Tuesday, February 3, 2015

අත්හරින්නට කලින්...



කිහිප වරක් උත්සාහ කලත් පලක් නැද්ද?
අත්හැරීමට කලින් කියවන්න...
ලෝකය මහා අමුතු තැනකි...
ඔබ දෙයක් කිරීමට ගන්නා උත්සාහයෙන් ලෝකයාට වැඩක් නැත..
ඔවුනට අවශ්‍ය ඔබ එය කිරීම හෝ නොකිරීම පමණි...
කෙසේ හෝ ඔබ එය කලපසු ඔවුන් එය මතක තබාගනීවි..
නමුත් එයත් දින කිහිපයක් පමණි..
නමුත් ඔබ එය අත්හැර දැමුවහොත්...
ඔබ පරාජය වුවහොත්....
එයද ඔවුන් මතක තබාගනීවි...
ජීවිත කාලයටම... 

ඔබ ඔබ පිළිබඳ විනිශ්චය කරන්නේ ඔබට කල හැකි දෑ මතිනි..
නමුත් ලෝකයා එසේ නොවේ...
ලෝකයා ඔබව විනිශ්චය කරන්නේ ඔබ කල දේ වලින් පමණි..
ඉතින් ඔබ ඔප්පු කල යුතුය...


ලෝකයේ බිහිවුනු බොහෝ ශ්‍රේෂ්ඨ නිර්මාණ එක්රැයකින් බිහිවූවා නොවේ...
ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ද එකරැයින් ලොව ජයගත්තේ නැත....
සෑම ජයග්‍රහනයක් පිටුපසම දහසකුත් එකක් පරාජයන් තිබේ...
එසේ නම් ඔබ බිය විය යුත්තේ අත්වැරදීම් වලට හෝ පරාජයන් වලට
නොවේ..

අත්හැරීමටයි....

6 comments:

  1. වැරදීම යනු සාර්ථකත්වයේ පළමු පියවරයි.... වරදිනවට අපි බිය විය යුතු නැහැ.. මොකද අපි ඒතුළින් අලුත් යමක් ඉගෙන ගන්නා බැවිනි.. නමුත් අත්හැරීම යනු ඊට වඩා වෙනස් දෙයකි....... සමාව නොදිය යුතු දෙයකි

    ReplyDelete
  2. මේ ලෝකේ එක පාරක් හරි වැරදුන මිනිස්සු නැහැ.. වරදින්න ඕන.. එතනයි සාර්ථකත්වය තියෙන්නේ..

    ReplyDelete
  3. ඇත්ත ... බය වෙන්න ඕනේ අත්වැරදීම් වලට හෝ පරාජයන් වලට
    නොවේ.. අත්හැරීමටයි....

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි,
      වැටෙන හැම පාරම නැගිටින්න අපි ශක්තිමත් වෙන් ඕනි.
      බොහොම ස්තුතියි.

      Delete
  4. නියම ටෝක් එක මචං....

    ReplyDelete