Monday, March 16, 2015

ඈ සොයමින්...




ගුරුවරියකට ආදරය කල උසස් පෙළ සිසුවකු ඇය හදිසියේ මියයාම නිසා ශෝකයට පත්ව ලියූ කවියක්

හර බැරට ජීවිතේ ගලපන
අරුමයක රඟ කිය කියා
දිසාපාමොක් පරපුරින් ආ
සුන්දරිය කෝ කොහි ගියා...

පොත් මිටිය තුරුලට අරං ඇය
එනතුරා මඟ බල බලා
එවක මතකය සිහිවෙලා අද
දැස කඳුලින් බර වෙලා...


අගේ රුව ගැන ලියූ කවි පද
පොත් අගින් හමුවූ එදා
කිසිත් නොකියම හිනැහුනා ඈ
නෙත් කොනින් මා දෙස බලා...

දෙව්ලොවින් බට සුරඟනක් දෝ
සොඳුරු හැඟුමන් සිත තියා
ආල සිත අද තනිවෙලා ඈ
දෙව්ලොවින් අරගෙන ගියා...

සොඳුරු රුව ගැන ඈත දවසක
කවියකට පද ගැලපිලා...
කෙසේ ලියම්ද කවක් අද මම
නොයෙන ගමනක් ගැන කියා...

17 comments:

  1. අඩො පට්ට බන්.....නියමයි

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි රූපේ.....

      Delete
  2. සුපුරුදු සහ නුපුරුදු ගතියක් තියෙනවා. පුරුදු දේ පෙම්වතිය මිය යාම. නුපුරුදු දේ ඇය ගුරුවරියක් වීම.

    ReplyDelete
    Replies
    1. සමහරු බනිනව මං කෙල්ලන්ව මරනව කියල....

      Delete
  3. කිසිත් නොකියම හිනැහුනා ඈ
    නෙත් කොනින් මා දෙස බලා...
    රුව වගේම ගුරුවරියගේ හිතත් සුන්දර එකිමනෙන් වැටහෙනවා.. නැත්තම් ඔක විදුහල්පතිට දීලා මළ කෙළියයි.
    සුපිරි නිර්මාණය
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් කවි ලියන්න වෙන්නෙ ඔ‍ෆිස් එකේ ඉඳන්...
      බොහොම ස්තුතියි..ජය

      Delete
  4. හිතට වැදුන කවියක් මචං.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිනේෂ්.... ඔයාල වෙනුවෙනුයි ලියන්නේ..ජය

      Delete
  5. හප්පේ... මරු කයි ටික ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ....ආයෙ එන්නකෝ....

      Delete
  6. ආදරේ හිත තියා හිනැහිච්ච
    එ් වුණත් නොදන්නව වගෙ උන්න
    අනාදරෙන් වගේ නුමෙ පිට අතගෑව
    වේදනාවෙන් නුඹ ඉන්නවා
    ඒ වගක් නොදැනෙන්න

    ජීවිතය තව දුරයි
    පිය මං කළ යුතුයි
    වරදක වෙනස කෙස් ගහයි
    ඉතිං මට අවසරයි

    සොවක් හිත ඇතේ
    කියාගන්නට බැරි නිසා
    ආදරෙයි මම නුඹට
    එ් වුණත් නික්ම යමි
    නුඹෙ හිතේ කැටයමක් වෙමි

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ මහේෂ් අයියේ... එල..
      බොහෝම ස්තුතියි...

      Delete
  7. අගේ රුව ගැන ලියූ කවි පද
    පොත් අගින් හමුවූ එදා
    කිසිත් නොකියම හිනැහුනා ඈ
    නෙත් කොනින් මා දෙස බලා...
    මෙතන පට්ට ෆීලින් නේ

    ReplyDelete
    Replies
    1. උඹටත් ෆීල් උනානම් සතු‍ටුයි...එල එල

      Delete
  8. ගුරුවරියකට පෙරලා ඒ ආදරය දෙන්නත් බැහැනේ. ඇය මිය ගියාද , නැත්නම් නීතියේ ප්‍රශ්නය නිසා සැඟ වුනාද ?

    ReplyDelete
    Replies
    1. ඇය මියගිහින් අජිත් අයියේ....
      ගණ අඳුරට සාදරයෙන් පිලිගන්නවා...
      ආයෙත් එන්නකෝ....

      Delete
  9. ගුරුවරියකට ආදරය කරන එක භයානක සහ පලක් නැති වැඩක්

    ReplyDelete