රැලි නගන හැටි සාගරේ අර බලාපන් තව_______ ගලනවා
සයුරු තෙර ළඟ පෙම්වතුන් උන් අදත් පෙම්බස්_ දොඩනවා
පෙන
නගින රැලි සමඟ සෙල්ලම පුංචි උන් තව__ ඉන්නවා
රැල්ල එනවග නොදැනදෝ උන් අදත් මාලිග____ තනනවා
දෑත පටලන් ඈත ඇවිදින පෙම්යුවල දුර_______ ඇදෙනවා
ආදරෙන් උන් ඇවිද ගිය මඟ වෙරල සලකුණු____ කරනවා
ආදරේ ගැන තවත් උන් මේ වෙරලෙ සිතුවම්_____කරනවා
නපුරු වී දෝ වැල්ල පිස එන රැල්ල සලකුණු____ මකනවා
පෙන නගින සුදු රැල්ල පාගන උන්ගෙ සිනහව__ ඇහෙනවා
රැල්ල ගෙනගිය මාලිගා ළඟ පුංචි උන් තව_____ හඬනවා
තනිව උන් මා දිහා බල බල මුහුද හෝ හෝ____ කියනවා
මගේ තනියට මුහුදු හුළඟත් මාත් එක්කම_____ අඬනවා
මරු . . . . ඈ . . . .
ReplyDeleteතැන්කූ තැන්කූ....ජය වේවා!!!
Deleteකවිය මසුරං... ඒ ගැන කියන්න වදන් නෑ... හැබැයි ඉතිං උඹේ නාහෙන් ඇඬිල්ල නං දැන් අරහං.. :P
ReplyDeleteමොනව ලියන්න ගත්තත් අන්තිමට ලියවෙන්නෙ මේ වගේ ඇඬිල්ලක් තමයි සජ්ජෝ... මං සෑහෙන්න ට්‍රයි කරනවා.. කෝම උනත් තැන්කූ හොඳේ...
Deleteමට හරි ප්‍රශ්න...මූ මේ කියන්නේ එක කෙල්ලෙක් ගැනද? ගොඩක් ගැනද??
ReplyDeleteඅඩෝ මගේ පරම පිවිතුරු ප්‍රේමයට අපහාස කරන් එපා බොල....
Deleteකරටිය වෙරලට නැමුණූ
ReplyDeleteගසකට වෙරලේ තනිවූ
අපි තනිකම නොම දී රෑ වෙනතුරු
කී කතා ඇසේ රහසින්..
කවුරුත් සමුගත් වෙරළින්..
කරදිය කිරිහඳ දුටුවා..
තුශරයක් විලස ඈතින්..
පඬු පැහැ ගත් අවුවේ පා සළකුණු..
නෑ මැකී ගියේ විගසින්..
තෙමුණත් වෙරළේ රලකින්..
හිරු හැපී හඩන සයුරේ..
තරු කඩා වැටෙන අඳුරේ..
ඔබ සොයා ගනිමි දඟ කරන තාරකා
යුවලක් ලඟ අහසේ..
ලොව නිදි ගත් මේ යාමේ...
ලස්සනයි අයියෙ...සිරාවටම
Deleteපෙනෙන නොපෙනෙන දුර ඉඳන් මම තාම රහසින් .....අඬනවා
ReplyDeleteඅතැර ගිය පව ගැන හිතන් දුක ගාව මගෙ හිත.......... රැඳෙනවා
බිඳෙන ඉපදෙන රැලි බලන් බිඳි පේමයේ රහ............ විඳිනවා
තනිව ලතැවෙන හිත ළඟින් මට හොරෙන් ඉන්නට ......... හිතෙනවා
++++++++++
Deleteප්‍රියන්ති අක්කාව සාදරයෙන් පිලිගන්නවා අඳුරට...
Deleteඅගෙයි කවිය.... ලස්සනයි..
ආයෙත් එන්න...
වෙරලේ හැපෙනා දළ රළ අතරේ - මුමුණයි හෙමිහිට අපේ කථා
ReplyDeleteරැල්ලට හසුවී වෙනතක ගිය මුත් - සුදු වැලි මුමුණයි අපේ කතා
අර සින්දු ඇනෝවට කියපං මාව නරක මිනිහා කරගන් නැතුව මේ පැත්තෙ එන්න කියල..
Deleteතැන්කූ මධූ...
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
Deleteඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි
වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා
ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
මාමත් කියන්න ගියේ උඹේ ඔය විලාපේ නවත්තාපන්, උඹට නියමෙට කවි ලියන්න පුළුවන්, හිත සැනසෙන විදිහේ ඒවත් ලියන්න ට්‍රයි කරපන්, ජය
ReplyDeleteඅනේ මෙන්න මුන් මට බනිනවෝ........ :-(
Deleteඅනේ නෑ බං ඉවාන් අයියෙ ඉතින් හිතට ආවම ලියනවා... හිතට එන එක නවත්තගන්න බෑනෙ අෆ්ෆා...
පට්ට බං.
ReplyDeleteඋඩින් කට්ටිය කියල තියෙනව වගේ විලාපෙ පැත්තකින් තියලා වෙන මාතෘකා ටිකක් ගැන හිත යොමු කරා නම් හොඳයි නේද එතකොට තව හොඳ දේවල් එලි බහීවි.
ජය වේවා!!!
තැන්කූ මනා.. අඩේ උඹේ සින්දු 2 ම මරු බං.. අපේ ඔෆිස් එකේ උනුත් අහනවා..
Deleteහරි හරි අපෝ ආයෙ නම් කාලෙකට අඬන එව්වා ලියන් නෑ..
http://nelumyaya.com/?p=1872
ReplyDeleteබොහෝම ස්තුතියි අජිත් අයියේ....
Deleteඇසින් වැටුණු කඳුළැල් ඔබ වෙනුවෙන්
ReplyDeleteදෙකොපුල් මත වියැළී නොගොසින්
පොළොවට වැටුණා නම්
එතැන ගඟක් වී ගඟ සයුරක් වී
සයුර හඬන තැන හඬා වැටේ...
කළුගල් පරවල විසිරී
සුන්වන පෙණ බුබුලක් සේ
ජීවිතයේ අරුමය පැවසෙද්දී
සයුර හඬන තැන ඔබ හිනැහෙන
හැටි ඔහු සෙවණැල්ලේ
කාට කියන්නද කිව මැනැවී...
කොතැනද පිවිතුරු සෙනෙහස
ඇත්තේ හිත විමසද්දී
ආදරයේ මහිමය වැලපෙද්දී
දෙනෙත මොටද මට කඳුළු
හෙළන්නට තව ඉඩ දෙන්නේ
සිහි කර දී යට ගිය සිද්ධී...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : දිනේෂ් නාකන්දල