අද උඹව දැක්කම මට ලියන්න හිතුනා...
ඊරිසියාවට කියනව නෙමෙයි....
පරිස්සමින් මල්ලි...
උඹ අද ගියා වගේම එදා මාත් ගියා...
ඔය වගේම ලස්සන ඇස් දෙකක් තියෙන එකියක් එක්ක...
ගොඩාක් ආදරෙන් හිටිය බං...
හැබැයි කාගෙදෝ ඇස්වහකට අද මං තනියෙම...
ඒත් කමක් නෑ මල්ලි..
මං වගේම.. නෑ මටත් වඩා ආදරේ කරපන්...
පොඩ්ඩක්වත් අඩුවක් කරන් එපා...
ඒ ඇස්වලින් හැමවෙලේම ආදරේ හොයපන්..
මං වගේ...
ඒත්...
උඹ හොයන ආදරේ ඒ ඇස්වල නැත්නම්...
ආදරේ කරන් එපා මල්ලි...
කඩුව රත්තරන් කියල ඇනගන්න බෑනෙ...
ආදරේ කරපන්...
උඹ ආදරේ කරනවටත් වඩා උඹට ආදරේ කරන එකියකට...
ආදරේ වැඩි කවුද කියල අහල රණ්ඩු කරපන්....
දැන් උඹ කියයි මගෙ කෙල්ල මට ශුවර් කියල
ඉතින් හරි බං...
මං නෑ කිව්වද දැන්...
උඹේ කියල උඹ ඒකිව අයිති කරගත්තට
අර හරක්ව හන ගහල තියාගන්නව වගේ
උඹට ඒකිව තියාගන්න බෑනෙ.....
කූඩු කරල හදන්න ඒකි සතෙක් නෙමෙයිනෙ...
ඒකිගෙ ඇස්වල ආදරේ නැත්නම් උඹ
ඔළුවෙන් හිටගෙන නෙමෙයි ඔළුව අතේ තියාගෙන
කීවත් යන එකී යනව බං....
ලෝකෙටම පේන්න අතින් අල්ලන් ගියත්..
යන එන හැම තැනම ෆොටෝ ගැහුවත්...
උදේ ඉඳන් රෑ වෙනකම් sms කලත්...
උඹ හොයන ආදරේ ඒ ඇස්වල නැත්නම් වැඩක් නෑ මල්ලි...
මං දන්නවා...
උඹට මේව තේරෙන් නෑ....
උඹ දැන් මේව තේරුම් ගන්නෙත් නෑ...
කමක් නෑ....
මම දන්නව උඹ හොඳ එකා..
ඉතින්..
පරිස්සමින් මල්ලියෙ...
එල....
ReplyDeleteපරිස්සම කෝකටත් හොදයි නේ??
මට ලැබුන පලවෙනි කමෙන්ටුව.... එල
Deleteගොඩාක් වටිනවා....