Saturday, April 25, 2015

වෙරල කොනක...





රැලි නගන හැටි සාගරේ අර බලාපන් තව_______ ගලනවා
සයුරු තෙර ළඟ පෙම්වතුන් උන් අදත් පෙම්බස්_ දොඩනවා
පෙන නගින ‍රැලි සමඟ සෙල්ලම පුංචි උන් තව__ ඉන්නවා
‍රැල්ල එනවග නොදැනදෝ උන් අදත් මාලිග____ තනනවා

දෑත පටලන් ඈත ඇවිදින පෙම්යුවල දුර_______ ඇදෙනවා
ආදරෙන් උන් ඇවිද ගිය මඟ වෙරල සලකුණු____ කරනවා
ආදරේ ගැන තවත් උන් මේ වෙරලෙ සිතුවම්_____කරනවා
නපුරු වී දෝ වැල්ල පිස එන ‍රැල්ල සලකුණු____ මකනවා


පෙන නගින සුදු ‍රැල්ල පාගන උන්ගෙ සිනහව__ ඇහෙනවා
‍රැල්ල ගෙනගිය මාලිගා ළඟ පුංචි උන් තව_____ හඬනවා
තනිව උන් මා දිහා බල බල මුහුද හෝ හෝ____ කියනවා
මගේ තනියට මුහුදු හුළඟත් මාත් එක්කම_____ අඬනවා

21 comments:

  1. මරු . . . . ඈ . . . .

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ....ජය වේවා!!!

      Delete
  2. කවිය මසුරං... ඒ ගැන කියන්න වදන් නෑ... හැබැයි ඉතිං උඹේ නාහෙන් ඇඬිල්ල නං දැන් අරහං.. :P

    ReplyDelete
    Replies
    1. මොනව ලියන්න ගත්තත් අන්තිමට ලියවෙන්නෙ මේ වගේ ඇඬිල්ලක් තමයි සජ්ජෝ... මං සෑහෙන්න ට්‍රයි කරනවා.. කෝම උනත් තැන්කූ හොඳේ...

      Delete
  3. මට හරි ප්‍රශ්න...මූ මේ කියන්නේ එක කෙල්ලෙක් ගැනද? ගොඩක් ගැනද??

    ReplyDelete
    Replies
    1. අඩෝ මගේ පරම පිවිතුරු ප්‍රේමයට අපහාස කරන් එපා බොල....

      Delete
  4. කරටිය වෙරලට නැමුණූ
    ගසකට වෙරලේ තනිවූ
    අපි තනිකම නොම දී රෑ වෙනතුරු
    කී කතා ඇසේ රහසින්..
    කවුරුත් සමුගත් වෙරළින්..

    කරදිය කිරිහඳ දුටුවා..
    තුශරයක් විලස ඈතින්..
    පඬු පැහැ ගත් අවුවේ පා සළකුණු..
    නෑ මැකී ගියේ විගසින්..
    තෙමුණත් වෙරළේ රලකින්..

    හිරු හැපී හඩන සයුරේ..
    තරු කඩා වැටෙන අඳුරේ..
    ඔබ සොයා ගනිමි දඟ කරන තාරකා
    යුවලක් ලඟ අහසේ..
    ලොව නිදි ගත් මේ යාමේ...

    ReplyDelete
    Replies
    1. ලස්සනයි අයියෙ...සිරාවටම

      Delete
  5. පෙනෙන නොපෙනෙන දුර ඉඳන් මම තාම රහසින් .....අඬනවා
    අතැර ගිය පව ගැන හිතන් දුක ගාව මගෙ හිත.......... රැඳෙනවා
    බිඳෙන ඉපදෙන රැලි බලන් බිඳි පේමයේ රහ............ විඳිනවා
    තනිව ලතැවෙන හිත ළඟින් මට හොරෙන් ඉන්නට ......... හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති අක්කාව සාදරයෙන් පිලිගන්නවා අඳුරට...
      අගෙයි කවිය.... ලස්සනයි..
      ආයෙත් එන්න...

      Delete
  6. වෙරලේ හැපෙනා දළ රළ අතරේ - මුමුණයි හෙමිහිට අපේ කථා
    රැල්ලට හසුවී වෙනතක ගිය මුත් - සුදු වැලි මුමුණයි අපේ කතා

    ReplyDelete
    Replies
    1. අර සින්දු ඇනෝවට කියපං මාව නරක මිනිහා කරගන් නැතුව මේ පැත්තෙ එන්න කියල..
      තැන්කූ මධූ...

      Delete
    2. වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
      ඔබ එන මග මා පවන් සැලී
      පෙර දිනයක අප හමු වූ තැන හිඳ
      වෙන්වන්නට මුණගැසෙමු යළි

      වෙරලේ හැපෙනා දළ රළ අතරේ
      මුමුණයි හෙමිහිට අපේ කථා
      රැල්ලට හසුවී වෙනතක ගිය මුත්
      සුදු වැලි මුමුණයි අපේ කතා
      ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
      නැති ලෙස හදවත හඬා වැටේ
      එනමුදු අප පෙම් කතාව නිම වී
      සමුගන්නම් අද තරහ නොවී

      ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

      Delete
  7. මාමත් කියන්න ගියේ උඹේ ඔය විලාපේ නවත්තාපන්, උඹට නියමෙට කවි ලියන්න පුළුවන්, හිත සැනසෙන විදිහේ ඒවත් ලියන්න ට්‍රයි කරපන්, ජය

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්න මුන් මට බනිනවෝ........ :-(
      අනේ නෑ බං ඉවාන් අයියෙ ඉතින් හිතට ආවම ලියනවා... හිතට එන එක නවත්තගන්න බෑනෙ අෆ්ෆා...

      Delete
  8. පට්ට බං.
    උඩින් කට්ටිය කියල තියෙනව වගේ විලාපෙ පැත්තකින් තියලා වෙන මාතෘකා ටිකක් ගැන හිත යොමු කරා නම් හොඳයි නේද එතකොට තව හොඳ දේවල් එලි බහීවි.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මනා.. අඩේ උඹේ සින්දු 2 ම මරු බං.. අපේ ඔ‍ෆිස් එකේ උනුත් අහනවා..
      හරි හරි අපෝ ආයෙ නම් කාලෙකට අඬන එව්වා ලියන් නෑ..

      Delete
  9. Replies
    1. බොහෝම ස්තුතියි අජිත් අයියේ....

      Delete
  10. ඇසින් වැටුණු කඳුළැල් ඔබ වෙනුවෙන්
    දෙකොපුල් මත වියැළී නොගොසින්
    පොළොවට වැටුණා නම්
    එතැන ගඟක් වී ගඟ සයුරක් වී
    සයුර හඬන තැන හඬා වැටේ...

    කළුගල් පරවල විසිරී
    සුන්වන පෙණ බුබුලක් සේ
    ජීවිතයේ අරුමය පැවසෙද්දී
    සයුර හඬන තැන ඔබ හිනැහෙන
    හැටි ඔහු සෙවණැල්ලේ
    කාට කියන්නද කිව මැනැවී...

    කොතැනද පිවිතුරු සෙනෙහස
    ඇත්තේ හිත විමසද්දී
    ආදරයේ මහිමය වැලපෙද්දී
    දෙනෙත මොටද මට කඳුළු
    හෙළන්නට තව ඉඩ දෙන්නේ
    සිහි කර දී යට ගිය සිද්ධී...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
    ගායනය : දිනේෂ් නාකන්දල

    ReplyDelete