Saturday, February 14, 2015

හැපි වැලන්ටයින්ස් ඩේ...

මේ ආදරවනතයින්ගේ මාසයයි....
ලෝකයේ මෙන්ම බ්ලොග් අවකාශයේද ආදරය ගැන කතා බහ වන කාලයයි...
ආදරවන්තයින් තව තවත් ආදරයෙන් බැඳෙන....
ආදරයෙන් පරාජය වූවන් සුසුම් හෙළන.....
ඇතැමෙක් හෙලා දකින....
අද…..
වැලන්ටයින් දිනයයි….
ඉහත කී කුලක වලින් මා අයත් වන්නේ කුමකටදැයි තීරණය
කිරීම ඔබට බාර කරමි....


ලංකාවේ ආදර ගීත වලට වඩා හිට් වන්නේ විරහ ගීතය...
මා මෙතෙක් සිතා සිටියේ විරහව ආදරයට වඩා මාකට් කල හැකි බවයි..
නමුත් මේ දිනවල රුපියල් සියයේ සිට අලෙවි වන රෝස මල් සහ වැලන්ටයින් කාඩ් දකින විට
ආදරයද විරහව තරමටම මාකට් කල හැකි බව පෙනේ...
හෝලි ෆෙස්ට් වලින් පසු ඉවෙන්ට් ඕගනයිසර් ලාට අද තවත් කල්ල මරේ දිනයකි..
පසුගිය දින කිහිපය පුරාම බුකියේ වැලන්ටයින් පාටි සඳහා විශාල වශයෙන් ආරාධනා ලැබිණි...
වැලන්ටයින් සමරන්නේ කෙල්ලන් පමණක් යැයි සිතාද මන්දා බොහෝ ඒවා ලේඩීස්
වෝල්කින්ෆ්රී ...
කවුරුන් හෝ හම්බකරගන්නවාට විරුද්ද නොවෙමි...
නමුත් මේ විකුනන්නේ ආදරය නම් එහි යම් සදාචාරයක් තිබිය යුතුය....
නැතිනම් මේ වැලන්ටයින් පාටි ත් තවත් හෝලි ෆෙස්ට් එකක්ම වනු ඇත...
එසේ බලන විට ලංකාවේ මිනිස්සු පට්ට හොඳය...
ආදරවන්තයින්ට සෑහෙන්න ආදරේය.... 

මොනවා වුනත් මා දන්නා තරමින් සෑම ආදරවන්තයෙකුටම අද තමන්ගේම ප්ලෑන් එකක් තිබේ...
තම ආදරවන්තියට රෝස මලක් , චොකලට් එකක්රැගෙන යාමටද ඔවුන් අමතක නොකරනු ඇත...
දිනයේ විශේෂත්වය කුමක් වුවත් ආදරය අළුත් වන්නේ නම් එය හොඳය...
ටියුෂන් පන්ති පෙම්වතුන් නම් අද පන්ති යෑම ශුවර් නැත...
සුන්දර වැලන්ටයින් දිනයේ තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සිටීමේ වරදක් නැත..
නමුත්...වැලන්ටයින් පාටියෙන් පසු අඳුරු කාමරයක තනි වීමට ඔබ අදහස් කරන්නේ නම්
නැවත වරක් සිතා බැලිය යුතුය...
මේ සමරන්නේ ආදවන්තයින් වන ඔබගේ දිනයයි..
වෙළෙන්දන්ගේ හෝ හෝටල් හිමියන්ගේ දිනය නොවේ....

ලෝකයේ ඇති වුන් අද මෙය සමරන්නේ මිල අධික චොක්ලට හෝ ඇතැම්විට දියමන්ති මාල
තෑගි දීමෙනි...නමුත් තවත් සමහරුන් අද තම මාසික වැටුප තම ආදරය වෙනුවෙන් වැය කරනු ඇත...
අඩු වැඩි වශයෙන් මේ කරන සියළු කැපකිරීම් තම ආදරය වෙනුවෙනි...
ඉතින්... වටිනාකමරැකගන්න...
වෙන කවදාටත් වඩා ආදරය කරන්න...
ඔබේ ආදරය ආරක්ෂා කරගන්න...
ඔබට...

සුභ ආදරවන්තයින්ගේ දිනයක්...

8 comments:

  1. ඔබ සැබෑ අාදරය ගැන කතා කරලා තියෙනවා... වැලන්ටයින් දවස හර සුන් විදිහට කෙනෙක් දකිද්දි තවත් කෙනෙක් ඒක ම වෙනස් විදිහට විග්‍රහ කරනවා... ජීවිතය පවතින්නේ බලාපොරොත්තුත් ඒක්ක... අාදරය කියන්නේ ජීවිතයේ මූලික ම බලාපොරොත්තුවක්.... අපිව ජීවත් කරවන්න අාදරයට පුළුවනි.. ඒත් ඔබ කියනවා වගේ සැබෑ අාදරයට... ඉතින් අද දවසත් සැබෑ අාදරය වෙනුවන් භාවිතා වෙනවානම් හොදයි තමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත... සැබෑ ආදරය මිනිස්සුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වෙනවා... බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා...

      Delete
  2. ඇගට දැනෙන නොව හිතට දැනෙන ආදරයට හැමදාම වැලන්ටයින් බන්!!

    ReplyDelete
    Replies
    1. සැටිපිකෙට් ඇත්ත බං....

      Delete
  3. අද හුගක් දේවල් වානිජකරණය වෙලා.. මේ දවසත් අන්න එහෙමයි දැන්.. කොල්ලො කෙල්ලෝ එකතු කරන් මොනවා හරි කරලා රේටින් වැඩි කර ගන්න තමයි හැමෝම බලන්නේ..

    ඒත්, ආදරේ කියන්නේ ඔය කිසිම දෙයකට වැඩිය තමන්ගේ සහකරුට හරි සහකාරියගේ හරි හිතට දැනෙන්න විතරක් ඕන හැඟීමක් කියන එක අද අමතකයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්....
      නත්තල් කාලෙට නත්තල් සීයව මාකට් කරනවා...
      වෙසක් කාලෙට බුදුන්ව...
      ඉතින් වැලන්ටයින් කාලෙට ආදරය....

      Delete
  4. වැලංටයින්
    පිස්සු පීකුදු මචෝ.... කෙල්ල බූට් එක තිබ්බෙ ඕකට දවස් දෙක තුනකට කලිං පොකැට් එකේ සල්ලි ටික හරි ඉතුරු වුණා
    හිහි

    ReplyDelete
    Replies
    1. හි හි... නැත්නම් ඉතින් වැලන්ටයින් කාල අවුරුද්දට ලෙවකන්න තමයි වෙන්නෙ... මේ පැත්තට ආවට ස්තුතියි...

      Delete