සොඳුරු දවසක එදා ආදරෙන් ඉන්න ඇති
උරමඩල හිස තියා සෙනේ සුව විඳින් ඇති
ජිවිතය ආදරය පමණක්ම වෙන්න ඇති
පැතුම් දහසක් අතර තනිවුනා මතක ඇති
ඔය දෑස මත සෙවූ ආදරය නිමක් නැති
කොතන කෙදිනකදි හෝ මාත් රැවටෙන්න ඇති
මතකයට විත් ඔයා කඳුලු බිඳු වැටෙන් ඇති
කඳුල උරුමය වෙලා ඔයා දුර යන්න ඇති
අතීතය සිහිනයකි රැඳෙන්නට වරම් නැති
ආ දුරත් වැඩි නිසා ඉතින් ඔබ යන්න ඇති
වසන්තය නිමා වී ගිමන් කල එන්න ඇති
ජීවිතය විඳවන්න ලියවිලා තියෙන් ඇති
සඳ නේන රෑ පුරා ඔබෙ රුවම සොයන් ඇති
තාරුකාවී ඔයා මගෙන් දුර ඉන්න ඇති
යලිත් ඔබ දකින්නට සහසකුත් පැතුම් ඇති
සසර මතු දිනෙක යලි ඔබෙ වෙන්න පතමි නිති.
අඩෝ පට්ට බන්.......සුපිරි....
ReplyDeleteචැහ්...අදත් මූ පළමුවෙන්ම ඇවිත්නෙ....
Deleteමං මේ බලන් හිටිය ඉටි රූපයක් වගේ ගෑනු දැරිවියෙක් ඇවිත්
ලත්තනයි අයියෙ කියයි කියල....
දුක තමා පුතා.....ගනන් ගන්ඩ එපා ඉතින්...
Deleteදුප්පත් කමනේ....
හැහ්..අන්න වචනෙ.. දුප්පත් කමනෙ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteLassanai malliye..hikiz...great ideaz
ReplyDeleteතැන්කූ අක්කියෝ.....අනේ මගෙ කට!!!
Deleteඇති 14 යි. නැති 2 යි. සමහර ඒවා ‘වෙන්න ඇති‘ කියන අදහස පෙන්නන්නෙ ඇයි? පෙර ආත්මයක් ගැනද අදහස් කලේ?
ReplyDeleteපද ගැලපීම ලස්සනයි.
හැහ්..ඔයා කිව්වමයි දැක්කෙ....වෙච්චි දේවල් එක්ක බැලුවාම පෙර ආත්මෙක මේව උනානම් හොඳයි කියලත් හිතෙනවා...
Deleteබොහොම ස්තුතියි....
ලස්සනයි බන්...........
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ගණ අඳුරට...
Deleteබොහෝම ස්තුතියි...
ආයෙත් එන්නකෝ..ජය!!!
නියම විදියට වචන ගලපලා ලියල තියෙනවා ලස්ස්නයි . . . .. . .
ReplyDelete