවට..

      Delete
  3. උඹ මොකක්හරි වැරදි වැඩක් කරන්ඩ ඇති පන්සල් ගිහින්....
    දෙවියන්ව ඇවිස්සුවද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ....අපි ඉතින් බෝම අහිංසක සිල්වත් ගුණවන්ත දරුවොනෙ බං...

      Delete
    2. මුන්ගේ අසබ්‍ය වැඩ දැකලා දෙවියෝ ඇවිස්සිලලු බං

      Delete
    3. හැහ්..ඔන්න කිව්ව කතාවක්...මට ඔය ක‍ටුස්සව හම්බුනොත් මං දනී කොරන දේ..

      Delete
  4. හාමුදුරුවෝ කිව්ව දේ ගැන හිතුව නම් දුක අඩු වෙයි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දිලිනි අක්කෙ...අන්තිමට ඉතුරු වුනේ ඔච්චරයි.

      Delete
  5. //සසරෙ මතු අත් හැම භවේකම// මතු සසරෙ හැම අත් භවේකම.
    කෙල්ලො කොල්ලො කවුරුත් බුද්ධ රූපෙ ඉස්සරහ වුනත්, දේව රූපෙ ඉස්සරහ වුනත්, ඔය උඩ කමෙන්ට්ස් දාන අපේ රූපෙ ඉස්සරහ වුනත් කියන්නෙ බොරුමයි. පොරොන්දු බොරුමයි.
    (උඹට තිබුනෙ පොඩි හිලක් විදල තියන්න)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්... හිල නොවිද්ද එක ගැන නම් මට අදටත් පොඩි අවුලක් තියෙනවා...

      Delete
    2. බෝම ස්තුතියි වැ‍රැද්ද පෙන්නලා දුන්නට..

      Delete
    3. හිල් විදිල්ල හරියන්නෑ බං.ඊට පස්සෙ බයක් හැකක් නැතිව අඩවු කස්තිරම් ඇල්ලුවත් පස්සෙ නැට්ට පුකේ ගහගෙන කරගහන්න වෙනවා..මොනව උනත් හර්දසාක්ශියක් තියේවානෙ බං... (උන්ට {අඩවු අල්ලන} නැතත් අපට )

      Delete
    4. ඔය හේතුව නිසාම තමයි බං හිල් නොවිද්දෙ... මොකද පාරවල් හිටින එකක්යැයි..

      Delete
    5. දුප්පත් කමට ඉන්න අහිංසක මාවත් අල්ලාගත්තා නේද??
      .
      .
      මදාවියා හරිම නපුරුයි අම්මේ.....

      Delete
    6. මා ආදරණීය මහේෂයා සහ පැපුවා වෙත,
      හිල් විදලා ඒවා අස්සෙ එක එක ඒවා පුරවන්න යන්න එපා යකුනේ. විද්ද ගමන් ඩ්‍රිල් එක එළියට ගනිව් අහක්කවෙලා... හැක්! හෘදය සාක්ෂියට මාර සනීපයි නේද බොලව් කෙල්ල කිසි හිලක් නැතිව පොල්ල තියලා ගියදාට? මේක මචං තරඟයක්. බූට් එක ඉස්සෙල්ලා තියපු එකා සතුටින්. ඒක වැදිච්ච එකා දුකින්. කෙල්ලද කොල්ලද කියන එක නෙමේ ප්‍රශ්නෙ. පරිප්පුව කාපු එකා දුකේ. නැද්ද හා...

      Delete
    7. එකෙන්ම මටත් ඕක අනන්තවත් හිතිල තියෙනවා.. යකෝ අපි එහෙම පවු කියල හිතල මොනාත් නොකර ඉඳල අන්තිමට අපිටම කෙලල යනවා ශෝයි එකට. හැබැයි එහෙමයි කියල අපි හිල් විදින්න ගියොත් අපිටත් හොරෙන් උන් වටේ යනවා..එතකොටත් අපිටම කෙලවෙනවා... අන්තිමේදි කෝක වෙතත් අපිට කෙලවෙනවා...

      Delete
    8. ඔව් ඔව්... අපි හිල් විදලා.. වෙන එවුන් මොනව හරි පුරවපුවම අපි කර ගහපන්කො.. ඇයි අපි නෙ හිල් විද්දෙ.. එහෙම නොවී අපි මළොත්... කෙල්ලට මිනිස්සු 'බඩුව' කියනවා. ඒවට වඩා හොඳයි බූට් එකක් කාල ගල් බෝතලයක් බොනවා.

      Delete
    9. ම්ම්...එකෙන්ම ලබ්බො..මචං උඹ එක්ක සෙට් වෙන්න නම් සිරාවටම පට්ට ආසාවෙන් ඉන්නෙ.. ළඟදිම පොඩ්ඩක් අනුමත වෙන්න සෙට් වෙමු..ඔව්..

      Delete
  6. මං නම් කවදාවත් පන්සල් වත් දෙවියෝ වත් විශ්වාස කලේ නෑ.. ඒත් අදටත් පන්සල් යනවා.. නලල බිම ගහල සීතල පොළොවේ බුදු පිළිමයක් ලඟ විනාඩි දයක් පහලොවක් පසඟ පිහිටුවා වඳිනව.. ඒ මගේ මානය බිඳ ගන්න.. නැතුව වැඳුම් ලබන්නා ගැන විශ්වාසයකින් නෙවෙයි.. බිරිඳ ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න නිසා මම 'මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම' ප්‍රතිපත්තිය තමයි පන්සල් හා දෙවියන් ගැන දක්වන්නේ.

    මහේෂ් ගෙ ගණ අඳුර කියවන්න අපු මුල්ම දවස.. මීට පස්සේ මිස් වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. කලන අයියා ආව එක ගැන පට්ටම පට්ට සතු‍ටුයි!! සාදරයෙන් පිලිගන්නවා..

      මේකයි කවුදෝ කියල තිබුනා දෙවියො කියන්නෙ බොහොම කාර්යබහුල මැටි රූප කොට්ටාසයක් කියලා... බලාගෙන යද්දි ඒකත් හරි කියල හිතෙනවා, කරන්න පුලුවන් හැම දහදුරා වැඩක්ම කරල අන්තිමය පූජා වට්ටියක් උස්සන් දෙවියො ගාවට යනවා...
      මම නම් දකින්නෙ මේ ලෝකෙ පවතින්න ඕනි දෙවිවරු නෙමෙයි, ලැජ්ජ බය..

      Delete
    2. කල්යාණ අයියේ ඒ කතාව පට්ටයි. ලැප් එක ලගිං නැගිටලා ගිහින් ටිකක් කල්පනා කරන්න තරම් දෙයක් ඒකෙ තිබුනා... මිනිස්සු වදින්නේ ඇයි කියන්න අර්ථකථණයක් නැතුව හිටියේ

      Delete
  7. Replies
    1. පිස්සු වට්ටනවනෙ?
      දැන් මේ හ්ම්ම් හ්ම්ම් කියල තියෙන්නෙ මොනවා කියලද?
      මට ටිකක් තේරුම් කරන්නකො...
      නැත්නම්... @ බස්සා අමතමින්

      Delete
  8. අඩෝ කෑවා නේද රාජකීය බූට් පාරක්....

    ඕකනේ අපි ලව් කරන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ම්ම්...මහේෂ් වෙමි..
      බූට් කෑවෙමි...
      දැන් නොහඬමි....

      හැක් හැක්.. අම්මේ ඉතින් ඒ ගැන නම් කුමන කතාද?

      Delete
  9. ඔවුවට ඉතින් කියන්න දේවල් නෑ කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. මොනාත් නොකීවට කමක් නෑ....
      දිනේෂ් අයියා ඉතින් හැමදාම මං කියන එව්වා අහං ඉන්නවනෙ
      ඒ ඇති...

      Delete
  10. මමත් කෙලවුනාම දෙයියෝ ගැන පොඩ්ඩක් හොයල බැලුවා...
    ටික දවසකින් තේරුනේ දෙයියට මටත් වඩා කෙළවෙලා කියලා
    ටක් ගාල දෙයියව ඩිස්කොනෙක්ට් කරලා... දැන් හිටියට වැඩිය ගොඩ

    ReplyDelete
    Replies
    1. හි හි...දෙයියො මතක් වෙන්නෙ අපිට කෙල වුනාමනෙ...

      Delete
  11. දැන්වත් අර හාමුදුරුවො කිව්ව කතාව මතකෙ තියාගෙන නමෝ විත්තියෙන් තව එකකට බැහැපන් බං :D. ඔව්ව හොඳ පාඩම් බූට්‌ කාපු හැමෝටම ;) බොට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතුරු වුනේ ඔච්චරයි බං.... දැන් ඉතින් මොනා කරත් ගැලවෙන බව දැනගෙන තමයි කරන්නෙ... ජය වේවා!! ආයෙ වරෙන් මේ පැත්තෙ...

      Delete
  12. දිව්‍ය අංගනාවන්ට අපිට වාගෙ තරහ යන්නෙ නෑ //
    ඔන්න ඕකයි දෙයියො බූට් නොකන හේතුව. නැත්තම් දෙයියන්ටත් බූට් තමයි. මමනම් හිතන්නෙ බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. // මමනම් හිතන්නෙ බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නෑ//

      අන්න ඒකනෙ.. මං මේක ප්ලෑන් කොරල කෑවෙ..ඔව්

      Delete
  13. අන්න අරෙහෙ දෙයියො උබලගෙ අම්ම මතක් කර බනිනවලු .... තොට ඔච්චර ලොකු උදව්වක් කරලත් නහයෙන් අඬ අඬ ඉන්නව කියල .....

    ReplyDelete
    Replies
    1. අඩේ..දෙයියන්ට තෑන්ක්ස් කරල පොස්ට් එකක් ලියන් ඕනි...

      Delete
  14. බළල්ලු මීයෝ අල්ලන එක නෑවෑත්තුව කිවොත් පිළිගනින් ඒත් ගෑනු .. . . . . . . . . . . . . ?????

    ReplyDelete