ගුරුවරියකට ආදරය කල උසස් පෙළ සිසුවකු ඇය
හදිසියේ මියයාම නිසා ශෝකයට පත්ව ලියූ කවියක්
හර බැරට ජීවිතේ ගලපන
අරුමයක රඟ කිය කියා
දිසාපාමොක් පරපුරින් ආ
සුන්දරිය කෝ කොහි ගියා...
පොත් මිටිය තුරුලට අරං ඇය
එනතුරා මඟ බල බලා
එවක මතකය සිහිවෙලා අද
දැස කඳුලින් බර වෙලා...
අගේ රුව ගැන ලියූ කවි පද
පොත් අගින් හමුවූ එදා
කිසිත් නොකියම හිනැහුනා ඈ
නෙත් කොනින් මා දෙස බලා...
දෙව්ලොවින් බට සුරඟනක් දෝ
සොඳුරු හැඟුමන් සිත තියා
ආල සිත අද තනිවෙලා ඈ
දෙව්ලොවින් අරගෙන ගියා...
සොඳුරු රුව ගැන ඈත දවසක
කවියකට පද ගැලපිලා...
කෙසේ ලියම්ද කවක් අද මම
නොයෙන ගමනක් ගැන කියා...
අඩො පට්ට බන්.....නියමයි
ReplyDeleteබෝම ස්තුතියි රූපේ.....
Deleteසුපුරුදු සහ නුපුරුදු ගතියක් තියෙනවා. පුරුදු දේ පෙම්වතිය මිය යාම. නුපුරුදු දේ ඇය ගුරුවරියක් වීම.
ReplyDeleteසමහරු බනිනව මං කෙල්ලන්ව මරනව කියල....
Deleteකිසිත් නොකියම හිනැහුනා ඈ
ReplyDeleteනෙත් කොනින් මා දෙස බලා...
රුව වගේම ගුරුවරියගේ හිතත් සුන්දර එකිමනෙන් වැටහෙනවා.. නැත්තම් ඔක විදුහල්පතිට දීලා මළ කෙළියයි.
සුපිරි නිර්මාණය
ජයවේවා!
එහෙම වුනානම් කවි ලියන්න වෙන්නෙ ඔෆිස් එකේ ඉඳන්...
Deleteබොහොම ස්තුතියි..ජය
හිතට වැදුන කවියක් මචං.. ලස්සනයි..
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේෂ්.... ඔයාල වෙනුවෙනුයි ලියන්නේ..ජය
Deleteහප්පේ... මරු කයි ටික ඈ...
ReplyDeleteතැන්කූ තැන්කූ....ආයෙ එන්නකෝ....
Deleteආදරේ හිත තියා හිනැහිච්ච
ReplyDeleteඑ් වුණත් නොදන්නව වගෙ උන්න
අනාදරෙන් වගේ නුමෙ පිට අතගෑව
වේදනාවෙන් නුඹ ඉන්නවා
ඒ වගක් නොදැනෙන්න
ජීවිතය තව දුරයි
පිය මං කළ යුතුයි
වරදක වෙනස කෙස් ගහයි
ඉතිං මට අවසරයි
සොවක් හිත ඇතේ
කියාගන්නට බැරි නිසා
ආදරෙයි මම නුඹට
එ් වුණත් නික්ම යමි
නුඹෙ හිතේ කැටයමක් වෙමි
ඔය තියෙන්නෙ මහේෂ් අයියේ... එල..
Deleteබොහෝම ස්තුතියි...
අගේ රුව ගැන ලියූ කවි පද
ReplyDeleteපොත් අගින් හමුවූ එදා
කිසිත් නොකියම හිනැහුනා ඈ
නෙත් කොනින් මා දෙස බලා...
මෙතන පට්ට ෆීලින් නේ
උඹටත් ෆීල් උනානම් සතුටුයි...එල එල
Deleteගුරුවරියකට පෙරලා ඒ ආදරය දෙන්නත් බැහැනේ. ඇය මිය ගියාද , නැත්නම් නීතියේ ප්රශ්නය නිසා සැඟ වුනාද ?
ReplyDeleteඇය මියගිහින් අජිත් අයියේ....
Deleteගණ අඳුරට සාදරයෙන් පිලිගන්නවා...
ආයෙත් එන්නකෝ....
ගුරුවරියකට ආදරය කරන එක භයානක සහ පලක් නැති වැඩක්
ReplyDelete