Wednesday, March 4, 2015

ඔළුව බේරාගැනීම | Full Face Helmet


ෆුල්ෆේස් හෙල්මට් තහනම්!

මේ දිනවල කතාබහට ලක්වන කාරණයක් ගැන මෙසේ සටහන් තබමි.ඕනෑම ගැටළුවකට විසඳුම් තිබේ...නමුත් සාර්ථක විසඳුමක් සෙවීමේදී අපි උපක්‍රමශීලී විය යුතු අතර එය දිගුකාලීන ප්‍රථිපලදායක විසඳුමක් විය යුතුය.විසඳුම තවත් ප්‍රශ්න රාශියකට මුලපුරන්නේ නම් එය හුදෙක් විසඳුමක් පමණි, එය සාර්ථක විසඳුමක් නම් නොවේ.මහජන ඡ්න්දයෙන් පත්වන නියෝජිතයන් සමස්ථ රටක් නියෝජනය කරයි..ඔවුන් ප්‍රශ්න විසඳන ආකාරය රටක් පමණක් නොව ලෝකයක් බලා සිටී...ඔවුන් ගන්නා තීරණ සෑම සමාජ මට්ටමකටම බලපානු ඇත..ඉතින් පුරවැසියන් ලෙස එම තීරණ වල ශේදනීය නිශේදනීය ලක්ෂන නිර්නය කිරීමේ හැකියාව අපට ඇත.ඉතින් අපේ ඡන්දයෙන් රටේ මුල් පු‍ටුවල හරිබරි ගැසී ඉඳගත් සම හරක් ගන්නා වූ මෙවන් තීරණ මෙසේ විමසීම අපගේ අයිතියයි...


පසුගිය දිනවල බැංකු හා මූල්‍ය ආයතන මංකොල්ලකෑම සඳහා පැමිණි වුන් ආවරණය වීම සඳහා ෆුල් ෆේස් හෙල්මට් භාවිත කල බව කියවිණි...එවැනි දෑ නැවත නොවන්නට ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමට දැන් සූදානමක් පවතී...මෙහිදී සුලු හෝ බුද්ධියක් ඇත්තවුන් කල්පනා කල යුතු යමක් වේ...එනම් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කල පමණින් රටේ සිදුවන මෙවැනි හොරකම් මංකොල්ලකෑම් නවතීද?සොරකමකදී තම අනන්‍යතාවය සැඟවිය හැකි එකම ක්‍රමය ෆුල්ෆේස් හෙල්මට් පමණක්මද?දෙකේ පන්තියේ ළමයකුට වුවද නැගෙන මෙම සරල ප්‍රශ්න රට කරවන වුන්ට නොතේරීම අභාග්‍යයකි...

මගේ මතකයට නැගෙන්නේ කුඩාකල මා විවාදයකට ඉදිරිපත් කල සරල උදාහරනයකි....පාන් කැපීම සඳහා අප යොදාගන්නා පිහියම තවකෙකු මිනිසුන් මැරීමට යොදාගනී..වරද පිහියේ යැයි තීරණය කර පිහිය තහනම් කරනවානම් එය අතීසාරයට අමුඩය ගසනවා වැන්නක් නොවේද? පිහි භාවිත කරන සියල්ලන්ම මිනීමරුවන් නොවන අතර මිනීමැරීම සඳහා පිහි භාවිත කල පමණින් පිහි තහනම් කරන්නේ නම් එය කොතරම් දුරට ප්‍රායෝගික දැයි නැවත සිතාබැලිය යුතුය.



අනෙක් කාරනාව නම් ෆුල්ෆේස් හෙල්මට තහනම් කල පමණින් සොරුන් සොරකම නවත්වයිද?
22 දා සිට සොරුන් රෙදිකඩකින් මුහුනු ආවරනය කර පැමිනියහොත් පසුදා සිට සියල්ලන්ටම රෙදි ඇඳීම තනහම් කරනවාද?
එයින් පමණක් නොනැවතී අපරාද මැඩලීම සඳහා සියළු මූල්‍ය ආයතන වසා දමනවාද? 
නැතිනම් මෙවැනි තකතීරු තීරණ ඉවතදමා සොරුන්ට මුහුන දිය හැකි පරිදි මූල්‍ය ආයතන වල ආරක්ෂාව තහවුරු කරනවාද? වගකිවයුත්තන් සිතා බැලිය යුතුව ඇත.මේ සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ නීතියේ අකාර්යක්ෂමතාවය සහ පාලකයින්ගේ  තීරණ ගැනීමේ නොහැකියාව නොවේද?

සමාජයේ නීතිගරුක පුරවැසියන් ලෙස අප සැම සොරකමට විරුද්ද වෙමු..නමුත් සොරකම් නැවතීම සඳහා කිසිසේත් ප්‍රායෝගික නොවන මෙවැනි තීරණ මගින් සමාජයේ තවත් පිරිසක් අවදානම් තත්වයකට වැටෙයි නම් ඊට විරුද්ද වීමට අප පසුබට නොවිය යුතුය. දියවන්නාවෙන් එහා සිටින මහත්වරුන් එගොඩට ගිය පසු කිසිදින බයිසිකලයක නොයන බව අප දන්නෙමු.. දුප්පතාගේ රෝද දෙකේ වාහනයට මෙලෙස කෙලින්නට යාම ඔවුන්ට නොදැනෙන්නේ එබැවිනි.සහ පිරිවර සමඟ උජාරුවෙන් යන ඔවුන්ට ආරක්ෂාවට ගිනි අවි වලට අමතරව එයාර් බෑග් ද තිබුනද අහිංසක අපට ඇත්තේ ඔලුව බේරාගැනීමට හෙල්මට් එක පමණි..බාගදා ඔවුන්ට බේරාගන්නට ඔලුවක් නොමැති නිසා මෙය ගැටළුවක් නොවන්නට ඇත..නමුත් ඔවුන්ට එගොඩ යන්නට කතිරය ගැසූවේ ඒසී වාහන වල සැපට යන නෝනලා මහත්තයලා පමණක් නොවන බව මතක් කල යුතුය.


6 comments:

  1. අපේ සමහර ගන්න තීරණත් ඔළුව නැති මිනිස්සු ගන්න ඒවා වගේනේ.. ඒ හන්දා ඉතින් මේකත් අන්න එහෙම එකක් වෙන්න බැරි නෑ..

    හොරකම නවත්තන එක හරි.. ඒත් ඉතින් බයිසිකල් පදින අයගේ ආරක්ෂාවත් ඒ වගේම වැදගත්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්....
      හොරකම නවත්තන්න කියල මේ වගේ දෙකේ පන්තියෙ වැඩ කරන එකනෙ බං අවුල. .

      Delete
  2. ඔන්න බුකියෙ යනවා ගේම. ෆුල් ෆේස් තහනම්නම් බුර්කා එපා, නිකාබ් එපා කියලා.
    ඒකත් ඇත්ත බැලුවාම.

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ මාධවියෝ.....නීතියක් නම් හැමෝටම සමාන වෙන් එපැයි.. ඕකට ඉතින් ජාතිවාදී කියල ලේබල් වදින්නත් පුලුවන්.
      හැහ්! නම වෙනස් කොරල නේද?

      Delete
    2. ධර්මපාල, පුරන් අප්පු වගේ මාත් වෙනස් කොලා.

      Delete
    3. පුහ්!! ධර්මපාල , පුරන් අප්පු වගේ... :P

      Delete