Thursday, January 29, 2015

දිනේ දිනේ උපන්දිනේ...

අද ජීවිතයේ තවත් එක් සුවිශේෂී දිනයකි...
අද පටන් නෛතික වශයෙන් දුම්පානය කිරීමට හැක....
උපන් දා පටන් විසි එක් වසක් ගත කලද තවමත්
තේරුම්ගැනීමට නොහැකි වූ දෙයක් ඇත...
අකුරු සතරක් මගේ ජීවිතයම සෙල්ලමකට ගත්තා වැනිය...
බුකියේ වුන් සුභ උපන්දිනයක් යැයි පතයි..
උදේ පටන් කෙටි පණිවිඩද නිමක් නැත...
නමුත් තවමත් මා දුරකථනය දෙසම බලා සිටිමි...
දෑස් රිදෙන තුරු බලා සිටියද පලක් නැති සේය...
බාගවිට ඇයට මා අමතක වී ඇත...
මා හැරගියහැටි සිහිකල විට මෙය අමුත්තක් නොවේ...
නමුත්....


ගැටළුව එය නොවේ...
තවමත් මා ඇගේ සුභපැතුම බලාපොරොත්තු විමයි...

ජීවිතයම සිහිනයක් සේ දැනෙයි...
ගෙවෙන කාලය තුල මා ජීවත් වුනත් ජීවත් වන බවක් නොදැනෙයි...
කාලය ගලා යයි...
මංමුලා වූවකු මෙන් දැනෙන්නේ ඇයි දැයි නොදනිමි....
දිනය ගෙවී යාමටද ඇත්තේ තවත් සුළු මොහොතක් පමණි...
අත්හැර දැමිය යුතු දේ අත්හැරීම කල යුත්තකි....
නමුත්....
මා සතුටින් සිටි එකම හේතුව අත්හැරදැමීම යනු
සතුට අත්හැරදැමීම නොවේද??


දුන්නු ආදරේ...
දුන්නු ජීවිතේ...
පෑව ස්නෙහේ කෝ කොහිද හැංගිලා ගියාදෝ කොහේ...
දුන්නු ආදරේ...
දුන්නු ජීවිතේ...

මා ළඟින් ලංවෙලා ඉන්න සෑමදා ඔයා කිව්වෙ ඇයි එදා...
නැති ආලෙ පෙන්වලා මාව රවටලා යන්නෙ ඇයිද වෙන්වෙලා...

රෑ පුරා තාරුකා ඔයා නෑ කියා සොයා දෙන්නෙ වේදනා...
මුළු රෑම නිදිවරා ඉන්නෙ තනිවෙලා එන්න අමාවක වෙලා...

දුන්නු ආදරේ...
දුන්නු ජීවිතේ...
පෑව ස්නෙහේ කෝ කොහිද හැංගිලා ගියාදෝ කොහේ...
දුන්නු ආදරේ...
දුන්නු ජීවිතේ...

දිනක පිපෙන හැම මලම පරවෙන සේම...
ලොවම එලියකරන හිරු අවරට යන සේම..
හමුවුනු සියල්ලෝම වෙන්ව යා යුතුය....
ඉපදී විසි එක් වසක් වන අද දිනයේදී වත් තේරුම්ගැනීමට උත්සාහ කරමි...



No comments:

Post a Comment