Saturday, March 14, 2015

(අ)හිමිවීම


සොඳුරු දවසක එදා ආදරෙන් ඉන්න ඇති
උරමඩල හිස තියා සෙනේ සුව විඳින් ඇති
ජිවිතය ආදරය පමණක්ම වෙන්න ඇති
පැතුම් දහසක් අතර තනිවුනා මතක ඇති

ඔය දෑස මත සෙවූ ආදරය නිමක් නැති
කොතන කෙදිනකදි හෝ මාත් ‍රැවටෙන්න ඇති
මතකයට විත් ඔයා කඳුලු බිඳු වැටෙන් ඇති
කඳුල උරුමය වෙලා ඔයා දුර යන්න ඇති

අතීතය සිහිනයකි ‍රැ‍ඳෙන්නට වරම් නැති
ආ දුරත් වැඩි නිසා ඉතින් ඔබ යන්න ඇති
වසන්තය නිමා වී ගිමන් කල එන්න ඇති
ජීවිතය විඳවන්න ලියවිලා තියෙන් ඇති

සඳ නේන රෑ පුරා ඔබෙ රුවම සොයන් ඇති
තාරුකාවී ඔයා මගෙන් දුර ඉන්න ඇති
යලිත් ඔබ දකින්නට සහසකුත් පැතුම් ඇති
සසර මතු දිනෙක යලි ඔබෙ වෙන්න පතමි නිති.

12 comments:

  1. අඩෝ පට්ට බන්.......සුපිරි....

    ReplyDelete
    Replies
    1. චැහ්...අදත් මූ පළමුවෙන්ම ඇවිත්නෙ....
      මං මේ බලන් හිටිය ඉටි රූපයක් වගේ ගෑනු දැරිවියෙක් ඇවිත්
      ලත්තනයි අයියෙ කියයි කියල....

      Delete
    2. දුක තමා පුතා.....ගනන් ගන්ඩ එපා ඉතින්...
      දුප්පත් කමනේ....

      Delete
    3. හැහ්..අන්න වචනෙ.. දුප්පත් කමනෙ..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Lassanai malliye..hikiz...great ideaz

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ.....අනේ මගෙ කට!!!

      Delete
  4. ඇති 14 යි. නැති 2 යි. සමහර ඒවා ‘වෙන්න ඇති‘ කියන අදහස පෙන්නන්නෙ ඇයි? පෙර ආත්මයක් ගැනද අදහස් කලේ?
    පද ගැලපීම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හැහ්..ඔයා කිව්වමයි දැක්කෙ....වෙච්චි දේවල් එක්ක බැලුවාම පෙර ආත්මෙක මේව උනානම් හොඳයි කියලත් හිතෙනවා...
      බොහොම ස්තුතියි....

      Delete
  5. ලස්සනයි බන්...........

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට...
      බොහෝම ස්තුතියි...
      ආයෙත් එන්නකෝ..ජය!!!

      Delete
  6. නියම විදියට වචන ගලපලා ලියල තියෙනවා ලස්ස්නයි . . . .. . .

    ReplyDelete