Thursday, January 15, 2015

දඩබ්බර හදවත වෙත ලියමි...

උඹ හොඳ බව මම දනිමි..
උඹ හොඳ වැඩිය....
නමුත්...
උඹ දැන් ඕනාවට වඩා වැඩිය...
උඹ මගේ ඇඟ පුරාවට ලේ පොම්ප කරාම ඇතිය...
එය උඹගේ රාජකාරියයි...
ඕනාවට වඩා ඕනාම දෙයක් ඕනෑ නැත...
හැම මගුලටම උඹ හොට දැමීමෙන් මට ඇතිවූ සෙතක් නැත...
ඉදිරියටවත් උඹ උඹේ පාඩුවේ නොසිටියහොත්
උඹ මගේ හදවත බව මට අමතක වනු ඇත.

1 comment:

  1. නියමයි!!
    පාඩමක් ඉගැන්විය යුතුමයි!!

    ReplyDelete