Sunday, February 22, 2015

උඹත් අම්මා කෙනෙකි පින්බර.....



පුපුරු ගහනා මහ පොලොව මත
බලාහිඳිනා රකුසු නෙත් මැද
උකුසු බැල්මෙන් බලයි ඔබ දෙස
වරෙන් එනවද කහවනුවකට???

දු‍ටු විගස නෙතු වශීකරනට
රුව ඔබේ රසඳුනක් විලසට
තනිව හඬනා ‍රැයන් වෙනුවට
‍තෝරගත්තේ යහන් වෙන්නද??

අතීතය ඔබෙ සිහිකරන විට
අඳුරු මතකය රිඳුම් දෙනමුත්
පාරවා සිත වැටෙන්නට අද
කඳුළු බිඳුවක් ඔබේ නෙතේ නැත

ආදරය යන නාමයෙන් ඔබ
පිදූ සෙනෙහස මැකී යනවිට
අතින් අතගිය කිරිල්ලි ලෙස
ලොවේ මිනිසුන් කියන්නට ඇත 

සිනාසෙන්නට ලොවක් සිටියද
ඔබට අතදුන් කෙනෙක් නම් නැත...
ලොවේ ගැරහුම් සහසකුත් මැද
පුතු ඔබේ බිහිවුනා මතකද??

පියෙක් නැති දරුවෙකු සමඟ ලොව
තනිව ගැරහුම් ලැබූ ඒ දින
පියාගේ නම ඉරක් විදිහට
ලියා තිබුනා උප්පැන්නයට...

ජීව්තේ වැරදුනු තැනක් ගැන
ඉකිබිඳින්නට කලක් නැති තැන...
උපන් පුතු මිනිසෙකු කරන්නට
ඔබේ දිවියම උකස් කෙරුවද??

වීදි වල ඔබ ඇවිද යන විට...
වේසියෙක් යැයි රවන ගොරවන..
කාකි ඇඳුමෙන් ලොකු මහත්තුරු..
රෑට එන්නේ ඔබ සොයාගෙන...
  
නේක විද ගැරහුම් ලැබූවද
පිළිලයක් යැයි ලොවට කීවද
පුතුගෙ කුසගිනි නිවාලන්නට
රවන ගොරවන කිසිවෙකුත් නැත...

රුපියලට සතයට යටව අද
සතුට සොයනා නොමිනිසුන් මැද
උඹ විකිණුනේ උඹ නිසා නොව
පුතුගෙ කුසගිනි නිවනු පිණිසය...

උපන් ගෙයි බිළිඳුන් නසන ලොව...
සිඟිත්තන් කළු ගඟට බිලි කල....
මව්වරුන් සිටිනා මෙලොව තුල....
උඹත් අම්මා කෙනෙකි පින්බර.....

24 comments:

  1. අඩෝ පට්ට ම පට්ට....සුපිරි බන්

    ReplyDelete
  2. තැන්කූ තැන්කූ....උඹ ඉතින් හැමදාම පළමුවෙන්ම කියවනවනෙ...එල

    ReplyDelete
  3. මරු මචෝ උපරිමයි.... මමත් කාලෙකට කලිං සූටි නිසදැසක් ලීව මට ඒක හොයාගන්ට බොග කාල් ගාන්ට බෑ නැත්තං මෙතන කොටනව

    අපූරුයි ඈ ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් අයියේ.... එල

      Delete
    2. මටත් ඔය සීන් එක බන්,, තිඹිරිගේ කවියක් ලීවා මාත් , හොයන්න යන්න කම්මලි,

      Delete
  4. නෙත උනුසුමක් නොලදින් ගිලිහෙන කදුලූ
    හද නැවතුමක් නොලදින් හෙළු සුසුමන්ලූ
    සඳ මැදියමේ සිඳඟන ලෙස දැරු කිරුළු
    ඉර මැදියමට වෙසඟන ලෙස උන් දුටලු

    නුබෙ රස පතන උන් සංකර තිරිසන්නු
    ලොවටත් ‍හොරා මහ මගටම හිත රැන්දූ
    සුදු පිරුවට ඔතා ගත කිලි කුණු වැසිලූ
    නුබ තරමටම උන් ගැන දන්නේ කවුරූ

    කුසගිනි නිවන්නට මහ මග ගිය ලන්දූ
    සම්මස් නහර දන්දුන් සංකර ලන්දූ
    වරදක් නොකර දඩුවම් විදිනා ලන්දූ
    නුබ පමණක්ද සොයුරිය මේ ලොව සලෙලු

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ඇනෝ.... ගොඩාක් ලස්සනයි...

      Delete
  5. ජය වේවා.. හැබැයි තව ඇතුලාන්තයට එබියං

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගෙන්නගන්න තිබුනු අමාරුවක්...බොහොම ස්තුතියි උපදේශෙට..

      Delete
  6. ලස්සනයි ගණ අදුර ඔයාගේ කවිය.....
    ආයිත් දවසත එන්නම්....
    ස්බ පැතුම්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ආයෙත් දවසක එන්න... බොහොම ස්තුතියි..

      Delete
  7. සුපිරි බං....
    නියමයි

    ReplyDelete
    Replies
    1. SUNDAY, 10 NOVEMBER 2013

      වෛශ්‍යාව....

      "ගල් ගසා මරපියෝ.
      පවට යටවුනු කෙනෙකි ඈ"
      කිය කියා අපහාස නන්වන
      අයම යයි නැවත ඈ වෙත
      දුරලාගන්න අදුරු කාලය
      පෙර කලෙක සිට
      පැවත ආ ලෙස .....
      කරයි ‍රැකියාව ලෙසටම.....
      ඇයට ගරහන නමුදු බොහොදන
      ඇයම පතලා යාවි ඈ වෙත
      ඇගෙ හඩ තුලින් නැගෙනුයේ
      අසාධාරණයේම,
      දුප්පත් කමේම,
      නොදන්නා කමේම,
      හඩ නොවෙද ...?
      ඇයත් දුප්පත් නොවුනානම්,
      ඇයටත් දහම කන වැකුනානම්,
      අනෙක් කතුන් සේම ඇයත්
      මෙයටම නතුවේවිද...?
      පෙර කරුම අරුම ලෙස නොනැගුනිනම්.......


      http://gihan55.blogspot.com/2013/11/blog-post_9898.html

      Delete
    2. පට්ට බං ගිහාන්.. මේ පැත්තට ආවට ස්තුතියි...

      Delete
  8. ලස්සනයි, කතා නොකරන ඇත්ත කතාවක් - N

    ReplyDelete
  9. //ආදරය යන නාමයෙන් ඔබ
    පිදූ සෙනෙහස මැකී යනවිට
    අතින් අතගිය කිරිල්ලි ලෙස
    ලොවේ මිනිසුන් කියන්නට ඇත //


    මේ කතාව මිනිසුන්ට තේරෙනවා අඩුයි, අදමයි ආවේ නියමයි කවි ටික,

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඔමා අක්ක මේ පැත්තෙ ආව එකට මට ෆීලින් හැපිලු ඔන්න...
      ආයෙත් එන්නකො...

      Delete
    2. අඳුර තියෙද්දී තරු දිළිසෙනවා .. අන්ධකාරය නැති තැන තරුවකට වටිනාකමක් නෑ,, ඔයත් තරුවක් වගේ දිලිසෙන්න ... ඒත් හැමදාම අන්ධකාරයේ ඉන්න එපා ජය .....

      Delete
  10. ලස්සනයි! ෂෙයා කරනවා. කවරිං ඇපෘවල් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. කවරින් ඇපෘවල් කීවෙ??

      Delete
    2. වැඩේ කරලා ඉවරවෙලා අවසර ඉල්ලන එක.

      Delete
  11. කලුවරේ ගහපු ෆ්ලෑශ් ලයිට් එකක් වගේ... පස්ට මචෝ...
    හැමදේකටම 'හේතුවක්' තියෙන බව ලස්සනට කියලා තියෙනවා.( සම හරක් ගෙ කනටත් ගහලා තියෙනවා )

    ReplyDelete
    Replies
    1. අහ්...තැන්කූ තැන්කූ...
      ආයෙ එන් ඕනි හොඳේ...ජය

      Delete