මංසන්දියකදී
රතු එලිය වැටේ...වාහනය නවත්වා පාර දෙස බලන විට තම පළමු ආදරිය මඟුල් ඇඳුමින් සැරසී මඟුල් කාරයේ
සිට තමන් දෙස බලමින් සිටී...
රතු එලිය
දැල්වුනු වෙලාවක
වාහනය මඟ
නැවතිලා....
මඟුල් ඇඳුමින්
සැරසිලා ඔබ
පහල වීදිය දෙස
බලා...
කොල එලිය
දැල්වෙන පමාවට
ජීවිතේ මඟ
හිරවෙලා...
වසර ගනනක දුර
අතීතෙක
සිහින අද ඇත
මියදිලා...
දෙ අත් පටලන්
ඇවිද ගිය එක
ලස්සනම දවසක
එදා
සිපගත්තු හැටි
තාම මතකයි
මුතු කුඩය යට
සැඟවිලා
කාලයේ රුදු
නපුරු ගතියට
දෙතැනකට අපි
වෙන්වෙලා
ගියත් සුවඳයි
තාම මතකයි
කී වදන් රහසේ
එදා..
කියාගන්නට
දහස් දේ ඇත
කකියවයි හදවත
පුරා
මුවින් නොකියන
දහස් දේ ඇත
අපි අපේ නෙත්
දෙස බලා
මහේෂ්................ අපූරු පද ගැලපිල්ලක්.... නියමෙට ලියලා තියෙනවා.... ජයවේවා
ReplyDeleteමං බැලුව අපිව අමතක වෙලාද කියල...
Deleteබොහෝම ස්තුතියි....ජය
මාර හෑගීම් බරයි . . . . . . .
Deleteමොකක්ද බන් මේ කතාව??? අපි අහලා නැති එකක් නේ?
ReplyDeleteදැන් සතුටුද? අද මම දෙක....
මක් කොරන්නද දුප්පත් කමනෙ...
Deleteහැහ්... මං තරහයි උඹත් එක්ක.. මොකද යකෝ පරක්කු උනේ???
ඊළඟ දවසේ පළමුවෙන්ම ආවෙ නැත්නම් මං බලාගන්නම් හරිය....
දුප්පත් කමටනේ බන්?
Deleteමොනවා නැතත් කාලා ඉන්ඩ එපැයි
පරක්කු වුනේ කන්න නැවතුනාද? එහෙනම් කමක් නෑ
Deleteදුප්පත් කමනෙ
දෙනෙතින් කතා කරලා හරි සුබ පතලා යන එකයි කරන්න තියෙන්නේ..
ReplyDeleteඔව්...ඇත්ත
Deleteරැගෙන මා සුභපැතුම්...
හද තුටින් යනු මැනේ...
කෙටි වුනාට දැනෙනවා. දුප්පත් කමනෙ.
ReplyDeletehttp://www.youtube.com/watch?v=akZtdq5AbLE
හ්ම්ම්ම්..
Deleteපතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ලඳුනේ...
සින්දු ඇනෝ හිටියනම් කියයි...
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ඔබෙ මගුල් දවසේ
ReplyDeleteම්ම්...දුකයි..මක් කරන්නද..ජීවිතේ හැටි...
Delete