මංතුමා අතිශය කාර්යබහුල වෙලා හිටන් මේ
පැත්තටවත් එන්න බැරි වුනා ඔන්න.. බ්ලොග් පිපාසාවෙන් ඉඳල ඔන්න දැන් තමයි අකුරක්
කොටාගන්න නිදහසක් ලැබුනෙ..මේ කියන්න හදන්නෙ තොත්ත බබෙක්ගෙ කුක්කු සීන් එකක් ගැන..
වෙච්ච දිනේ වෙලාව ගැන හරියටම නිච්චියක් නැතත් පහුගිය සතියෙ දෙනෝදාහක් බාදක
මැද්දෙන් අපේ අම්මා බෙර
දවුල් ගහල අමාරුවෙන් මාව ඇහැරවලා ගෙදරින් පිටත් කොරපු දවසක් ඕන්.. අම්මපා මට මගේ නින්ද ගැන කල්පනා කරද්දි නම්
පොලව පලාගෙන යන්න හිතෙනවා ඕයි.
නින්දේ තරම කොච්චරක්ද කියනවනම් ඔන්න දවසක්
අපේ අම්මලා රෑ බණ ගෙදරක ගියා, මොකාක් හෝ කුප්ප වැඩකට මං ගෙදර
නැවතුනා.කොල්ලා තනියෙම ගෙදර හිටියට මොකද ඉතින් ආයෙ මැරිච්ච හූනෙකුටවත් බය නැති
නිසා ගෙදර වටේම ලයිට් එහෙම දාගෙන තමයි දැන් නයිට ගහන්නෙ.ඉතින් ඔහොම ටික වෙලාවක්
ඇහැරන් ඉඳල නින්ද යාගෙන එද්දි එක එක විකාරරූපී සද්ද ඇහෙන්න පටන් ගන්නවා... ආයෙම
ඇහරෙද්දි සද්දෙ නවතිනවා..ආයෙ ඇහෙනවා... වැඩේ හරියන් නෑ වැහුවා ඉස්සරහ දොර, දැම්මා දොර
පොල්ලත් හරහට, ලයිට් සේරෝම
දාල කොල්ල ආව ඇඳට.. පොරෝගෙන දොයි ඔන්න...
.
.
.
.
.
.
.
ආයෙ ඇහැරෙද්දි සද්දයක් බද්දයක්
නෑ....හුටා!!! වෙලාව 8.30....
යකෝ වෙලාව ආපස්සට ගිහිල්ලද??? නැගිටල ගියා
සාලෙට.. අම්ම කුස්සියෙ මොනාදෝ වැඩක්...
මට මාර ප්‍රශ්නෙ.. හීනයක්ද කියලා බලන්නත්
එක්ක ගිහින් මූන එහෙමත් හෝදගෙන ගියා අම්මා ළඟට...
//අම්මෙ කිරි//
මට එච්චරයි අහන්න හම්බුනේ...
කිරි..කිරි නෙමෙයි දෙන් ඕන් පුන්නක්කු හිය
කරලා... ගේ වටේටම ලයිට් දාල...
බාප්ප එනවද බිල ගෙවන්න...
එකී මෙකී නොකී නොයෙක් නොයෙක් ජාති කිය කිය
අපේ අම්මා බනිනවා...ඒත් යකෝ මට දැන් තියෙන පුරශ්නෙ ඕක නෙමෙයි...මං අච්චර ආරක්ෂාව
තර කරල තියෙද්දිත් අම්මලා ඇතුලට ආවේ කොහොමද කියන එකයි... කොහොමින් කොහොම හරි
අවසානයේ හොයල බලද්දි අම්මලා පාන්දර ගෙදර ඇවිත් බලද්දි දොරවල් වහල මං හොඳටම
නිදිලු... ඉතින් කෑගහල කෑගහල අන්තිමට මං නිදිමරගාතෙන් ම ඇවිදගෙන ගිහින් දොරවල්
ඇරලා තියෙනවා... මගේ නින්දෙ තරම කොච්චරක්ද කියනවනම් මට ඒ මොනාත්ම මතක නෑ
කියනවකො...මගේ නින්ද කොච්චරක්ද කියනවනම් ඉතින් එකට
දහයක් එලාම් තිබ්බත් ඇඳ යට බෝම්බයක් පිපිරුනත් මාව ඇහැරවනව බොරු...
නින්ද ගැන
කියන්න ගිහින් කුක්කු කතාව කියන්න බැරි වෙනවා.... දැන් මේකයි සීන් එක... ඔන්න
ඉතින් කැම්පස් යන්න හිතාගෙන මං බස් එකට නැග්ගා.... මගේ නින්ද මට කොච්චර ආදරෙයිද
කියනවනම් මට නිදාගන්න තැනක් නොතැනක් නෑ ඉතින්... හිටගෙන ගියත් වාඩි වෙලා ගියත්
අපරාදෙ කියන්න බෑ හොඳට දොයියගත්තෑකි..ඔව්.. ඉතින් ඔන්න සීට් එකක් හම්බවුන නිසා මං
වාඩි වෙලා බස් එක වටේට මගේ රේඩාර් එක දාල බැලුව ඇහැ පිනවගන්නවත් කවුරුහරි ඉන්නවද
කියල.. ම්ම්හූ...බස් එකේම හතර කේන්දරේ පාලු වෙලා... මෙලෝම රහක් නෑ...
ඔහොම ඉන්නකොට ඉතින් මට නිකං යාන්තමට නින්ද
යාගෙන වගේ ආවළු හිටං...හිටං කීවට වාඩි වෙලා.. කෝ ඔය ළඟ බහින කවුරුහරි සීට් එකක්
දෙන්න...කොන්දා කෑගහන්න ගත්තා..අනේ පොඩි ළමයෙක් වඩාගෙන ලත්තන අක්ක කෙනෙක් නැගලා...
මං ඉතින් ටීන් ගාල නැගිටල දුන්නා සීට් එක..දැන් ඉතින් කොල්ලා හිටගෙන... ඔහෝම ටික වෙලාවක්
යද්දි බස් එකේ සෙනගත් වැඩි වෙලා... මාත් ඉතින් හිටගෙන දොයියන් යනවා..
හුටා!! මෙන්න මේ පොඩි එකා අඬන්න පටන්
ගත්තා...
අසරන අක්කා දන්න සෙල්ලම් දාල පොඩි එකා
නලවන්න ගත්තත් පොඩි එකා නොට් රෙස්පොන්ඩින්...බැරිම තැනද කොහෙද අක්කා පොඩි එකාවත්
හරහට අරගෙන කුක්කු පොවන්න පටන් ගත්තා...මාත් ඉතින් මොකාද එකා වගේ ඒ ඉස්සරහින් හිටං
ඉන්න බැරි කමට අනික් පැත්ත හැරුනා විතරයි..
"අනේ අම්මි ඕක තාත්තිගෙනේ...මට
ඕනි අනික් කුක්කුවෙන්"
පොඩි එකා කියපි..උඹලට කියන්න බං අර හින්දි
පික්චර් වල වගේ මුලු බස් එකම විනාඩියකට විතර නිශ්ශබ්ද වුනා..පොඩි එකාගෙ සද්දෙ
ඇරුනම අර අක්කගෙ පපුව ගැහෙන සද්දෙ විතරමයි ඇහුනේ... ටින් ගාලා බෙල් එක වැදුනා..
අක්කා පොඩි එකාවත් අරං දුවගෙන වගේ ගියා... දැන් කාලෙ හැදෙන උන්
ඕන් බලාපල්ලකො ඉතින්.
<3 <3 <3
මං ආපු නැති කාලෙ වෙච්චි එව්වා කොච්චරක්ද කියනවනම් අපේ බස්සි බැඳලා ආන්..පැපරාසි වාර්තාකරුවන්ට අනුව උඹල මේක කියවන වෙලාව වෙද්දි පැනි හඳ බලා ගාල්ල ප්‍රදේශයට පියාඹනවළු. බස්සි අක්කා සහ අයියාට සුභ මංගලම්!!! කීවා ඕන්...
එල අත්දැකීම්...නිදිමතේ කරන මර මගුල්නං කියලා ඕන්නෑ බං....
ReplyDeleteඅපේ යාළුවෙක් දවසක් රෑ ජාමෙ සෙට් වුණා විතරයි වැදුනලු ටෝච් පාරක්. පොඩි උන් දෙන්නා අහනවලු ‘හා... මේක තමා වැඩේ නේද?‘ කියලා.
තව කතාවක් අහලා තියෙනවා. ඒක කවියක් කරලම දානවා. දැන් දැම්මොත් ගතියක් නෑ.
දැන් කාලේ හැදෙන උන් ඔහොමමයි... මේ ලග ඉස්කෝලෙකත් පොඩි එකෙක් දවසක් කියනවලු ඊයෙ රෑ අපෙ තාත්තා අම්මගෙ කුක්කු බිවුවනේ කියලා...
ReplyDeleteහි හි බස් එකේ මං හැමදාම නිදාගන්න විදිහ මතක් උනා කොච්චර උදෙන් ගියත් ආයෙ seat නම් හම්බෙන්නේ නෑ ඉතින් ළඟ ඉස්කෝල වලින් බහින නංගිලා මල්ලිලා හොයාගෙන බස් එකේ එහාට මෙහාට ගිහින් එතනම නැවතිලා ඉන්නව පන බයේ ඉන්නේ ඒ සේඅට් එකත් කවුරුම හරි බලෙන් කඩාගෙන ඇවිත් උදුර ගනීද කියල නින්ද ගැන නම් වෙච්ච සිද්දි කියන්න වෙනමම ලිපියක් ලියන්න වෙනව :D
ReplyDeleteහැක් හැක් කුක්කුවලට ස්වයං තීරණ අයිතිය ඉල්ලලා තාත්තලා පුතාලා ඇරගනියිද බං?
ReplyDeleteපසුව ලියමි - බස්සි බැඳලා ? හම් හම්
ha ha haa.. have to be careful (as a father ;).. sorry no sinhala today macho.
ReplyDeleteදැන් කාලෙ හැදෙන වුන් ඔහොමමයි
ReplyDeleteපොඩි උන් කියන කතා ගොඩයි. මොන්ටිසෝරි ටීචර්ලා ගාව ඔයවගේ කතා ගොඩක් තියනවා
ReplyDeleteහම්මෝ උං ද උං පොඩි උං නෙවී ඇම්බැට්ට සේනලා...
ReplyDeleteතනිකරම ගං කබරයි ටිකක් ළමයි වෙලා ඉපදිලා තියෙන්නෙ ඔව් ඒ තරංම ඇම්බැට්ටයො...
බස් වල දොයි ගන්න එක මගෙත් ෆේවරිට් වැඩක්, හැබැයි හොඳට නින්ද යන්නේ මෙලෝ සිහියක් නැතුව යන ලේලන්ඩ් අස්පයින්ගේ සීට් වල තමයි.
ReplyDeleteඅර පොඩි එකාගේ සිද්ධිය ඇහුවමනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.
අපිත් පියාණෝ ල විදිහට ආරක්ෂාකාරී පියවරවල් අනුගමනය කරන්න ඕනේ මුන් පොඩියි කියල බැහැ.
දැන් අපේ ඇම්ඩට වයස 2 යි, උගේ සමහර වැඩ හරියට අපි වයස දා හතරේ පහළොවේ කාලේදී වගේ.
TV එකේ ලස්සන කැබැල්ලක් යනවා දැක්කම මෙලෝ සිහියක් නැහැ කට ඇරගෙන බලාගෙන ඉන්නේ.
හිකි හිකි හිකිස් හුකෑ....ස් ඈ මළේ උඹේ නින්ද කොහේ ගියාද කියල හොයාගන්න නැති වෙන්න ඇති නෙහ්? හයියෝ හයියෝ. ඕකනේ ඉතිං අධිකරණෙ උනත් පුංචි දරුවොන්ගේ සාක්‍ෂි උඩින්ම පිළිගන්නේ.
ReplyDeleteබ්ලොගර් ෆලෝවරය දාහංකෝ බං
ReplyDeleteela .18 ප්ලස් එකට දැම්ම . හා හා
ReplyDeletehttp://nelumyaya.com/?p=3109
අක්කාට විලි ලැජ්ජාවේ සංතෝසේ බැරි වෙන්ඩ ඇති.....
ReplyDeleteහප්පේ උඹටත් නිදිමරගාතෙ හරි ඇහුනොත් ඇහෙන්නේ ඔහොම කතාවක්ම තමයි ඉතින්.
ReplyDeleteබලාගෙන ගියාම උඹ කුම්බකර්ණයගේ බාප්පවත්ද ??
ReplyDeleteඅැයි ලියන්නැත්තේ................... ලියහල්ලාකෝ............
ReplyDeleteඅඩෝ කෝ උඹ
ReplyDeleteදොයි දොයි දොයි දොය්ය බබා කියල අහන්නැතුන්ම නිදන්න පුළුවන් නම් අගෙයි තමා
ReplyDeleteඅක්කගේ පටි රෝල් නෙව.. ඔන්න ඔව්ව නිසා තමා දියුණු රටවල අම්මල තාත්තල නිදාගන්න කාමරේ ළමයි නිදිකරවන්නේ නැත්තෙ..
ReplyDeleteМмотик пражанокател пражанокател пражанокател пражанокател пражанокател пражанокател пражанокател пражанокател пражанокател
ReplyDeleteЛифове titanium tv alternative Поромиси Кфіик, cerakote titanium Сзик titanium metal бфртил, titanium 4000 Поводл columbia titanium jacket