Wednesday, May 6, 2015

විල්පත්තුව සුරකිමු | Protect Wilpattu



විල්පත්තුවට පත්තුවන මේ මොහොතේ සටහනක් තැබිය යුතුමයි සිතුනි. කියවන විට සිංහල ලේ කැකෑරෙන දේශප්‍රේමීන් සහ වීරවරයන් පරිස්සමට කියවිය යුතුය. ඔබ මම දන්නා පරිදි පසුගිය වර්ශයේ සිටම විල්පත්තු රක්ෂිතය පිළිබඳ වරින් වර අවදානය යොමු විය, ඒ රක්ෂිතයට අයත් භූමිය නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදාගැනීම සම්බන්දවයි.පසුගිය රජය යටතේ ද විවිද සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් වනාන්තර එලිකිරීම කෙරුනු අතර ඉන් සිදුවුන සහ තවමත් සිදුවන පාරිසරික හානිය සුළුප‍ටු නොවේ. මින් වඩාත් කතාබහට ලක්වූ පෝට් සිටි ව්‍යාපෘතියද අතරමඟ නැවැත්වීමට ( හෝ නවත්වන බව පෙන්වීමට) සිදු වූයේ විවිද පාර්ශවයන් ඒ සම්බන්දව හඬක් නැගීමට පටන් ගත් නිසා බව නොරහසකි.

දැන් ඊට නොදෙවෙනි ලෙස විල්පත්තුව සුරකිමු මැයෙන් බුකිය තුල සහ සමාජය තුල කතිකාවතක් නිර්මාණය වෙමින් පවතී. මෙහිදී සඳහන් කල යුතු කාරනා කිහිපයකි. පළමුවෙන්ම කිවයුතු වන්නේ ලාංකිකයින් ලෙස අප රටේ කුමන හෝ වනාන්තරයක් කුමන හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් බිලිගන්නේද, එයට විරුද්ද වීමට අප පසුබට නොවිය යුතුය. ඒ පිලිබඳව තර්කයක් නැත. බදියුදීන් වේවා සක්කරයා වේවා එහි වෙනසක් නොවිය යුතුය.



දෙවනුව, ඕනෑම ගැටළුවකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයක් තිබේ, බුකිය තුල හෝ බ්ලොග් ලෝකය තුල ජාති ආලය පෙන්වමින් කෑ ගැසීම පමණක් සියල්ලටම පිළිතුරක් නොවිය යුතුය.උදාහරනයක් ලෙස ගතහොත් ඊයේ දිනය වන විට විල්පත්තුව සුරකිමුත් සමඟ කියවෙන තවත් වදන් පෙලක් මම දු‍ටුවෙමි. එනම් බදියුදීන් හම්බයා වනසන විල්පත්තුව ‍රැකගනිමු යන්නයි.
මා පෙර සඳහන් කල පරිද්දෙන්ම විල්පත්තුව ‍රැකගන්නට නම් බදියුදීන්ගේ උප්පැන්නය කියවීමෙන් පලක් නොවේ. රටේ සම්පත් කවුරුන්හෝ වනසන්නේ නම් ඌ හම්බයෙකු වූවද බෞද්දයෙකු වූවද නීතිය එක ලෙස ක්‍රියාත්මක කරවිය යුතුය. එසේත් නොමැතිව මේ ප්‍රශ්නයටත් නානසාරලාව ගාවා ගැනිම විල්පත්තුවට ආදරේ කිරීමක් නොව අනුන්ට කඩේ යෑමක්ම වනු ඇත.

ආරංචි හැටියට මෙම ව්‍යාපෘතියද පසුගිය ආණ්ඩු සමයේ කටාර් රාජ්‍යය සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත ක්‍රියාත්මක වෙයි, එනම් මෙයට ආධාර ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙනි. මෙමගින් සිදුවන පාරිසරික හානිය සහ සත්ව ප්‍රජාවට සිදුවන හානිය ගැන සඳහන් කරමින් මෙයට ආයෝජනය කිරීම නවත්වන ලෙස දන්වා අන්තර්ජාලය හරහා පෙත්සමක් යොමුකරවීමට කටයුතු යොදා ඇත. හැකි නම් ඔබත් මේ සඳහා සහයෝගය ලබා දෙන්න.



මා ආරම්භයේදි සඳහන් කර පරිද්දෙන්ම සිංහල ලේ කැකෑරෙන උන් පරිස්සමට කියවිය යුතුය, මන්ද යත් මේ වන විනාශයේදි සිංහල ලේ පමණක් කැකෑරී පලක් නැතසිංහල දෙමල මුස්ලිම් අප සැම ශ්‍රී ලාංකිකයෝ වෙමු. එසේ නම් මෙයට විරුද්දව බුද්ධිමත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. බයියන් ටොයියන් ලෙස මාස ගණනක් පුරා දේශපාලුවන්ට කඩේ යාම ට්‍රෙන්ඩ් එක වී ඇති මේ කාලයේ එකමුතු වී මෙම ගැටළුව විසඳීමට සියළු දෙනා එකතු විය යුතුය.මෙහි අවසන් තීරණය වත්මන් රජය සතුවන හෙයින් ජනපතිතුමන් මේ සම්බන්දව සොයා බලා නිසි විසඳුමක් ගෙනදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. රටේ පුරවැසියන් ලෙස මේ සම්බන්දව අප අවදිව සිටින බව පෙන්විය යුතු නමුත් එහිදී ඔබව ප‍ටු දේශපාලන අරමුණු ඉ‍ටුකරගැනීමේ ඉත්තන් වනවාදැයි විමසිලිමත් විය යුතුය. අවසන් වශයෙන් තවත් එක් කරුණක් සඳහන් කල යුතුව ඇත. විවිද දේශපාලන අරමුණු පසුපස ගොස් කෑගසන එන්ජීඕ සංවිධාන සහ පාරිසරික ක්‍රියාකාරීන් මේ සම්බන්ඳවද සොයාබලනවා නම් ඉතා වටී.

20 comments:

  1. උඹ මේක ලිව්ව එක වටිනව මහේෂ්. මේ ප්‍රශ්නෙදි ජාති ආගම් පක්ෂ පාට විදිහට හිතන්නෙ නැතුව "අපේ විල්පත්තු අභය භූමිය රැක ගනිමු" කියන චේතනාවෙන් එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන.

    ඒ උනාට මට තියෙන සැකය ඕකටත් ජාති වාදය ඇවිලෙනවා කියන ගොං තර්කෙ ඔළුවේ දාගත්ත බහුතර බලධාරීන්(රජයේ හා අනිත්) සෙට් එකක් නිසා නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව ඔය විනාශය දිගටම සිද්ද වෙන්න ඉඩ දෙයිද කියන එකයි.
    එහෙම නොවේවි කියල හිතමු නේද.

    ReplyDelete
    Replies
    1. මෙතෙන්දි බදියුදීන්ට ගන්න තියෙන එකම චාන්ස් එකත් ජාතිවාදෙම තමයි. ඒකට නැගිටින්න දුන්නොත් නම් ඉතින් සොරිම තමයි.

      Delete
  2. අස්සන් කොලා ඕං එකෙන්ම

    ReplyDelete
  3. රටේ කැළෑ ආරස්සා කොරන්න පෙත්සන් ගහ ගහ ඉඳල හරියයි ද?
    සුදුසු ක්‍රියාමාර්ග ලෙස නීතිය අතට නොගන්නේ ඇයි ? ප්‍රස්නයක්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට,

      පෙත්සමකින් හැම දේම කෙරෙනවා කියල හිතන්න බෑ බං. ඒක ඇත්ත. නමුත් එහෙමයි කියල නීතිය අතට ගැනීම අනුමත කරන්න බෑ. එහෙම උනොත් වෙන්නෙ අර බොදු බල සේනාව වගේ උන් ඇවිත් මේකත් උන්ගේ ගේමක් කරගන්නවා...ඒත් අපිට පුලුවන් විදියට අපි මේකට පාලකයින්ගේ අවදානය යොමුකරවන් ඕනි.

      Delete
  4. අපි අර කොඩිය අරන් පිකට් ඒකක් කරමුද????

    ReplyDelete
    Replies
    1. එතකොට කොයි කොඩියද අපි අරන් යන්නෙ?
      ජාතික කොඩියද? සිංහලේ කොඩියද?

      Delete
    2. අා................ ඒකට සිංහලේ කොඩිය කියලාද කියන්නේ.... අනේ ඉතින් ඔ්කට තමා ඉල්ලං කනවා කියන්නේ

      Delete
  5. සමහර විට මේකට මීට වඩා වෙනස් හේතුවක් ඇති....
    නැවත පදිංචි කිරීමකට කැලෑ එලි කරන්නේ ඉඩම් නැතුව වෙන්ඩ පුළුවන්....මෙතන අවුල උනේ ඒක කරන කෙනා....ඒ යකා එක කරන්නේ තමන්ගේ මිනිස්සුන්ට...
    අපේ එකෙක් ඔහොම කරනවද?? ඒ අතින් ඒකාට ගරු කරන්ඩ ඕනේ...
    අන්තිමට කැලේට වඩා මිනිස් ජිවීත වටිනවා කියලා මේ කතාවත් ඉවර වෙයි!!

    ReplyDelete
  6. මෙතන නියම හේතුව හොයාගන්න ඕන.. නැතිව ජාති ජාති කියල කෑ ගාලා වැඩක් නෑ.. යහපාලන ආන්ඩුව විතරක් නෙමෙයි ජඩමදයෝ පවා නිහඩයි.. සත්‍යය සැගවේ එලියට එන විට තට්ටේ විතරක් තියේවිද දන්නෑ. අක්සන් කොලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත...කාටහරි පඩයක් ගියත් දඟලන ජඩමාධ්‍යවේදියෝ මේ ප්‍රශ්නෙ ඇහුන් නෑ දැක්කෙ නෑ වගේ ඉන්නවා...

      Delete
  7. නෑ බං...ඔතන තියෙන්නෙ රිශාද් ගෙ ඡන්ද පදනම වැඩිකරගන්න උවමනාවක්. මොකද ගිය අවුරුද්දෙදිත් මිනිහා ඔහොම වැඩක් කලා...එතෙන්දි මිනිහා මිනිස්සුන්ට දුන්නෙ වගුරු ඉඩම් බං. වැස්සට යට වෙනවා. ඉතින් ඌට ඇත්තටම මිනිස්සු ගැන කැක්කුමක් නෑ බං.
    අනික මේක මේ අද ඊයෙ ඉඳන් වෙන වැඩකුත් නෙමෙයි.

    ReplyDelete
  8. බදුර්දීන්ගේ මේ ක්‍රියාව නවත්වන්න ඕනේ ජාතිවාදීව නොවේ මතවාදීව.මහේෂ් කියලා තියෙනවා හරි මිනිහාට ඕනේ ජන්ද එකයි පිටින් හරි ගෙන්ත් මේවයේ පදිංචි කරවලා උන්ට ජන්ද අයිතිය දෙන්න හදන්නේ.මේ වගේම වැඩක් මහින්දගේ ආණ්ඩුවත් කෙරුවා උතුරු පළාත් සභා ජන්දේදී.උතුරු මැද සිංහල ජන්දදායකයින්ට ඉඩම් දුන්නා වවුනියාවේ කෑලැ වල.එකම කොන්දේසිය උතුරු ජන්දේදී ජන්දේ දෙන්න ඕනේ සන්ධානෙට.හැබැයි ඉඩම් ගත්තු ගොඩක් වුන් ජන්දේ දාන්න ගියේ නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. //සිංහල දෙමල මුස්ලිම් අප සැම ශ්‍රී ලාංකිකයෝ වෙමු. එසේ නම් මෙයට විරුද්දව බුද්ධිමත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. //

      //බදුර්දීන්ගේ මේ ක්‍රියාව නවත්වන්න ඕනේ ජාතිවාදීව නොවේ මතවාදීව//

      ඇත්තටම සිද්ධ වෙන්ට ඕනි මෙයයි.

      Delete
  9. ඉතින් කවුරුහරි යෝජනා කරන්නකෝ බ්ලොග් සංසදයේ මැදිහත්වීමේන් සමාජ මාධ්‍යකරුවන්ගේ එකමුතුවෙන් විරෝධයක් පවත්වන්න මේ ගැන. අපේ සහයෝගය දෙනවා :)

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් වෙනවා කමියො... බුකියෙ තිබුනා ඉවෙන්ට් එකක්. මම ශෙයා කරලා ඇති. අපි ඒ අයත් එක්ක කතාකරලා බ්ලොග්කරුවන් විදියට අපිට දෙන්න පුලුවන් සහයෝගය දෙමු.

      Delete
  10. මෙතන ජාති භේදයක් නැතුව මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට අපි සාකච්ඡා කළත් අන්තිමට මෙහි ප්‍රධාන වග උත්තරකරු වන රිෂාඩ් බදුර්ඩීන් මුස්ලිම් ජන කටසට අයත් වීමත් ඊනියා ජාතික සමගියට බාධා වේ යැයි බියෙන් ඉහල බලධාරීන් මේ ගැන තීරනයක් නොගැනීමත් කියන කාරනා අපිට මග අරින්න බෑ. කවුරු කළත් වැඩේ වැරදිමයි. අපේ රටේ සුළුතර අන්තවාදී කණ්ඩායම් වලට බය බැගෑපත් දේශපාලකයින් නායකයින් මේ ප්‍රශ්නේදි අඩු තරමින් වන විනාශය කියන පාරිසරික ගැටළුව හඳුනගන්නත් සූදානම් නෑ.

    ReplyDelete
  11. මොකා කලත් මේ වැඩේට විරුද්ධ වෙන්න ඕන ලාංකිකයෝ විදියට. අපි හැමෝටම බලපාන දේවල් මෙව්වා. අතිශය කාලීන දෙයක් මේක නම්... බලමු මොකද වෙන්නෙ කියල...

    ReplyDelete