Tuesday, February 3, 2015

මොකක්ද මේ ආදරේ.... 18+




"" මචන් මොකක්ද ආදරේ කියන්නෙ..."

"ආදරේ කියන්නෙ මචන් x#කන්න ගහන ප්ලැන් එකක් නෙ"
"වෙන මොනාත් ඔතන නෑ බං..."

"දැන් බලපන්.. උඹ කෙල්ලෙක් දකිනවා....
මොකද වෙන්නෙ.. උඹව ඇවිස්සෙනවා...
උඹට ඒකිව දාගන්න ඕන වෙනවා.....
දැන් ඔතන තියෙන්නෙ ආදරේද???


"අනේ නිකන් පලයන් බං යන්න...
උඹට ඒකිව ෆීල් වෙනව කියන්නෙ උඹට ඒකි
එක්ක බුදියගන්න ඕනි වෙනවා.. හැබැයි උඹ කියන්න
බයයි.. නිසා උඹ ආදරය කියන වචනෙ පාවිච්චි කරනවා උඹේ
හිතේ තියෙන ආශාව ඉෂ්ඨ කරගන්න...""

"එහෙනම් දැන් ඕනතරම් කොල්ලො ඉන්නෙ තමන් බඳින්න ඉන්න කෙල්ලට මොනාත්ම නොකර?"

"අන්න මචන් වැරදුන තැන....
ඉන්නව නෙමෙයි මචන් තමන්ගේ යටි හිතේ තියෙන වලත්තකම හංගගෙන ඉන්නව...හැබැයි ඔය කොයි එකාවත් කාමරේකට දාලරැයක් තිබ්බොත් බලන්න පුළුවන් ආදරේ තරම...අනික තමන් බඳින්න ඉන්න කෙල්ල විතරක් පත්තිනි අම්ම උනාම හරි...අනික් කෙල්ලො වේසියො ගානට දානවා....
එතන කොහෙද බං ආදරයක්.."

****


7 comments:

  1. උබනම් මචෝ ගැන අඳුරේම තමයි

    ReplyDelete
    Replies
    1. හි හි.. මගේ යාළුවෙක් කියපු කතාවක් බං මේ.. ඇත්ත නැත්ත ඉතින් කල්පනා කරල බලන්න වෙනවා...
      මේ පැත්තෙ ආවට ස්තුතියි...

      Delete
  2. අාදරය සහ ලිංගිකත්වය

    අැත්තටම මහේෂ්..... මේක විවෘතව කතා කරන්න ඔ්න මාතෘකාවක් තමයි.. ෆ්‍රොයිඩ්ට අනුව නම් සියල්ල ම ලිංගිකත්වය වෙන නිසා සෑම අාදරයක් ම ලිංගිකත්වය කියලා හදුන්වන්නත් පුළුවනි.. ඒත් අපිට කෙනෙක් ගැන අැති වන පළමු හැගීමම ඔහු හෝ අැය සමග ලිංගිකව ඒකතු වීම ම නෙමෙයි.. සමහර විට රූපයට අාශා සිතීම.. කතාවට හෝ හැසිරීමට අාශා සිතීමක් විය හැකියි... ඒහි දිගුව ලිංගිකත්වය කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවනි..... ඒත් ඒ දෙක අතර පරතරයක් තියෙනවා කියන ඒකයි අපේ හැගීම.....

    හොද පවුල් ජීවිතයක පදනම ලිංගික බැදීම කියන කතාවත් අැත්ත... ඒ වගේ ලිංගිකත්වය විසින් අාදරය රකින අවස්ථාවකුත් තියෙනවා තමයි.... ඒත් ලිංගිකත්වය කියන දේට ඒහා ගිය හැගීමක් තමයි අාදරය කියන්නේ

    ReplyDelete
    Replies
    1. ආදරය = ලිංගිකත්වය කියන්න උත්සාහ කරා නෙමෙයි...
      අද සමහරු හිතන විදියයි කියන්න උත්සාහ කලේ...
      ආදරය ලිංගිකත්වයයි කිව්වොත් ඒක අන්තගාමී වෙනවා...

      ස්තුතියි...

      Delete
    2. කාටවත් හරියටම මේකමයි කියලා කියන්න අමාරුයි.ඒත් ආදාරය කියන ෆීලින් එක ආවම මාර සැහැල්ලුවක් දැනෙනවා ජීවිතේට.නැද්ද?

      Delete
    3. ඔව් එහෙම වෙනවා තමයි..ඒත් විඳවන්න ගත්තම නම් සැහැල්ලුව දෙපිටින් යනවා...

      Delete
  3. උබට මේක තව පහැදිලි කරන්න තිබුනා

    ReplyDelete