අද මැයි පළවෙනිදා...අද ආතල් දවසක් වෙන්නෙ
හැමෝටම නිවාඩු නිසා..ඒ එක පැත්තක්...අතීතයට ගියොත් 1886 මැයි මාසෙ 4 දා වැඩ කරන ජනතාව, ඒ කිව්වෙ
කම්කරුවො දහස් ගානක් පාරට බහිනවා.. ඒ පැය 8ක සේවා මුරයක් ඉල්ලලා..එහෙම ඉල්ලීමක් කරපු
කම්කරුවන්ට පොලීසියෙන් වෙඩි තියනවා...කොහොමින්
හරි එදා ඉඳල ලෝකෙ හැම රටක්ම පාහේ කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කරලා සමරනවා.. සමරනවා කියන වචනයත් එක්ක
මට මාර ඇරියස් එකක් තියෙන්නෙ, මොකද සැමරීම කිව්ව ගමන් දැන් හිතට එන්නෙ කෑම
සහ බීම ආතල් දැමීම කියන දේවල්... දැන් අද උදේ වරුවෙ ප්‍රධාන පාරකට ගියපු ඕනෙම
කෙනෙක්ට බලාගන්න තිබුනා ලංකාවෙ කොච්චරක් නම් කම්කරුවො ඉන්නවාද කියල, සහ ඒ අය
කොච්චර ආසාවෙන් මැයි දිනය සෙලිබ්රේට් කොරනවාද කියන එක..ඒ විතරකුත් නෙමෙයි, ලංකාවේ
දේශපාලන පක්ෂ වැඩකරන මිනිහාට කොච්චරක් ආදරේද කියලත් බලාගන්න පුලුවන් අද රෑට නිවුස්
බැලුවනම්...
දැන් මං අහන්නෙ මේකයි...අද දවස කාගෙද?
පොතේ හැටියට අද ලෝක කම්කරු දිනය. ඒ කීවේ
තමන්ගේ ශ්‍රමය යම් වැටුපක් වෙනුවෙන් යොදවන මිනිසුන්ගේ දිනය.. එහෙනම් අද දිනය වෙන්
වෙන් ඕනි ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට වැඩි අවදානයක් යොමුකරවන්න. අවුරුද්දෙ දවස් 365 න් අද විතරයි
කම්කරුවන්ට ඉතුරුවෙන්නෙ තමන්ගෙ ඉල්ලීම් ඉල්ලන්න..
ඒත් ඉතින් අද වෙන්නෙ ඒකද?
කියන්න සන්තොසයි ලංකවෙ කම්කරුවො වර්ග 17 ක් විතර
ඉන්නවා.. මොකද අද විවිධ මැයි රැලි 17 ක් මේ පුංචි රට ඇතුලෙ පැවැත්වෙනවා.. බොරු
නම් රෑට ටීවී බැලුවනම් හරි.. ඉතින් යකෝ මේ සමරන්නෙ වැඩකරන මිනිහාගෙ දවස
නම්... මොන ඉට්ටකට ද රැලි 17 ක්.. ඔන්න ඔතෙන්දි
තමයි මැයි දිනය සෙලිබ්රේට් කිරීම කියන මඟුල ගෑවෙන්නෙ...
පට්ට පල් ඇත්ත කියනවා නම් අද මැයි දිනය
සැලිබ්‍රේට් කොරන්නෙ කම්කරුවොවත් වැඩකරන ජනතාව වත් ඔය එකෙක්වත් නෙමෙයි, දේශපාලුවො!!, තමන්ගෙ පක්ෂය
වටා ඉන්න ජනතාව පෙන්නන්න තියෙන අවස්ථා අතරින් හොඳම අවස්ථාව මේක.. අවුරුද්දෙ ඉතුරු
දවස් 364 ම පඩයකට වත්
මායිම් නොකරන අහිංසක මිනිස්සුන්ට සහෝදරවරුනි කියල කෑගහල ආදරේ පෙන්නන්න පුලුවන් දවස
අද... වැඩකරන ජනතාව ඉන්නෙ අපිත් එක්කයි කියල රටටම ලවුඩ්ස්පීකර් දාල කියන්න පුලුවන්
දවස අද...ඉතින් අපේ පොලිටික්කන්ට අද තරම් සතුටු දවසක් කොයින්ද..
ඉතින් අතට බත් පැකට් එකක් දීලා ආදරෙන් බස්
එකට ගොඩකරගත්තු අපේ කම්කරුවන්ව අන්තිමේදි ගිහින් බස්සවන්නෙ මැයි රැලිය කියල
කියාගත්තු තවත් දේශපාලන සංදර්ශනයකටම විතරයි.. මේක අද ඊයෙ ඉඳල වෙන දෙයක් නෙමෙයි, ඒත් හැමදාමත්
වගේ අදත් ඒ වගේම හෙටත් කම්කරුවන් තමන්ගෙ ඉල්ලීම් දිනාගැනිල්ල කෙසේ වෙතත් දේශපාලුවන්ගේ
අතකොලුවක් බවට පත්වෙනවා..එහෙම බැලුවම අද කියලත් වෙනසක් නැතුව අවුරුද්දෙ ඉතුරු දවස්
වගේම අදත් කම්කරුවො පච වෙලා..ලොක්කො පොර වෙලා...
කම්කරුවා වහල් සේවකයාගෙන් වෙනස් වෙන්නෙ
මානසිකත්වයත් එක්ක.. ඒ වගේම පිලිගැනීමත් එක්ක.. නමුත් අද මැයි දින සැමරුම දිහා
බැලුවාම හිතෙන්නෙ මෙකත් එක්තරා ආකාරයක වහල් භාවයක් කියල.. මොකද කම්කරුවන් විදියට
තමන්ගේ ඉල්ලීම් හෝ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට වහලුන් වගේ දේශපාලන
පක්ෂ නියෝජනය කිරීමක් වෙන්නෙ.. තමන්ට පැවැත්මක් නැති නිසා අප්පච්චි වෙනුවෙන්
පාර්ලිමේන්තුව ඇතුලෙ නයිට් ගහපු දේශපාලුවන්ගෙයි ඒ අප්පච්චි වෙනුවෙන් මැයි රැලි වලට
යන කම්කරුවන්ගෙයි මහ වෙනසක් තියෙනවද? එදා හේමාකට්
චතුරශ්‍රයෙ වෙඩිකාපු කම්කරුවන් බලාපොරොත්තු වුනේ මේ ටිකද?
කෝ ඉක්මනට
ඉක්මනට
කෝ කට්ටිය
හරිද...
මොකක්ද අයිසෙ
ඔය ඇඳුම
ලොක්කගෙ ටී
ෂර්ට් එක නැද්ද?
බලනවකො ලොක්ක
දැක්කොත්..
ෆුල්
අන්දොස්නෙ ඕයි...
රායිට්..
කට්ටිය කන්න කලින් මොනාහරි..
එනව එනවා..ආහ්
ටිකක් දාගන්නවා...
බොනවා ඕයි..අද
අපේ දවසනෙ..
මේ කැප් එක
දාගන්නවල හැමෝම...
කොලේ
හම්බුනාද...
හරි...ලොක්කට
මූන පෙන්නගන්නවා හරිද..
ලොක්කා හොඳ
මිනිහා ඕයි...
සලකයි
තමුසෙලට...
ආහ් මෙහෙ
එනවා...
කෝ අද පුතාවත්
එක්ක එනවා කිව්ව නේද...
දැන්ම තියා
යූනියන් එකට නම දානවා...
ජොබ් නම් ඉතින්
මොනාද ඕයි..
අපේ
ආණ්ඩුවනෙ...
රායිට්
බහිමු.. කෝ ගන්නවා ගන්නවා
ලොක්කගෙ බැනර්
ටික ගන්නවා...
දැන් තියෙන්නේ කම්කරු රැස්වීම් නෙවෙයි....කම්කරුවෝ විකුණලා කම්කරුවන්ගේ දහඩිය විකුණලා තමන්ගේ දේශපාලන මතය මාකට් කරන දේශපාලන රැස්වීම් විතරයි දැන් තියෙන්නේ...
ReplyDeleteහැමදාම වගේ තමයි, කම්කරුවට මැයි දිනේ කියල වෙනසක් නෑ...
Deleteඒදාටත් කම්කරු සේවයම තමා............... දේශපාලකයන් වෙනුවෙන් කම්කරුවන් නිලවශයෙන් කඩේ යන දවස......
ReplyDeleteඑකෙන්ම..නිල වශයෙන් කඩේ යනවා.. ඒ විතරක් නෙමෙයි ලෝකෙටම අඬබෙර ගගහ යන්නෙ..
Deleteඅදත් කඩේ යමු. වෙනසකට තියෙන්නෙ කඩේ යන්නම කියලා නිවාඩුවකුත් දීලා තියෙන එක. මේවයෙ මැයි දිනේ සිද්ධවෙන දේවල් ඔය දිනය සම්මත කරගත්තු අය වහ බොනවා.
ReplyDeleteහොඳ වෙලාවට උන් දැන් නැත්තෙ...
Deletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16797-may-day
ReplyDeleteබොහෝම ස්තුතියි අජිත් අයියේ... ඔයාගෙ සප් එක නම් සෑහෙන්න වටිනවා...
Deleteදැං මැයි දිනේ කියන්නෙ පට්ට බොරුවක් .
ReplyDeleteසැටිපිකෙට් ඇත්ත බං
Deleteසහතික ඇත්ත. හැමදාම කඩේ යන එක තමා ඉතින් කම්කරුවගෙ රාජකාරිය. ඒක ඉතිං මැයි පළවෙනිද කියල වෙනසක් නෑ.
ReplyDeleteඔව් බං මනා...වෙලාවකට හිතෙනව බං මුන්ට හොඳ නම් අපිට මොකෝ කියල
Deleteපළවෙනිදා බලන්න අරං, මොකක් හරි හේතුවක් නිසා මග අැරුණා. පක්ෂ වලින් මැයි දිනය සමරන එකට මමත් විරුද්ධයි. මේක ජොලි ට්‍රිප් එකක් කරන්නේ එයාලා. නමුත් විවිධ වෘත්තීය සමිතිත් මැයි පෙළපාලි යනවා. ඒවා නොපෙනෙන්නේ මේ වගේ, මහා.... ඒවා නිසා.
ReplyDeleteඇත්ත සුධීක අයියෙ... දැන් අපේ ඇටෙන්ෂන් එක ගන්නෙ අර දේශපාලුවො කරන මැයි රැලි කියල කියාගන්න මීටින් වලටනෙ.
Delete// නමුත් අද මැයි දින සැමරුම දිහා බැලුවාම හිතෙන්නෙ මෙකත් එක්තරා ආකාරයක වහල් භාවයක් කියල.. මොකද කම්කරුවන් විදියට තමන්ගේ ඉල්ලීම් හෝ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට වහලුන් වගේ දේශපාලන පක්ෂ නියෝජනය කිරීමක් වෙන්නෙ..// ++++++++++++++
ReplyDeleteමැයි දිනයේ නිදහසත් අහිමි කම්කරු ජනතාවක්. අහෝ දුකකි! ඉරකි. තිතකි!
දුකයි නේන්නම්...අනුකම්පා කරනව ඇරෙන්න මොනා කරන්නද
Deleteඔව්ව ඔහොම තමා බං.. ගණන් ගන්න එපා.. අඩුගානේ ඔය පෙළපාලි යන එකාලට බත් පැකට් එකයි ගල් කාලයි වත් හම්බෙනවනෙ. කම්කරු සටන් කවදාවත් දිනන්න බෑ මේ කපේදී. එකට ඉන්න ඒකාල පාවල දීල උන් පොරවල් වෙනවා... ඕකයි ඇත්ත..
ReplyDeleteගල් කාලටයි බත් පැකට් එකටයි විකිනෙද්දි මොන දිනුමක්ද බං සජ්ජො...
Deleteඕක නම් හැමදාමත් දුක හිතෙන කතාවක් මලේ...
ReplyDelete