Saturday, February 28, 2015

ලයිසන් චන්ඩි | Sri Lanka Police

ලංකාවේ පොලෝසියේ මාමලා ගැන ලියන ප්‍රථම අවස්ථාව මෙයයි...
ඕනෑම රටක ජනතාවගේ මුදලින් වැ‍ටුප් ලබන මහජන ආරක්ෂාව සහ නිතිය හා සාමය පිළිබඳ වගකියන මූලික ආයතනය වන්නේ පොලීසියයි.. පොලීසිය මහජනතාව නියෝජනය කරන අතර මහජන සේවය සඳහා පිහි‍ටුවා ඇති බව පොතේ සඳහන් වේ.. පොත එසේ වුවත් සිරි ලංකාවේ පොලිස් මාමලා අපට පෙරලන පොත නම් භයානක බව පෙනේ... යහපාලනය යටතේ  මත්කුඩු සහ මත්ද්‍රව්‍යය තුරන් කිරීමේ ජාතික වැඩපිලිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී...මේ යටතේ පොලිස් මාමලා රටපුරා හොර අරක්කු තිප්පොලවල් සහ කුඩුකාරයින් සොයමින් මෙහෙයුම් දියත් කරයි..ගමේ කසිප්පු පෙරන ගුණදාසගේ සිට දාහෙ කෑල්ල විකුනන අයියලා දක්වාම බලාත්මක වන මේ මෙහෙයුම් එතනින් එහාට නම් යන පාටක් නැත. මෙහිදි  ගම් මට්ටමින් සැකකරුවන් හඳුනාගන්නා අතර අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ බඩු ළඟ නොතිබීම අපේ මාමලාට ගැටළුවක් නොවේ... ඩයල් අවුල් නම් නැති බඩු ඇතිකිරීම්ට අපේ මාමලා හැබෑ දක්ෂයන් ය.. 



මේ ලියන්නේ මීට දින කිහිපයකට පෙර පොලීසියේ මාමලා කිහිපදෙනෙකු කල එවන් මෙහෙයුමක් ගැනයි...
සූරියවැව පොලීසියට අනියුක්තව සේවය කල ඉහත කී මාමලා නීති විරෝධි මත්පැන් ළඟතබා ගැනීමේ චෝදනා මත සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.. සමන්ත නම් මොහු ඉන් දින දෙකකට පසු හදිසියේ ඇතිවූ අසනීපයක් නිසා රෝහලගත කරයි..අසාධ්‍ය තත්වයෙන් පසුවූ සැකකරු දිනකින් මියයයි...මරණපරීක්ෂන වාර්තාවට අනූව දින තුනක් ඇතුලත සිදුවූ පහරදීමක් නිසා ශරීරයේ අභ්‍යන්තරයට සිදුවූ හානි මරණයට හේතු වී ඇත...

පුද්ගලයෙක් සැකකරුවෙකු වූ පමණින් මැරෙන තුරු පහර කෑ යුතුද?
මා හට නැගුනු පළමු ප්‍රශ්නය එයයි...

නමුත් මේ කතාව එතැනින් අවසන් වන්නේද නැත... මේ මරණය සම්බන්දයෙන් සැකපිට මේ මාමලා අත් අඩංගුවට පත්වේ...වැඩ තහනමකටද යටත්කෙරේ....ඉන් පසු පරීක්ෂන ආරම්භ කෙරෙන අතර පුද්ගලයකු සාක්ෂි දීම සඳහා ඉදිරිපත් වේ...පොලෝසියේ තරු අඳින ලොකු මහත්තයෙකු ඉදිරියේ අපේ මාමලාට විරුද්දව සාක්ෂි දුන් එම පුද්ගලයා යලි නිවසට පැමිනෙමින් සිටින අතර රිය අනතුරකින් මියයයි...නඩුව වගේම බඩුවත් හාමුදුරුවන්ගේ බව පෙනෙයි...

රිය අනතුර සිදු කල පුද්ගලයාද පොලෝසියේ මාමා කෙනෙක් වීම හුදෙක් අහඹුවක් ලෙස ඉවත දැමිය හැකිද??
ඒ මාගේ දෙවන ප්‍රශ්නයයි...

මගේ පළමු ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුනත් දෙවැන්නට පිළිතුරු දීමට නම් පොලෝසියේ ජනප්‍රියම මාමා ඉදිරිපත් විය... පොලිස් මාධ්‍යය ප්‍රකාශක උන්නැහේ මාධ්‍ය සාකච්චාවක් කැඳවා ඉහත සිද්ධීන් දෙක අතර කිසිඳු සම්බන්දයක් නොමැති බව ප්‍රකාශ කලේය.ඒ සමඟම සුපුරුදු පොත පෙරළු එතුමා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පැවසුවේය...දුමින්ද සිල්වා ට සියල්ල අමතක බව පැවසූ කල එයද විශ්වාස කල අපේ ඈයෝ මෙය විශ්වාස කරනවා යැයි පැවසූවොත් පුදුම විය යුතු නැත.

ගණ අඳුරේ සිටින මට දේශපාලනය ගැන හෝ  නීතිය ගැන පුළුල් අවබෝදයක් නම් නැත..නමුත් මා දන්නා තරමින් උසාවියකින් වරදකරුවකු යැයි තීන්දු කරනා තෙක් ඕනෑම පුද්ගලයකු සැකකරුවෙකු පමණි...ප්‍රශ්න කිරීමට යැයි පවසමින් ඔවුන්ට මැරෙන තුරු පහරදීම කිසිඳු ශිෂ්ඨ සම්පන්න සමාජයක් අනුමත නොකරනු ඇත..ගෙවී ගිය වසර 5 කාලය ගතහොත් පොලීසියේ මෙවන් හැසිරීම් ගණනාවක් ගැන ලිවිය හැක..කතාබහට ලක්වූ දොම්පෙ සහ අඟුලාන සිද්දීන් කිසිදින මැකිය නොහැකි කළු පැල්ලම් පොලිස් ඉතිහාසයට එක් කල බව අමුතුවෙන් මතක්කල යුතු නැත..

දුක යනු...
කුඩු ලෝකයේ හාල්මැස්සන් අත් අඩංගුවට ගෙන මේ අයුරින් පහර දීමට උත්සුක වන අපේ මාමලා වෙලේ සුදා ලා හා දුමියලා ඉදිරිපිට දෙකට නැවෙන තියරියක සිටීමයි...
අධ්‍යාපන අයිතින් උදෙසා සටන් වදින අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට පයින් ගසන  මේ මාමලා දුමින්දලා ඉදිරිපිට සැලියුට් ගැසීමයි...

නීතිය සැමට එක ලෙස බලපැවැත්වෙන සැමට ඉහලින් පැවතිය යුතු වූවත් දැන් ගැටළුව ඇත්තේ බෙදන හැන්දේය... සම හරක් මෙය තවත් එක් කුඩුකාරයකු ගේ මරණයක් ලෙස සැලකිය හැක.නමුත් කාකි ඇඳුමක් සහ බැටන් පොල්ලක් අතට දුන් සැනින් යුක්තිය පසිඳලීමේ සර්ව බල අයිතිය පොලිස් මාමලා සතුව නොමැති බව තේරුම් ගත යුතුය... ආයුද පෙන්වන්නට ගොස් පොලිස් මාමලා අපට පෙන්වූ සෙල්ලම් රටේ සමහරක් ට සිඟිති ආතල් එකක් වුවත් එහි ඇති බරපතලකම විමසිය යුතුය.. පුද්ගලයකු සතු ජීවත් වීමේ අයිතිය උදුරාගැනීමට කිසිවෙකුට බලයක් නොමැති අතර අධිකාරීත්වයක් බලෙන් ආරෝපනය කරගෙනසිටින පොලෝසියේ මාමලාද හ‍ඳෙන් බැසගත් උදවිය නොවන නිසා මහජනතාවට තග දැමීම නතර කල යුතුව ඇත..

මෙම ගැටළුවේදි මහජන මිත්‍රශීලී පොලිස් සේවයේ ජාමෙ බෙරාගැනීමට විකල්ප 2 ක් ඇත.

1. වගකිවයුත්තන් මේ සම්බන්දව විනිවිදභාවයකින් යුතුව සොයා බැලිය යුතුය... වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුය

2. නැතිනම් නිමලරූබන්ට කීවාක් මෙන් කුඩුකාරයින්ට සහ මත්පැන් විකුනන උන්ට මානව හිමිකම් අදාල නැති බව පවසමින් මේ නඩුවද ඉවත දැමිය හැක.

නමුත් දෙවනි විකල්පයේ දී මෙයද සිහිතබාගත යුතුය... ඒ කුලකයට වැටෙන එකම පුද්ගලයා මේ කතාවේ මියගිය සමන්ත පමණක් ම නොවේ...



14 comments:

  1. අපි හරක්ය, අපිට මුකුත්ම නොතේරේය, කාටත් වැරදුනේ එතනය

    ReplyDelete
    Replies
    1. මේ කියන කතා විශ්වාස කරන වුන් හරක් නොව මී හරක්ය.

      Delete
  2. මුංට බැරි නෑ.. මතකද විනිසුරුවරයෙක්ව මරපු වෙලේ කොනක ඉඳං දුන්නා...හිතවත් උන් හිරේ.අනිත් උන් වලේ... ආමි එකට නියෝග දුන්නා.ගේම ඉවර කලා.කොහොමද කියලා හොයන්න ගියේ නෑ.වැරදි උනා නම් දේශපාලකයො ඒවා සුද්ද කරලා දාපුවාවෙ.කුඩු කේස් එකටත් එහෙම බහින්නැතිව නම් බෑ... ලොක්කන්ගෙ කොන්ද ගැනයි ප්‍රස්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ සංදර්ශනයක් විතරයි.. වැඩේ කරන්න උවමනාවක් නෑ.. නැත්නම් දුමියලට විරුද්දව සාක්ෂි නෑ කියයිද බං.. කොහොම උනත් අතීතෙ ඉඳලම උනේ හාල්මැස්සො අල්ලන එක..‍තෝරු මෝරු එලියෙ.

      Delete
  3. මහේෂ්, ඔය කට්ටිය බොහොම ප්‍රාථමික/නොදියුණු ක්‍රම භාවිතා කරන්නෙ. හරිම ඒකාකාරී ක්‍රමයකට තමා සැකකරුවන් මියයන්නෙ. මේ රිය අනතුර පොඩ්ඩක් අලුත් සංකල්පයක්. හැබැයි, බලන්න හෙට අනිද්ද වෙනකොට මේකම තමා කොපිකරන්නෙ හැම තැනම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...
      ඔය තියරියත් අවුලක් නෑ හැමෝටම එක විදියට කරනවනම්.

      Delete
  4. ඉතාම වටිනා ලිපියක්.යුනිෆෝම් එක ඇන්දම මුන් හිතන්නෙ නීතිය රකින නිළධාරීන් කියල නොවෙයි ලයිසන් චන්ඩි කියල.
    ඔය වැඩ තහනම් කිරීම් නම් විහිළු.
    අගුලානෙ සිද්ධිය ඔහොම නොවුනනම් කොතනින් කෙළවර වෙයිද කියන්න බෑ.
    87/89 න් පස්සෙත් නිළ ඇදුම කියන්නෙ අපරාධ කරන්න බලපත්‍රයක් කියන මතය ලයිසන් චන්ඩි න්ට තිබුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට...
      සැටිපිකෙට් ඇත්ත...
      මුන්ටම හරියන්න රටේ නීතියත් තියෙනවනෙ..
      ඒකනෙ අර වගේ නඩු තීන්දු දුන්නෙ...

      "තුමුල බල ඇති තෙදැති දෙවගන
      සැකයි මට ඔබෙ කුමරි බඹසර"

      Delete
  5. ඉස්සෙල්ලම පුකට පයින් දෙකක් දීලා එලවන්ඩ ඕනේ ඔය මාධ්‍ය ප්‍රකාශක පරයගේ...
    මේ කාලකණ්නී හැත්ත හිතන් ඉන්නේ කාකි ඇදුම අදින උන් ඇරෙන්ඩ අනිත් උන් ඔක්කෝම අපරාධකාරයෝ කියලා...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බං... පුදුම විදියට ඌ රෙදි හෝදන්නෙ

      Delete
  6. පොලිසිය ගැනනම් කතාකරන්ට එපා මචෝ. උන් මැරෙන්න යනකොට වතුරටිකක්වත් ධෙන්නේපා.

    ReplyDelete
    Replies
    1. අදමයි මේ පැත්තෙ දැක්කෙ... හැමෝම නැතත් බහුතරයක් එහෙම තමයි. ස්තුතියි

      Delete
  7. දේශපාලනය නම් නොලියන තරමට හොදයි.... ඒ තරම් ඒපා වෙනවා වෙලාවකට මචං

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්..තිත්ත වෙනවා... පොලීසියෙ මේ කුප්ප වැඩේ නිසාමයි ලිව්වෙ.

      Delete