විල්පත්තුවට පත්තුවන මේ මොහොතේ සටහනක් තැබිය
යුතුමයි සිතුනි. කියවන විට සිංහල ලේ කැකෑරෙන දේශප්‍රේමීන් සහ වීරවරයන්
පරිස්සමට කියවිය යුතුය. ඔබ මම දන්නා පරිදි පසුගිය වර්ශයේ සිටම විල්පත්තු රක්ෂිතය
පිළිබඳ වරින් වර අවදානය යොමු විය, ඒ රක්ෂිතයට අයත් භූමිය
නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදාගැනීම සම්බන්දවයි.පසුගිය රජය යටතේ ද විවිද
සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් වනාන්තර එලිකිරීම කෙරුනු අතර ඉන් සිදුවුන සහ තවමත්
සිදුවන පාරිසරික හානිය සුළුපටු නොවේ. මින් වඩාත් කතාබහට ලක්වූ
පෝට් සිටි ව්‍යාපෘතියද අතරමඟ නැවැත්වීමට ( හෝ නවත්වන බව පෙන්වීමට) සිදු වූයේ විවිද
පාර්ශවයන් ඒ සම්බන්දව
හඬක් නැගීමට පටන් ගත් නිසා බව නොරහසකි.
දැන්
ඊට නොදෙවෙනි ලෙස විල්පත්තුව සුරකිමු මැයෙන් බුකිය තුල සහ සමාජය තුල කතිකාවතක්
නිර්මාණය වෙමින් පවතී. මෙහිදී සඳහන් කල යුතු කාරනා කිහිපයකි. පළමුවෙන්ම කිවයුතු වන්නේ ලාංකිකයින් ලෙස අප රටේ කුමන හෝ
වනාන්තරයක් කුමන හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් බිලිගන්නේද, එයට විරුද්ද වීමට අප පසුබට නොවිය යුතුය. ඒ පිලිබඳව තර්කයක් නැත. බදියුදීන්
වේවා සක්කරයා වේවා එහි වෙනසක් නොවිය යුතුය.
දෙවනුව, ඕනෑම ගැටළුවකට ප්‍රතිචාර දැක්විය යුතු
ආකාරයක් තිබේ, බුකිය තුල හෝ
බ්ලොග් ලෝකය තුල ජාති ආලය පෙන්වමින් කෑ ගැසීම පමණක් සියල්ලටම පිළිතුරක් නොවිය
යුතුය.උදාහරනයක් ලෙස ගතහොත් ඊයේ දිනය වන විට විල්පත්තුව සුරකිමුත් සමඟ කියවෙන තවත්
වදන් පෙලක් මම දුටුවෙමි. එනම් බදියුදීන් හම්බයා වනසන විල්පත්තුව රැකගනිමු
යන්නයි.
මා පෙර සඳහන් කල පරිද්දෙන්ම විල්පත්තුව රැකගන්නට
නම් බදියුදීන්ගේ උප්පැන්නය කියවීමෙන් පලක් නොවේ. රටේ සම්පත් කවුරුන්හෝ වනසන්නේ නම්
ඌ හම්බයෙකු වූවද බෞද්දයෙකු වූවද නීතිය එක ලෙස ක්‍රියාත්මක කරවිය යුතුය.
එසේත් නොමැතිව මේ ප්‍රශ්නයටත් නානසාරලාව ගාවා ගැනිම විල්පත්තුවට ආදරේ කිරීමක් නොව
අනුන්ට කඩේ යෑමක්ම වනු ඇත.
ආරංචි හැටියට මෙම ව්‍යාපෘතියද පසුගිය ආණ්ඩු
සමයේ කටාර් රාජ්‍යය සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත ක්‍රියාත්මක වෙයි, එනම් මෙයට
ආධාර ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙනි. මෙමගින් සිදුවන පාරිසරික හානිය සහ සත්ව ප්‍රජාවට
සිදුවන හානිය ගැන සඳහන් කරමින් මෙයට ආයෝජනය කිරීම නවත්වන ලෙස දන්වා අන්තර්ජාලය
හරහා පෙත්සමක් යොමුකරවීමට කටයුතු යොදා ඇත. හැකි නම් ඔබත් මේ සඳහා සහයෝගය ලබා
දෙන්න.
මා ආරම්භයේදි සඳහන් කර පරිද්දෙන්ම සිංහල ලේ
කැකෑරෙන උන් පරිස්සමට කියවිය යුතුය, මන්ද යත් මේ වන විනාශයේදි සිංහල ලේ පමණක්
කැකෑරී පලක් නැත, සිංහල දෙමල මුස්ලිම්
අප සැම ශ්‍රී ලාංකිකයෝ වෙමු. එසේ නම් මෙයට විරුද්දව බුද්ධිමත්ව කටයුතු කිරීම අප
සැමගේ වගකීමකි. බයියන් ටොයියන් ලෙස මාස ගණනක් පුරා දේශපාලුවන්ට කඩේ යාම ට්‍රෙන්ඩ්
එක වී ඇති මේ කාලයේ එකමුතු වී මෙම ගැටළුව විසඳීමට සියළු දෙනා එකතු විය යුතුය.මෙහි
අවසන් තීරණය වත්මන් රජය සතුවන හෙයින් ජනපතිතුමන් මේ සම්බන්දව සොයා බලා නිසි
විසඳුමක් ගෙනදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. රටේ පුරවැසියන් ලෙස මේ සම්බන්දව අප
අවදිව සිටින බව පෙන්විය යුතු නමුත් එහිදී ඔබව පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ
ඉත්තන් වනවාදැයි විමසිලිමත් විය යුතුය. අවසන් වශයෙන් තවත් එක් කරුණක් සඳහන් කල
යුතුව ඇත. විවිද දේශපාලන අරමුණු පසුපස ගොස් කෑගසන එන්ජීඕ සංවිධාන සහ පාරිසරික ක්‍රියාකාරීන්
මේ සම්බන්ඳවද සොයාබලනවා නම් ඉතා වටී.
උඹ මේක ලිව්ව එක වටිනව මහේෂ්. මේ ප්‍රශ්නෙදි ජාති ආගම් පක්ෂ පාට විදිහට හිතන්නෙ නැතුව "අපේ විල්පත්තු අභය භූමිය රැක ගනිමු" කියන චේතනාවෙන් එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන.
ReplyDeleteඒ උනාට මට තියෙන සැකය ඕකටත් ජාති වාදය ඇවිලෙනවා කියන ගොං තර්කෙ ඔළුවේ දාගත්ත බහුතර බලධාරීන්(රජයේ හා අනිත්) සෙට් එකක් නිසා නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව ඔය විනාශය දිගටම සිද්ද වෙන්න ඉඩ දෙයිද කියන එකයි.
එහෙම නොවේවි කියල හිතමු නේද.
මෙතෙන්දි බදියුදීන්ට ගන්න තියෙන එකම චාන්ස් එකත් ජාතිවාදෙම තමයි. ඒකට නැගිටින්න දුන්නොත් නම් ඉතින් සොරිම තමයි.
Deleteඅස්සන් කොලා ඕං එකෙන්ම
ReplyDeleteඑල එල....
Deleteරටේ කැළෑ ආරස්සා කොරන්න පෙත්සන් ගහ ගහ ඉඳල හරියයි ද?
ReplyDeleteසුදුසු ක්‍රියාමාර්ග ලෙස නීතිය අතට නොගන්නේ ඇයි ? ප්‍රස්නයක්
සාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට,
Deleteපෙත්සමකින් හැම දේම කෙරෙනවා කියල හිතන්න බෑ බං. ඒක ඇත්ත. නමුත් එහෙමයි කියල නීතිය අතට ගැනීම අනුමත කරන්න බෑ. එහෙම උනොත් වෙන්නෙ අර බොදු බල සේනාව වගේ උන් ඇවිත් මේකත් උන්ගේ ගේමක් කරගන්නවා...ඒත් අපිට පුලුවන් විදියට අපි මේකට පාලකයින්ගේ අවදානය යොමුකරවන් ඕනි.
අපි අර කොඩිය අරන් පිකට් ඒකක් කරමුද????
ReplyDeleteඑතකොට කොයි කොඩියද අපි අරන් යන්නෙ?
Deleteජාතික කොඩියද? සිංහලේ කොඩියද?
අා................ ඒකට සිංහලේ කොඩිය කියලාද කියන්නේ.... අනේ ඉතින් ඔ්කට තමා ඉල්ලං කනවා කියන්නේ
Deleteසමහර විට මේකට මීට වඩා වෙනස් හේතුවක් ඇති....
ReplyDeleteනැවත පදිංචි කිරීමකට කැලෑ එලි කරන්නේ ඉඩම් නැතුව වෙන්ඩ පුළුවන්....මෙතන අවුල උනේ ඒක කරන කෙනා....ඒ යකා එක කරන්නේ තමන්ගේ මිනිස්සුන්ට...
අපේ එකෙක් ඔහොම කරනවද?? ඒ අතින් ඒකාට ගරු කරන්ඩ ඕනේ...
අන්තිමට කැලේට වඩා මිනිස් ජිවීත වටිනවා කියලා මේ කතාවත් ඉවර වෙයි!!
මෙතන නියම හේතුව හොයාගන්න ඕන.. නැතිව ජාති ජාති කියල කෑ ගාලා වැඩක් නෑ.. යහපාලන ආන්ඩුව විතරක් නෙමෙයි ජඩමදයෝ පවා නිහඩයි.. සත්‍යය සැගවේ එලියට එන විට තට්ටේ විතරක් තියේවිද දන්නෑ. අක්සන් කොලා..
ReplyDeleteඇත්ත...කාටහරි පඩයක් ගියත් දඟලන ජඩමාධ්‍යවේදියෝ මේ ප්‍රශ්නෙ ඇහුන් නෑ දැක්කෙ නෑ වගේ ඉන්නවා...
Deleteනෑ බං...ඔතන තියෙන්නෙ රිශාද් ගෙ ඡන්ද පදනම වැඩිකරගන්න උවමනාවක්. මොකද ගිය අවුරුද්දෙදිත් මිනිහා ඔහොම වැඩක් කලා...එතෙන්දි මිනිහා මිනිස්සුන්ට දුන්නෙ වගුරු ඉඩම් බං. වැස්සට යට වෙනවා. ඉතින් ඌට ඇත්තටම මිනිස්සු ගැන කැක්කුමක් නෑ බං.
ReplyDeleteඅනික මේක මේ අද ඊයෙ ඉඳන් වෙන වැඩකුත් නෙමෙයි.
බදුර්දීන්ගේ මේ ක්‍රියාව නවත්වන්න ඕනේ ජාතිවාදීව නොවේ මතවාදීව.මහේෂ් කියලා තියෙනවා හරි මිනිහාට ඕනේ ජන්ද එකයි පිටින් හරි ගෙන්ත් මේවයේ පදිංචි කරවලා උන්ට ජන්ද අයිතිය දෙන්න හදන්නේ.මේ වගේම වැඩක් මහින්දගේ ආණ්ඩුවත් කෙරුවා උතුරු පළාත් සභා ජන්දේදී.උතුරු මැද සිංහල ජන්දදායකයින්ට ඉඩම් දුන්නා වවුනියාවේ කෑලැ වල.එකම කොන්දේසිය උතුරු ජන්දේදී ජන්දේ දෙන්න ඕනේ සන්ධානෙට.හැබැයි ඉඩම් ගත්තු ගොඩක් වුන් ජන්දේ දාන්න ගියේ නම් නැහැ.
ReplyDelete//සිංහල දෙමල මුස්ලිම් අප සැම ශ්‍රී ලාංකිකයෝ වෙමු. එසේ නම් මෙයට විරුද්දව බුද්ධිමත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. //
Delete//බදුර්දීන්ගේ මේ ක්‍රියාව නවත්වන්න ඕනේ ජාතිවාදීව නොවේ මතවාදීව//
ඇත්තටම සිද්ධ වෙන්ට ඕනි මෙයයි.
ඉතින් කවුරුහරි යෝජනා කරන්නකෝ බ්ලොග් සංසදයේ මැදිහත්වීමේන් සමාජ මාධ්‍යකරුවන්ගේ එකමුතුවෙන් විරෝධයක් පවත්වන්න මේ ගැන. අපේ සහයෝගය දෙනවා :)
ReplyDeleteඑහෙම එකක් වෙනවා කමියො... බුකියෙ තිබුනා ඉවෙන්ට් එකක්. මම ශෙයා කරලා ඇති. අපි ඒ අයත් එක්ක කතාකරලා බ්ලොග්කරුවන් විදියට අපිට දෙන්න පුලුවන් සහයෝගය දෙමු.
Deleteබුකියෙන් සංවිධානය කෙරෙන විරෝධතා පාගමන මෙන්න
Deleteමෙතන ජාති භේදයක් නැතුව මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට අපි සාකච්ඡා කළත් අන්තිමට මෙහි ප්‍රධාන වග උත්තරකරු වන රිෂාඩ් බදුර්ඩීන් මුස්ලිම් ජන කටසට අයත් වීමත් ඊනියා ජාතික සමගියට බාධා වේ යැයි බියෙන් ඉහල බලධාරීන් මේ ගැන තීරනයක් නොගැනීමත් කියන කාරනා අපිට මග අරින්න බෑ. කවුරු කළත් වැඩේ වැරදිමයි. අපේ රටේ සුළුතර අන්තවාදී කණ්ඩායම් වලට බය බැගෑපත් දේශපාලකයින් නායකයින් මේ ප්‍රශ්නේදි අඩු තරමින් වන විනාශය කියන පාරිසරික ගැටළුව හඳුනගන්නත් සූදානම් නෑ.
ReplyDeleteමොකා කලත් මේ වැඩේට විරුද්ධ වෙන්න ඕන ලාංකිකයෝ විදියට. අපි හැමෝටම බලපාන දේවල් මෙව්වා. අතිශය කාලීන දෙයක් මේක නම්... බලමු මොකද වෙන්නෙ කියල...
ReplyDelete