Sunday, March 22, 2015

බුකියේ වීරයෝ | Facebook

මේ කතාව අපි කවුරුත් දන්න බුකිය ගැන...
මට මතක හැටියට මං බුකියට එන්නෙ 2009 විතරද කොහෙද...
අද වෙනකම් ඉතින් මාත් බුකියෙ වෝල් එකේ උඩටයි පල්ලෙහාටයි
ගිහින් ඇති හැතැම්ම දාස් ගානක්...මේ ළඟදි ඉඳන් මං දැක්ක සමහර දේවල් මාව මේ විදියට ලියන්න පෙළඹෙව්වා..මූනට එකයි පුකට එකයි කියන මවාගත්ත ලෝකයක් අප්පා මේක...බුකියෙ ලස්සන පූස් පැ‍ටුයෙක්ගෙ ෆොටෝ එකක් දැකල අනේ හරීම කියුට් කිටියා කියන අපේ සමහරු නහ‍ටු පූසෙක් දැක්කම පයිනුත් ගහල පන්නන්නෙ... තව සමහරුන්ට පූසෙක් හම්බුනොත් ලයික් කෙසේ වෙතත් හොඳ උණු වතුර පාරක් නම් ෂුවර්..ලෝකෙට පේන්න පුදූම විදියට උණුවෙන හදවත් තියෙන මෙයාලා ඇත්ත ජීවිතේ කරන තුප්පහි වැඩ දැක්කම නම් සංසාරෙ කලකිරෙනව...
මෙහෙම කියන්නෙ මං මේ ළඟදි ඉඳල දැකපු දෙවල් කිහිපයක් නිසා... මේක කියවලා ඔයාලම හිතල බලන්නකො මේ ජාතියෙ අයව ඔයාලත් දැකල තියෙනවද කියල..




ඊයේ බුකියේ දාල තිබුනා පෝස්ට් එකක් මම අභිමානවත් සිගරට් අරක්කු නොබොන පුද්ගලයෙක්මි. ඔබත් එසේ නම් ශෙයා කරන්න කියල..


අම්මේ බලන් එපැයි අපේ පුතාලා ශෙයා කොරපු තරම්...
මං දෙතුන් දෙනෙක්ටම මැසේජ් කොරලත් ඇහුවා කවද්ද නැවැත්තුවෙ කියලා...
තිතට මත තියලා දෙයියනේ කියලා සතියකට දෙතුන් වතාවක් නොසෑහෙන්න ගහන උන්
පුදුම උනන්දුවකින් තමයි අභිමානවත් කියල කියන්නේ....
අභිමානෙ බලාගන්න තිබ්බා බීපු වෙලාවක ලඟ හිටියනම්...
තමන්ගෙ අභිමානෙ තියෙන් ඕනි බුකියෙ ශෙයා කරන ෆොටෝ එකක කියල හිතන්න තරම්
අපේ මිනිස්සු පහතට වැටිලා...

අනික් අතට... ලොකු අසනීපයක් තියෙන ළමයෙකුගේ ඉන්න එහෙමත් නැත්නම් වයසක අම්ම කෙනෙකුගෙ එහෙම ෆොටෝ එකක්  එහෙම බුකියට දාලා වන් ලයික් සමානයි වන් හෝප් කියන අපේ උන්දැල පාර දෙපැත්තෙ ඉඳල අපි දිහා බලාගෙන ඉන්න අහිංසක ළමයෙක්ට බත් වේලක් කන්න එක රුපියලක් වත් දෙනවද? අඩුම ගානෙ තමන්ගේ අම්මට තාත්තට ආච්චිට සීයට දන ගහල වඳිනවද?
ලෝකෙ පෙරලන්න කතා කරන සිරියාවන්ත ගෑනු ළමයි ගෙදරදි අම්මට එක
ලූණු ගෙඩියක් වත් සුද්ද කරල දෙනවද?
ආධාරයක් ඉල්ලගෙන එන දුගියෙකුට වචනෙකින්වත් උදවූවක් කරනවද??
නෑ එහෙම කරන් නෑ...
මොකද කවුරුවත් එහෙම කලාට ලයික් දාන් නැති නිසා...
කවුරුවත් අනේ ඔයා හරිම හොඳයි කියල කියන් නැති නිසා...
දැන් සමහරු කියයි අපිට කාටවත් දෙන්න සල්ලි නෑ ඒත් අපේ හිත් හොඳයි ඒ නිසයි
අපි ෆොටෝ එකක්වත් ශෙයා කරන්නේ කියල...
මයිත්‍රී මාමා තාම ‍ෆ්‍රී වයි ෆයි දුන්නෙ නැති එකේ ඔය වියදම් කරන ඩේටා කාඩ් වලින්
ඒ වගේ දෙයක් වත් කොරානම් නේද...
ජීවිත ඇතුලෙ හැමෝම බලන්නෙ තමන්ට දෙයක් ලබාගන්න... ප්‍රසිද්දිය , කීර්ති නාමය වගේ...
එහෙම බලාගෙන තමයි මේ හැමදේම කරන්නේ...
ඒත් ජීවිතේ කියන්නේ ඒකට නෙමෙයි...

ඊලඟට මම දැකපු ෆොටෝ එකට නම් සෑහෙන්න කලකිරුනා..
ළඟදි ඉන්දියාවෙ අගමැතිතුමා..මෝදි මහත්තයා ලංකාවට ආවනෙ..
ඉතින් ඔය හාදයා අනුරාධපුරේ ගිය දවසෙ රුවන්වැලිමහා සෑය වඳින්නත් ගියා අපි දැක්ක..
මේ තියෙන්න ඔයා මං ජීවත් වෙන විසි දෙවනි ශතවර්ශෙ ජීවත් වෙන පරිනාමය නොවිච්ච එකෙක් ඕකට දාපු ෆොටෝ එකක්...



ඇයි හත් දෙයියනේ මුන්ගෙ මොලේ තෙමිලද මංදා මෙහෙම කතා කියන්නේ...
පිස්සො එක්ක කතා කලාම අපිත් ඒ ගානට වැටෙන නිසා මං මොනාත් නොකියා හිටියා..
මෙන්න බොලේ ඒ පාර තවත් පිස්සෙක් ඊට යටින් දානවා මෙහෙම;

"රුවන්වැලිසෑය යනු මැටි ගොඩකි... මැටි ගොඩකට හාස්කම් සිදුකල නොහැක"

ඔන්න ඕකයි තත්වෙ... ෆේස්බුක් හදපු මාක් සකබර්ග් මෙව්ව දැක්ක නම් ඌ ලංකාවටම බුකිය
තහනම් කරනවා ෂුවර්..මොකද තම තමන්ගේ පෞද්ගලික මති මතාන්තර එලියට දානකොට ඒක යම් රාමුවක ඉඳල කරන්න් බැරි නම් නොකර නිකං ඉන් ඕනි... ඔයාට මට අපි හැමෝටම අපි කැමති විදියට දේශපාලනය කරන්න පුළුවන්. ඕනිම මතයකට ඉඩ තියෙන්නත් ඕනි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජ ජාල වෙබ් අඩවි හෝ බ්ලොග් හෝ ඕනිම මාධ්‍යයක් අපි පාවිච්චි කරද්දි අපි යම් සීමාවක කටයුතු කරන්න පුරුදු වෙන් ඕනි... නැත්නම් මේ විදියට ගියොත් ඇත්තටම සමාජ ජාල ෆන් ගන්න විතරක්ම පාවිච්චි කරන්න මිනිස්සු පුරුදු වෙයි..





20 comments:

  1. Replies
    1. ම්ම්ම්ම්හ්....එකෙන්ම.... ජය!

      Delete
  2. Well said. The reality is that most Sri Lankans still have the tribal mentality.

    ReplyDelete
  3. සමහර විට තමුන්ට මිස් උන ආතල් බුකිය හරහා මානසිකව ගන්න හදන වෙලාවල් නම් 'අහිංසක' දේවල් විදිහට දකින්න පුලුවන්.බෝඩිමක හිරවෙලා පීඩනයෙන් ඉන්න කෙනෙක් විවිධ සුන්දර දේවල් ශෙයා කරලා පොඩි සහනයක් ලබනවා.ඒකෙ නම් මම වැරැද්දක් දකින්නෙ නෑ.
    නමුත් 'පොර' වෙන්න,විකල්ප අදහස් දරනවා කියලා ලෝකෙට අඬබෙර ගහන්න අපහාස කරන එක නම් පැහැදිලිවම මානසික ලෙඩ්ඩුන්ගෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. වටිනම කමෙන්‍ටුව....
      ගොඩාක් උන් කරන්නෙ තමන්ගේ පීඩනය පිට කරන එකයි මිස් වෙච්ච ආතල් ගන්න එකයි තමා.... ඒත් ඇත්ත ජීවිතේ ගත්තොත්..මෙලෝ රහක් නෑ....

      Delete
  4. සිරා කතාව බුකියෙ තරම් සිංහයෝ කොහේවත් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ජීවිතේ සිංහයෝ බලු විය තමයි ඉතින්...

      Delete
  5. ඔය මගුලෙ එකවුන්ට් එක ඩිලීට් කරන්න හිතිලා තියෙන්නෙ. ඒත් සමහර වීඩියෝ තියෙනවා හරිම රසවත්. අර පෝස්ටර්නං අමුම අමු මොංගල්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වීඩියෝ නම් නියමයි... ඒත් මේ මෝඩ ෆොටෝ ශෙයා කිරිල්ල තමයි දිරවන් නැත්තෙ.

      Delete
  6. කියලා වැඩක් නැහැ..............

    ReplyDelete
  7. බුකියේ ඉන්න විරයෝ සැබෑ ලෝකේ හිටියනම් ඉතින් මොනා කරන්න බැරිද..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ලෝකෙ මාරම හොඳ තැනක් වෙයි...

      Delete
  8. මේ හැමෝම මිනිස්සුනේ..... මොනා කරන්නද.... හැබෑ ජීවීතේ එලියට දාන්න බැරි තමන් තුල සැඟවිලා තියෙන චරිත එලියට දාලා මානසික සහනයක් ලබන්න පුලුවන් තැනක් ලැබුනාම ඔහොම තමයි....

    ReplyDelete
    Replies
    1. ගණ අඳුරට සාදරයෙන් පිලිගන්නවා...සැටිපිකෙට් ඇත්ත.

      Delete
  9. අපේ මිනිස්සු දෙබිඩ්ඩෝ මහේෂ්.. ඒකයි වැරැද්ද... කියල තියන දේ හරියටම හරි....

    ReplyDelete
  10. සොෂල් මිඩීයා තියෙන්නේ ෆන් ගන්ඩ....ලූ... මේවාත් ඒකට අයිති ඇති බන්..
    එව්වා බලලා කටෙනුයි පුකෙනුයි හිනා වෙලා අපිත් ඉතින් සිගිති අාතල් ගමු..

    ReplyDelete
  11. 2010 එෆ් බි ඉස්සල්ලම අකවුන්ට් තිබ්බ 2012 නිල වශයෙන් ඉවත් උණා,මම නම් ඉන්නේ ලංකවේ මිනිස්සු පරිණාමය වෙනකන්,එහම වෙච්ච් දවසක ආයෙත් අකවුන්ට් 1ක් හදාගනනව.ලංකාවේ එවුන් එෆ් බි පාවිච්චි කරන්ඩ දන්නැහැ,

    ReplyDelete
  12. දැන් තනිකරම බුුකිය යූස් කරන්නේ ටොයියොයි,බයියොයි ඇරගන්නනේ.කතාකරලා වැඩත් නෑ

    ReplyDelete