Monday, April 20, 2015

එන්න පින් ගන්න...



අවුරුදු උණුසුමත් එක්ක කතරගම වන්දනාවක යන්න තිබුන නිසාම බ්ලොග පැත්තෙවත් එන්න බැරි වුනා...ඒත් ඒ ගමන නිසාම අද මේ දේ ලියන්න ඕනි කියල හිතුනා...

අපි කතරගම ගියේ 15 උදේ වරුවේ...මිනිස්සු අවුරුදු කන්නෙ ගෙවල්වල කියල හිතුවට සෑහෙන සෙනඟක් අවුරුදු කාල තිබුනෙ කතරගම...අපි යද්දි නම් එකම එක විශ්‍රාම ශාලාවක් වත් අඩුමගානෙ හොටෙල් රූම් එකක්වත් හොයාගන්න තිබුනෙ නෑ...ඒ තරම් ශ්‍රද්දාවන්ත පිරිසක් මේ රටේ ඉන්න එක ගැන හදවතින්ම සතු‍ටු වෙන් ඕනි.

ඉතින් සුවහසක් බැතිමතුන් අතරින් අමාරුවෙන් කතරගම මහ දේවාලෙ ගාවට යද්දි ගිය වාහනේ නවත්තගන්න තැනක් නෑ..හැම තැනම වාහන නවත්තලා... අමාරුවෙන් ළඟ තිබුන පූජා භාන්ඩ කඩයක් ලඟින් ඩ්‍රැයිවර් අයියා වාහනේ ගැහුවා විතරයි..

මල්ලි...පූජා වට්ටි කීයක් ගන්නවාද?

බුවෙක් ඇවිත් අහපි...
අපේ අම්මලා කිව්ව හැටියට කතරගම අවටින් ගන්න පූජා වට්ටි හොඳ නෑලු.. ඒ පළතුරු නරක් වෙලාලු...පළතුරු සුවඳට තියෙන් ඕනිලු.. නැත්නම් දෙවියො එව්වා ගන් නෑලු...දෙයියො කෙසේ වෙතත් ගෙඩි පූජා තියද්දි ගෙඩි ටික මල්ලක දාගෙන ආපහු කවුදෝ යනව මං දැක්ක...මගෙ හිතේ දෙයියොද කොහෙද..
හරි ඒ කතා පැත්තකට තියලා අපි ආයෙම කතාවට යමුකො....අර කඩේ අයියා අරම ඇහුවාම අපේ මාම කෙනෙක් මල්ලි පූජා වට්ටි 2 ක් දෙන්න කිවා.. අපේ නඩේ වාහනින් බහින්නත් කලින් අරූ පූජා වට්ටි 3 ක් අරන් එනවා..

රු 300 ඉඳන් තියෙනවා..කෝවද ඕනි?



යකෝ මෙන්න වැඩක්...
දැන් කතරගම දෙයිහාමුදුරුවො පැකේජ් වලටද අපිව ආරක්ෂා කරන්නෙ...
රු300 පටන් ගත්තම 3000 වෙනකම් විවිද විවිද මාදිලි වල පූජා වට්ටි ගන්න පුලුවන්...
මයෙ හිතේ අපිට ලැබෙන පින් එහෙමත් වෙනස් වෙනවා පූජා වට්ටිය අනුව..
මට මේ සීන් එක හෙන අවුලක් උනත් අනුහස් තියෙන තැන්වල කට වරද්දව ගත්තාම දිවි කොටි ඇවිත් ඇදන් යනවයි කියල අපේ අම්මා මට කියල තිබුන නිසාම මම කටවහගෙන පූජාවට්ටියක් අතට ගත්තා...

දේවාලෙ පැත්තට හැරෙද්දිම ඔන්න තව කාර් එකක් ආවා... නැවැත්තුවා මේ වට්ටි කඩේ ළඟින්ම..වට්ටි කඩේ කිව්වෙ පූජා වට්ටි ශොප් එක...
ඉතින් අර කඩේ බුවත් අපිට දීපු ටෝක් එකම අර කාර් එකෙන් ආපු බවලත් උදවියටත් දුන්නා..මෙන්න මෙහෙමයි එතන ගිය සීන් එක..

කඩේ අයියා : පූජා වට්ටි කීයක් ඕනිද
කාර් එකේ අය : කිව්ව දේ පැහැදිලි නැත

කඩේ අයියා : එහෙම කරන් එපා මහත්තයා, වාහනෙත් ගහල මෙතන මේ ගන්න ගන්න 300 එකක්වත් ගන්න
කාර් එකේ අය : පළතුරුත් සවුත්තුයි අපි ගෙනාපු ඒවත් තියෙනවා....

කඩේ අයියා : අනේ මේ මහත්තයා #%ත්තක් කතා කරන් නැතුව යන්න මහත්තයා...
කාර් එකත් අරගෙනම යන්න...

යනවා තමයි ඕයි කියාගෙන ඒ මිනිස්සු යන්න ගියා... අපිත් එන්න ආවා.. යකෝ මේක හරි මගුලක් වුනානෙ ගොඩක් උන්ට දෙවියො මත වෙන්නෙ කෙල උනාම, ඉතින් ඔය කොයි හැටි වෙතත් මිනිස්සු මේ තැන් වලට එන්නෙ හිතේ සැනසීමක් හොයාගෙන..එහෙම එන මිනිස්සුන්ට තවත් මිනිස්සුයි කියල කියගන්න සම හරක් මේ විදියට සලකන එක අන්තිම පහත් ජඩ වැඩක් කියන එකයි මගේ හැඟිම. අපි හැමෝටම ජීවත් වෙන්න සල්ලි ඕනි, සල්ලි හම්බකරගන්න හැමෝම පුලුවන් විදියට තමන්ගේ දේවල් මාකට් කරනවා.. අනුන්ගෙ මඟුල් පවා මාකට් කරනවා..ඉතින් දෙයියො බුදුන්ව හරි කමක් නෑ මාකට් කරත් හරි විදියට, එහෙම නැතුව හිතේ දහසක් ප්‍රශ්න තියාගෙන මෙතෙන්ට එන මිනිසුන්ට මෙහෙම කොරන උන්වනම් අම්මපා දිවියොම අරන් පල!!

ඉතින් කොහොම හරි පූජා වට්ටිත් අරගෙන දැන් අපි දේවාලෙ ගාවට ඇවිදන් එනවා...
එනකොට ඈතින් පේනව චීන මහා ප්‍රාකාරෙ වගේ දිග මිනිස්සු පෝලිමක්... ඔක්කොම පූජා වට්ටි අතින් අරගෙන..අපිත් ගිහින් පෝලිමේ කොනකට සෙට් උනා...
ඔහොම පෝලිමේ ඉන්නකොට කවුදෝ අතින් අදිනවා

මහත්තයා...මාත්තයා...
මාත්තයා දුර ඉඳන් තමයි ඇවිත් තියෙනවා...
හිතේ ශැනශීම තමයි මාත්තියා නැත්තෙ...

හැහ්...ඔව් ඔව් සාත්තරකාරයෙක්...
මට දන්න කාලෙ ඉඳලම සාත්තරකාරයො පෙන්නන්න බැරි නිසා මම
ඩෑල් එක දිහා ඔරවල බැලුවා...

මාත්තියා දියුණුව ගැන තමා හිතනවා...
මාත්තියා මූන බැලුවම කියන්ට පින්වන්තයි මාත්තියා...
අත දෙන්නකො බලන්ට...

යකෝ මෙව්වට සාත්තර කිව්වැහැකිද?
මනුශ්‍ය ස්වභාවය තමයි තමන්ට කෙල වෙනකම් දෙයියො බුදුන් ගැන නොහිතන එක.. පුක බිම ඇනුනම කොරපු පවු ඔක්කොම හේදෙන්න කියල හිතාගෙන පූජා වට්ටියකුත් ඉස්සර කරගෙන මෙතෙන්ට එන්නෙ හිතේ සැනසීමට නැතුව වෙන අහවල් එකකටද?
ඇරත් දියුණුව ගැන නොහිතන උන් මේවට එයිද? මම මෙහෙම හිතුවත් සෑහෙන පිරිසක්  තමන්ගෙ අනාගතය වෙන එකෙක්ට කියල අහගන්න සෑහෙන උනන්දු වෙන බවක් පෙනුනා...

ඉතින් ඔහොම ගිහින් කොහොම හරි අපි කිරි වෙහෙරට යන්න පිටත් උනා...
දේවාල භූමියෙ ඉඳන් කිරිවෙහෙරට යනකම් යද්දි තමයි ඊලඟ සීන් එක...

එන්න එන්න මල් ගන්න...අපෙනුත් ගන්න මල්...

මල් කෙල්ලො , මල් ඇන්ටිලා වගේම මල් ආච්චිලත් ගොඩායි...
දෙයියන්ට බුදුන්ට පූජා කරන මල් කියල වෙනසක් නැතුවම පූජා වට්ටි සිස්ටම් එක මෙතනත් තිබුනා... රු 20 ඉඳන් ඉහලට ලොකු ලොකු ගණන් දක්වාම මල් වට්ටි , මල් කූඩ තිබුනා... කට්ටිය මල් ගන්න අතරෙ එක පුංචි ගෑනු ළමයෙක් අපි ළඟට ආවා... 

අනේ මාමෙ මලක් ගන්නකො....

ඒ කෙල්ල ගාව තිබුනෙ සුදු නෙලුම් මල් 5ක් 6ක් විතරයි...
ඉතින් ගොඩාක් අය කලේ ඒ ළමයව මගෑරල ගිහින් කඩේකින් ලොකු මල් වට්ටියක් ගන්න එකයි... අනික පොඩි උන් යොදාගෙන කරන බිස්නස් ගැනත් දැනගෙන ඉන්න නිසා මේ වගේ ළමයින්ව දැන් එච්චර මිනිස්සු ගනන් ගන්නෙත් නෑනෙ..ඉතින් මාත් ආපහු නඩේට එකතුවෙන්න හදද්දි..

අනේ මාමෙ..එක මලක් හරි ගන්නකො...
සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ මාමෙ...

ඇත්ත නැත්ත කෙසේ වෙතත් මට ඒ අහිංසක කෙල්ලගෙන් මලක් නොගෙන එන්න හිත් දුන් නෑ...එක්කො මං නූතන මාකටින් එකකට අහුවුනා, නැත්නම් මං පිනක් කරගත්තා..
ඒත් මට නොතේරෙන්නෙ මෙන්න මේකයි, ලොකු ගණන් දීලා ගන්න ලොකු මල් වට්ටි වලට ලොකු පූජා වට්ටි වලට දෙයියො වැඩිපුර සලකන්නයි අර පුංචි කෙල්ලගෙ අතේ තිබුන තනි මලක් අරං යන උන්ට අඩුවෙන් සලකන්නයි හේතුව මොකක්ද? නැත්නම් ඇයි මිනිස්සු එහෙම හිතාගෙන වැඩ කරන්නේ..දෙයියනේ පින මනින මිම්ම මොකක්ද?

බුදු දහමට අනුව පුනර්භවය විශ්වාස කරන්නෙක් හැටියට මම නම් කියන්නෙ අපි හැමෝම වෙනස් වෙන් ඕනි,අපිට වෙනස් වෙන්න බැරි නම් අඩුම ගානෙ අපේ ළමයින්ව වත් වෙනස් කරන් ඕනි, පින කියන සංකල්පයෙන් එහාට ගිහින් ජීවත් වෙන්න.. මොකද අපි කරන කියන හැම දෙයක්ම දෙවියන්ට දෙන පූජා වට්ටියකින් වෙනස් කරන්න බැරි නිසා..මැණික් ග‍ඟෙන් නෑව ගමන් හැම පවක්ම සේදෙන්නෙ නැති නිසා.. මිනිස්සුන්ට මනුස්සයො වගේ ජීවත් වෙන්න මේ දේවල් අමුතුවෙන් ඕනි වෙන් නෑ.. හැබැයි ලැජ්ජාව සහ භය තියෙන් ඕනි.

මිනිස්සු අපි හැමෝම පව සහ පින කියන එක අඳුරගන්නෙ උපතින් නෙමෙයි, ලැජ්ජාව සහ භය අඳුරගන්නෙත් උපතින් නෙමෙයි,ඒ අපි පුංචි කාලෙ ඉඳල හැදෙන වැඩෙන පරිසරයත් එක්ක.. පුංචිම තැනින් පටන් ගත්ටොත් අපි පුංචි කාලෙදි කකුල් හතරෙන් ඇවිදන් යන බුරන සතෙක්ව පෙන්නලා අම්මා මට කියනවා අන්න පුතේ බව්ව කියල.. එතනින් ඒ සතාට බව්වා කියන්න පුරුදු වෙන අපි ඒ නමින් ඌව අඳුරගන්නවා.. හැබැයි පුංචි කාලෙදි ඌව පෙන්නලා අම්මා මට කිව්වා නම් අන්න පුතේ සමනලයා කියලා.. අදටත් මම එහෙම සතෙක් දැක්කොත් ඌට සමනලය කියල කතාකරාවි. ඒ වගේ අපි හැදෙන වැඩෙන පරිසරයත් එක්ක අපි පව මොකක්ද පින මොකක්ද කියල අඳුරගන්න පුරුදු වෙනවා.. හැබැයි එතනින් එහාට ගිහින් ලොකු ලොකු පූජා වට්ටි පූජා කලාම ලැබෙන පිනයි, අහිංසකයෙක්ට කන්න එක රුපියලක් දුන්නාම ලැබෙන පිනයි අතර වෙනසක් තියෙන්නෙ කොහොමද? දෙවියන් බුදුන් ඉස්සරහ නලලට යනකම් ඉස්සෙන අපේ අත් අහිංසකයෙක් දැක්කම එක රුපියලක් දෙන්න ඉස්සෙන්නෙ නැතිවෙන්නෙ කොහොමද?


පව පින කෙසේ වෙතත් අන්තිමට අපි එන්න හදද්දි අපි දෙවියන්ට පූජා කරපු පූජා වට්ටිය
අපිට ආපහු හම්බවුනා.. පළතුරු ටික බෙදල දැම්මා... අනික් එව්වා විසිකරන්න හදනකොටම අපේ ලොකු අම්මා මගෙ ළඟට ඇවිත් පූජා වට්ටියෙ තිබුන රතුපාට ඉටිකොල මාල තුන ගත්තා..

"කොල්ලො ඔව්වා විසික් කරන් එපා...අපේ කඩේට දාල විකුන ගත්තෑකි..
කුණු ගෑවිලා නෑනෙ..."

අනේ!! දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ...

31 comments:

  1. අම්මල තාත්තලා එක්ක කතරගම ගිහින් උඹ වින්ද දුක මට තේරෙනවා මෛයො... දෙයියෝ උඹට පය 24 පපුව සුද්ද කරලා දුන්න මදිද?

    ReplyDelete
    Replies
    1. යකෝ මෙව්ව මෙහෙම ප්‍රසිද්දියෙ කියනවද?

      Delete
  2. උඹ අහල තියන ප්‍රස්න එකකටවත් කියන්ඩ උත්තර නෑ .... තමන්ටම හොයා ගන්ඩ තමා තියෙන්නෙ ......

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට යනකොට උත්තර හම්බෙයි කියල හිතමු නේද අපි

      Delete
  3. පොලව කොටන තැන, පාර තනන තැන, ගිනියම් අවුවේ, මහවරුසාවේ, දෙය්යෝ වැඩඉන්නේ... ඔය දේවාල ඔල නැත ඉන්නේ...
    අසරණ කම ඇත, දහස් ප්‍රශ්න ඇත
    පූජා වට්ටියෙ , පන්සීයක් ඇත
    බලුද නොවටිනා, පළතුරු ගැට ඇත
    බැක් මිර එල්ලන, මල් මාලද ඇත
    ලක්සිරි දිවි ඇති , හොර කපුවොද ඇත
    නිළියන් කෙළියට, යන පිතනුවො ඇත
    කැටයට කෙළිනා, බස්නායක ඇත
    මරිසිය දානා, කඩ කරුවන් ඇත
    කාමර විකුණන, ඇන්ටිලාද ඇත
    බෝතල් විකුණන, හොර බාරුත් ඇත
    පැට්ටන් විකුණන, මල් කරුවන් ඇත
    දඩ මස් විකුණන, මස් වැද්දන් ඇත
    ඇඟ මස් විකුණන, වේස බඩුද ඇත
    ගූ බෙටි පාවෙන, මැණික් නදිය ඇත
    ඒ හැම මැද්දෙන් , කදිරා වැජෙඹද?

    ReplyDelete
    Replies
    1. අන්තිමට බලං ගියාම

      දේවාල ඇත , දෙවියන් නැත
      පූජා ඇත , ශ්‍රද්ධාව නැත
      මිනිසුන් ඇත , මිනිස්කම නැත

      Delete
  4. කිරි වෙහෙරට යන්නෙ පින් බලාගෙන තමා. දේවාලෙට යන්නෙ පිහිට පතාගෙන.
    මොනවා වුනත් ඉතාම වටිනා මාතෘකාවක් කතාකල යුතුම. ඔහොම දෙවියෙක් ජීවමානව ඉන්නවානම් මේ කරන හොර මගඩි තක්කඩිකම් වලට ඇහැ කණ පියාගෙන ඉඳීද? සමහර වෙළෙන්දො කියනවා ඇතුලෙ දේවාලෙට ගන්නෙ ගණන් පූජා වට්ටි විතරලු. දෙයියොත් සලකන්නෙ සල්ලි වලටනම් පිහිට පතාගෙන යන උන්ට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. දෙවියො හිටියනම් මෙහෙම වෙයිද කියල හිතුනා..
      හැබැයි මෙහෙම එකක් තියෙනවා, දෙයියො බුදුන් හින්දා හරි කමක් නෑ මිනිස්සු හරි විදියට ජීවත් වෙනවානම්.මේ ලෝකෙ රජකරන්නෙ සල්ලි.. දෙවියන්ට පුලුවන්නම් අන්න ඒක
      නැවැත්තුවනම් හරි..

      Delete
  5. දෙවියෝ ඉන්නේ් හිතේ.....බොරුවට තම තමන්ගේ හිත් සනසගන්ඩ දේවාල ගානේ ගිහින් වැඩක් නෑ..
    හැමෝම කීයක් හරි හොයාගන්ඩ කරන්නේ මගඩියක්....ගල් යුගයේ ඉදලා මාකට් කරපු දෙවියන්ව දැන් මාකට් කරන්නේ මොඩ් ක්‍රමේට....

    ReplyDelete
    Replies
    1. දෙවියො මාකට් කරන එක පට්ට ප්‍රො‍ෆිට් බං ඒකයි..
      නිකං බලන් හිටහන්කො දේවාලයක් ළඟට ගිහින්..

      Delete
  6. කාර් පාක් කරන එකයි .එතනින්ම පුජා වට්ටි ගන්න සිදුවෙන එකයි අවුරුදුදා විතරක් සිදුවන දෙයක් නෙමෙයි.ඒක හැමදාම වෙන බිස්නක් එකක්. ශ්‍රධාව පෙරදැරි කර ගෙන කතරගම සංචාරය කරන්න උවමනා නම් කරන්න තියෙන්නේ සති අන්තයක් හෝ ප්‍රසිද්ධ නිවාඩු දිනක් නොවන දිනෙක කතරගම ගොස් පසුදා උදේ පාන්දරින්ම කිරිවෙහෙර වන්දනා කිරීමයි. එවිට ඔබේ සිතට නොපහන් හැඟීම් ඇතිවන කිසිදු සිද්ධියක් ඇස ගැටෙන්නේ නැහැ. ඉන් පසු කලයුත්තේ මහා දේවාලයේ ආරම්භක වතාවත් කරන වෙලාවට දේවාලය තුලට පිවිසීමයි.මම මේක ලියන්නේ මා ලැබූ අද්දැකීම අනුවය.එය ඔබටත් වරදින්න ඉඩක් නැහැ. අනෙක මහා දේවාලයේ හිමිදිරියේ සිදු කරන ආරම්භක වහාවත් දැකීමට ලැබීමත් මහත් වාසනාවක්. හැබැයි උදේ පාන්දර අවදි නොවීමේ රෝගයෙන් ඔබ පෙලේ නම් කරන්න දෙයක් නැහැ.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබතුමන් ව සාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට,

      අවුරුද්දෙ අනිත් දවස්වලටත් සිදුවෙනවා ඇති, නමුත් එහෙමයි කියල වැරදි දේ හරි කියල කියන්න බෑනෙ..මොකද බිස්නස් එක කරත් ඒක කරන විදියක් තියෙන් ඕනි. විශේෂයෙන්ම කතරගම් වගේ පූජා භූමියක් ඇතුලෙදි.
      මගේ සිතට නොපහන් හැඟුම් ආවෙ නැතත් එන කාට උනත් ඒක වෙන්න පුලුවන් ඉතින් කියවන එකෙක්ට හරි වෙනස් වෙන්න පුලුවන්නම් කියන තැන ඉඳලයි ලිව්වෙ.
      කතරගම දේවාලය හෝ පූජා භූමිය විවේචනය කිරීමක් හෝ අන් යමක් බලාපොරොත්තු වුනේ නැහැ, නමුත් මේ යන සිස්ටම් එක වැරදී කියල කට ඇරල කියන්න නම් බය නැහැ.. මොකද අද අපි කරන දේ අපේ ඉදිරි පරපුර අනුගමනය කරන නිසා,මේක අද වෙනස් කරන්න බැරිත් කාලයක ඉඳල එන ක්‍රමේ මේක නිසයි.. ඒකයි ඔබ මුලින් කීවෙ අවුරුද්දෙ අනික් දවස් වලටත් මේ බිස්නස් එක වෙනවා කියලා...
      අන්තිමට අර උදේ පාන්දර අවදිවෙන්න බැරි ලෙඩේ නම් තියෙනවා අෆ්ෆා...

      Delete
  7. වාහනේ පාක් කරන කඩේ ගාවින්ම පුජා වට්ටිය ගන්න එක නිසා වාහනේට යම්කිසි ආරක්ෂාවක් ලැබෙන නිසා මමනම් උන්ගෙන්ම පළතුරු වට්ටි ගන්නවා.
    මමනම් ඔව්වට යන්නේ මොකටද කියල මටම හරියට තේරෙන්නේ නැහැ බං
    ගොඩ වෙලාවට කරන කියන දේවල් සාර්ථක වෙන්න කියල හෝ දියුණුව පතා යනවා වෙන්නත් පුළුවන්
    මම ඔය වගේ ගමන් ගොඩක් යන්නේ කිසි හැඟීමක් නැතුව. අඩු ගානේ පන්සලකට ගියත් එහෙමයි. මම යන්නං වාලේ ගෙදර අය එක්ක යනවා, හැබැයි නිදහස් පන්සලක අයිනක වාඩිවෙලා වටපිටාවේ සුන්දරත්වය නිදහස විඳ ගන්න එක පුදුම සනීපයක්...
    ඒ සනීපය සෙනග ගැවසෙන මහා පන්සලකින් ගන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාව නම් සහතික ඇත්ත බං, වැඩිය සෙනඟ ගැවසෙන් නැති පංසලකට ගියාම නම් හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ.
      කෝම උනත් අපි ආගමට දහමට යොමුවෙන්නෙ හිතේ සැනසීමක් හොයාගෙනනෙ.

      Delete
  8. ලස්සන කතාවක්..කවදාවත් කාටවත් කියන්න බැරිඋනාට හැමදාමත් මගේ හිතේ තුබුණ ප්‍රශ්න වගයක්..
    දෙයියොත් සලකන්නේ සල්ලිකාරයන්ට බන්..සල්ලි දෙවියන්ගේ මල්ලි කියනවනේ

    ReplyDelete
    Replies
    1. දෙයියො එහෙම කරනවා කියල අපිට හිතෙනවා බං මෙහෙම දේවල් දකිනකොට.
      හැබැයි කොහොම උනත් දෙවියන්ගෙ ඇති මචං වේටින් ලිස්ට් එකක්, මොකද දවසකට කී දාහක් එනවද හිතුම් පැතුම් ඉෂ්ඨ කරගන්න.

      Delete
  9. මල් විකුණන පොඩි එකීත් බිස්නස් ට්‍රික් එකක් බන්.මමත් දැනට අවුරුදු 5-6ට ඉස්සල්ලා කිරිවෙහෙරට යන ගමන් පොඩි එකෙක්ට රුපියල් 1000ක් දුන්නා අලුත් අවුරුද්දට පොත් ගන්න.ටික වෙලාවයි ගියේ පොඩි එවුන් රොත්තක් ඇවිත් මාව වටකරගන්න.ඒ ඔක්කොම පොත් ගන්න,සපත්තු ගන්න සල්ලි ඉල්ලනවා.ඒ අය මෙහෙයවන වැඩිහිටි සෙට් එක ඈතට වෙලා බලන් ඉදලා අර සල්ලි ටික උන් ගන්නවා.එදායින් එදා ඔයවගේ තැනකදී මම හිගන මනුස්සයෙකුටවත් රුපියලක් දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයවගේ සිද්දි අහල තියෙන නිසා තමයි බං දැන් අපිට ඇත්තටම අසරණ ළමයෙක්ට වත් කීයක්හරි දෙන්න බැරි,අනේ මන්දා සමහර විට මාත් අහුවෙන්න ඇති.

      Delete
    2. පුදුමයි උඹල දෙන්න කතරගමදි සෙට් වෙච්චි නැති එක.. කටුස්ස ඔය ටිකේ කතරගම පැළපදියම් වෙලා නෙ හිටියේ..

      Delete
  10. කටුස්ස කියන ජාතියෙ අයත් ඉන්නව... ඉන්දියාවෙන් ලංකාවට ආව දායාදක් ඕක...
    ඒව නතර කරන්න පුලුවං වුණතු් අපේ රටේ අයට ඊට වඩා ලොකුයි බලවතුන්නෙ සල්ලි මිටිය...
    ඔය තත්වෙම මෙහෙ අලුත් නුවරත් තියේ වෙනසක් තැතිව
    ඒත් ටිකක් හරි සැලසිල්ල උං ළග මනුස්සකම ටිකක් හරි ඉතුරු වෙලා තියෙන එක

    දැං කතරගම දෙය්යො නෑ
    අලුත් නුවරත් නැ
    ලංකාවෙ බුද්ද සාසනෙත් නැ කියලයි මට හිතෙන්නෙ
    තියෙන්නෙ වෙන මොකද්ද එකක්

    උඹේ ලිවිල්ල නං පස්ට මලේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂ් අයියෙ...
      දැන් තියෙන්නෙ සල්ලි දෙවියො කරගත්ත මොකක්දෝ අටමගලයක්..
      බොහෝම ස්තුතියි..

      Delete
  11. කතරගම ජීවිතේට ගිහිල්ල නැති එකෙක්ද කොහේද? හැක්

    ReplyDelete
    Replies
    1. කතරගම නම් ගියා.... ඒත් අනේ මන්දා මෙව්වා දකිනකොට..
      චැහ්...නොදකින් මුගෙ කමෙන්‍ටුව :P

      Delete
    2. හ්ම්ම් කමක් නෑ උඹ අතරමං නොවී ආපු එකම මදෑ මලේ...

      Delete
    3. අන්න ඒකනෙ අක්කෙ කියන්නෙ

      Delete
  12. මේක පෙරේද කියෙව්වට කොමෙන්ටෙකක් දාන්න බැරි උනා බං.. ඊයේ බලන්න කියල රෑ කොම්පීතරේ දිගෑරියා විතරයි හෙණ පුපුරන්න ගත්ත පිස්සුවෙන් වගේ.. දෙයියොන්ට මළ පැනලද කොහෙද කොමෙන්ට් කරන්න පරක්කු උනා කියල..හැක්.

    කවුද බං කියන්නේ මැණික් ගඟෙන් නෑවම පවු හේදෙනව කියල.. ඒක හරියට ගංගානම් ගඟෙන් නෑව වගේ තමයි.. ලෝකෙ තියෙන ලොකුම ලෙඩ හැදෙන්නනම් පුළුවන්. මං කතරගම යනවනම් යන්නේ නේවි එකේ හොලිඩේ බංග්ලෝ එක බුක් කර ගන්න පුළුවන් උනොත් විතරයි. ඒක ගන්න පුළුවන් වෙන්නේ ඕෆ් සීසන් එහෙක තමයි. එතකොට පොඩ්ඩක් නිදහසේ ඇවිදල එතහැකි. නමට පවුලේ එවුන් එක්ක ගිහින් පූජාවලට එහෙම ඉඳල ආවට මටනම් කවදාවත් ඔතන භක්තියක් ඇති තැනක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කමියො...
      ඒ ඉන්න සෙනඟ අස්සෙ හිතේ සැනසීමක් හොයනවා කියන්නෙ පිදුරු ගොඩේ
      ඉඳිකට්ටක් හොයනවටත් වඩා අන්ත වැඩක්...
      මේ දවස් වල හෙන පුපුරන විදියට බ්ලොග් කියවන්න බෑ අෆ්ෆා.. මගේ යාළුවෙක්ගෙ රවුටරයක් පිච්චිලා අන්න.

      Delete
  13. පින් වැඩි වෙන ක්‍රමේ මේකයි. අදහන බුදුන් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමයෙන් මල් කඩන්න ඕනේ. අනුන් කඩපු මල් වලින් එන පින බොහොම අඩුයි. ඒ පින් තමයි දෙවියන්ට අනුමෝදන් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔව් වෙන්න පුලුවන්. ඒත් ඒකත් හිතේ භක්තියෙන් කරන් ඕනි, නැත්නම් වැඩක් නෑනෙ..

      Delete
  14. දෙයියනේ ...............!!!!!

    ReplyDelete
  15. පහුගිය ටිකේ මටත් එහෙ මෙහෙ යන්න චෑන්ස් එක පෑදුනා නෙව.ඔය ඔක්කොම සීන් වෙනවා.මගෙ බොක්කටම වැදුන සීන් එකක් තමයි රෑ නමයට දහයට විතර කිරි වෙහෙර මිනිස්සු යන්නෙනැති පඩිපෙලක ගෑණු සෙට් එකක් නෙළුම් මල් පුබුදුවනව හෙට විකුණන්න.ඊට පොඩ්ඩක් එහායින් තණකොළ ගොල්ලෙ බෙඩ්ශීට් එකක් එළලා කිරි දරුවො දෙන්නෙක් නිදි කරලා තව ශීට් එකක් පෙරවලා.සැපට නිදි.උඩු වියනට අහස.නලවන්න තරු රටා.පින්නෙ දොයි... ඇවිදගන්න පුලුවන් පොඩි එවුන් ඇවිත් පොත් ගන්න සල්ලි ඉල්ලුව.මම කිව්වෙ මලක් වත් විකුණලා සල්ලි ගන්න පුතේ.. නිකන් හිඟාකන්න එපා කියලා.

    ReplyDelete