Friday, June 12, 2015

දැන් කාලෙ හැදෙන උන්...

මංතුමා අතිශය කාර්යබහුල වෙලා හිටන් මේ පැත්තටවත් එන්න බැරි වුනා ඔන්න.. බ්ලොග් පිපාසාවෙන් ඉඳල ඔන්න දැන් තමයි අකුරක් කොටාගන්න නිදහසක් ලැබුනෙ..මේ කියන්න හදන්නෙ තොත්ත බබෙක්ගෙ කුක්කු සීන් එකක් ගැන.. වෙච්ච දිනේ වෙලාව ගැන හරියටම නිච්චියක් නැතත් පහුගිය සතියෙ දෙනෝදාහක් බාදක මැද්දෙන් අපේ අම්මා බෙර දවුල් ගහල අමාරුවෙන් මාව ඇහැරවලා ගෙදරින් පිටත් කොරපු දවසක් ඕන්..  අම්මපා මට මගේ නින්ද ගැන කල්පනා කරද්දි නම් පොලව පලාගෙන යන්න හිතෙනවා ඕයි.

නින්දේ තරම කොච්චරක්ද කියනවනම් ඔන්න දවසක් අපේ අම්මලා රෑ බණ ගෙදරක ගියා, මොකාක් හෝ කුප්ප වැඩකට මං ගෙදර නැවතුනා.කොල්ලා තනියෙම ගෙදර හිටියට මොකද ඉතින් ආයෙ මැරිච්ච හූනෙකුටවත් බය නැති නිසා ගෙදර වටේම ලයිට් එහෙම දාගෙන තමයි දැන් නයිට ගහන්නෙ.ඉතින් ඔහොම ටික වෙලාවක් ඇහැරන් ඉඳල නින්ද යාගෙන එද්දි එක එක විකාරරූපී සද්ද ඇහෙන්න පටන් ගන්නවා... ආයෙම ඇහරෙද්දි සද්දෙ නවතිනවා..ආයෙ ඇහෙනවා... වැඩේ හරියන් නෑ වැහුවා ඉස්සරහ දොර, දැම්මා දොර පොල්ලත් හරහට, ලයිට් සේරෝම දාල කොල්ල ආව ඇඳට.. පොරෝගෙන දොයි ඔන්න...

Wednesday, May 6, 2015

විල්පත්තුව සුරකිමු | Protect Wilpattu



විල්පත්තුවට පත්තුවන මේ මොහොතේ සටහනක් තැබිය යුතුමයි සිතුනි. කියවන විට සිංහල ලේ කැකෑරෙන දේශප්‍රේමීන් සහ වීරවරයන් පරිස්සමට කියවිය යුතුය. ඔබ මම දන්නා පරිදි පසුගිය වර්ශයේ සිටම විල්පත්තු රක්ෂිතය පිළිබඳ වරින් වර අවදානය යොමු විය, ඒ රක්ෂිතයට අයත් භූමිය නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදාගැනීම සම්බන්දවයි.පසුගිය රජය යටතේ ද විවිද සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් වනාන්තර එලිකිරීම කෙරුනු අතර ඉන් සිදුවුන සහ තවමත් සිදුවන පාරිසරික හානිය සුළුප‍ටු නොවේ. මින් වඩාත් කතාබහට ලක්වූ පෝට් සිටි ව්‍යාපෘතියද අතරමඟ නැවැත්වීමට ( හෝ නවත්වන බව පෙන්වීමට) සිදු වූයේ විවිද පාර්ශවයන් ඒ සම්බන්දව හඬක් නැගීමට පටන් ගත් නිසා බව නොරහසකි.

දැන් ඊට නොදෙවෙනි ලෙස විල්පත්තුව සුරකිමු මැයෙන් බුකිය තුල සහ සමාජය තුල කතිකාවතක් නිර්මාණය වෙමින් පවතී. මෙහිදී සඳහන් කල යුතු කාරනා කිහිපයකි. පළමුවෙන්ම කිවයුතු වන්නේ ලාංකිකයින් ලෙස අප රටේ කුමන හෝ වනාන්තරයක් කුමන හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් බිලිගන්නේද, එයට විරුද්ද වීමට අප පසුබට නොවිය යුතුය. ඒ පිලිබඳව තර්කයක් නැත. බදියුදීන් වේවා සක්කරයා වේවා එහි වෙනසක් නොවිය යුතුය.

Friday, May 1, 2015

මැයි දිනය සැලිබ්‍රේට් කිරීම | May Day


අද මැයි පළවෙනිදා...අද ආතල් දවසක් වෙන්නෙ හැමෝටම නිවාඩු නිසා..ඒ එක පැත්තක්...අතීතයට ගියොත් 1886 මැයි මාසෙ 4 දා වැඩ කරන ජනතාව, ඒ කිව්වෙ කම්කරුවො දහස් ගානක් පාරට බහිනවා.. ඒ පැය 8ක සේවා මුරයක් ඉල්ලලා..එහෙම ඉල්ලීමක් කරපු කම්කරුවන්ට පොලීසියෙන් වෙඩි තියනවා...කොහොමින් හරි එදා ඉඳල ලෝකෙ හැම රටක්ම පාහේ කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කරලා සමරනවා.. සමරනවා කියන වචනයත් එක්ක මට මාර ඇරියස් එකක් තියෙන්නෙ, මොකද සැමරීම කිව්ව ගමන් දැන් හිතට එන්නෙ කෑම සහ බීම ආතල් දැමීම කියන දේවල්... දැන් අද උදේ වරුවෙ ප්‍රධාන පාරකට ගියපු ඕනෙම කෙනෙක්ට බලාගන්න තිබුනා ලංකාවෙ කොච්චරක් නම් කම්කරුවො ඉන්නවාද කියල, සහ ඒ අය කොච්චර ආසාවෙන් මැයි දිනය සෙලිබ්‍රේට් කොරනවාද කියන එක..ඒ විතරකුත් නෙමෙයි,  ලංකාවේ දේශපාලන පක්ෂ වැඩකරන මිනිහාට කොච්චරක් ආදරේද කියලත් බලාගන්න පුලුවන් අද රෑට නිවුස් බැලුවනම්...

දැන් මං අහන්නෙ මේකයි...අද දවස කාගෙද?
පොතේ හැටියට අද ලෝක කම්කරු දිනය. ඒ කීවේ තමන්ගේ ශ්‍රමය යම් වැ‍ටුපක් වෙනුවෙන් යොදවන මිනිසුන්ගේ දිනය.. එහෙනම් අද දිනය වෙන් වෙන් ඕනි ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට වැඩි අවදානයක් යොමුකරවන්න. අවුරුද්දෙ දවස් 365 න් අද විතරයි කම්කරුවන්ට ඉතුරුවෙන්නෙ තමන්ගෙ ඉල්ලීම් ඉල්ලන්න..
ඒත් ඉතින් අද වෙන්නෙ ඒකද?

Saturday, April 25, 2015

වෙරල කොනක...





රැලි නගන හැටි සාගරේ අර බලාපන් තව_______ ගලනවා
සයුරු තෙර ළඟ පෙම්වතුන් උන් අදත් පෙම්බස්_ දොඩනවා
පෙන නගින ‍රැලි සමඟ සෙල්ලම පුංචි උන් තව__ ඉන්නවා
‍රැල්ල එනවග නොදැනදෝ උන් අදත් මාලිග____ තනනවා

දෑත පටලන් ඈත ඇවිදින පෙම්යුවල දුර_______ ඇදෙනවා
ආදරෙන් උන් ඇවිද ගිය මඟ වෙරල සලකුණු____ කරනවා
ආදරේ ගැන තවත් උන් මේ වෙරලෙ සිතුවම්_____කරනවා
නපුරු වී දෝ වැල්ල පිස එන ‍රැල්ල සලකුණු____ මකනවා

Monday, April 20, 2015

එන්න පින් ගන්න...



අවුරුදු උණුසුමත් එක්ක කතරගම වන්දනාවක යන්න තිබුන නිසාම බ්ලොග පැත්තෙවත් එන්න බැරි වුනා...ඒත් ඒ ගමන නිසාම අද මේ දේ ලියන්න ඕනි කියල හිතුනා...

අපි කතරගම ගියේ 15 උදේ වරුවේ...මිනිස්සු අවුරුදු කන්නෙ ගෙවල්වල කියල හිතුවට සෑහෙන සෙනඟක් අවුරුදු කාල තිබුනෙ කතරගම...අපි යද්දි නම් එකම එක විශ්‍රාම ශාලාවක් වත් අඩුමගානෙ හොටෙල් රූම් එකක්වත් හොයාගන්න තිබුනෙ නෑ...ඒ තරම් ශ්‍රද්දාවන්ත පිරිසක් මේ රටේ ඉන්න එක ගැන හදවතින්ම සතු‍ටු වෙන් ඕනි.

ඉතින් සුවහසක් බැතිමතුන් අතරින් අමාරුවෙන් කතරගම මහ දේවාලෙ ගාවට යද්දි ගිය වාහනේ නවත්තගන්න තැනක් නෑ..හැම තැනම වාහන නවත්තලා... අමාරුවෙන් ළඟ තිබුන පූජා භාන්ඩ කඩයක් ලඟින් ඩ්‍රැයිවර් අයියා වාහනේ ගැහුවා විතරයි..

මල්ලි...පූජා වට්ටි කීයක් ගන්නවාද?

බුවෙක් ඇවිත් අහපි...
අපේ අම්මලා කිව්ව හැටියට කතරගම අවටින් ගන්න පූජා වට්ටි හොඳ නෑලු.. ඒ පළතුරු නරක් වෙලාලු...පළතුරු සුවඳට තියෙන් ඕනිලු.. නැත්නම් දෙවියො එව්වා ගන් නෑලු...දෙයියො කෙසේ වෙතත් ගෙඩි පූජා තියද්දි ගෙඩි ටික මල්ලක දාගෙන ආපහු කවුදෝ යනව මං දැක්ක...මගෙ හිතේ දෙයියොද කොහෙද..
හරි ඒ කතා පැත්තකට තියලා අපි ආයෙම කතාවට යමුකො....අර කඩේ අයියා අරම ඇහුවාම අපේ මාම කෙනෙක් මල්ලි පූජා වට්ටි 2 ක් දෙන්න කිවා.. අපේ නඩේ වාහනින් බහින්නත් කලින් අරූ පූජා වට්ටි 3 ක් අරන් එනවා..

රු 300 ඉඳන් තියෙනවා..කෝවද ඕනි?

Friday, April 10, 2015

බැලුම් බෝල ජීවිතේ.. | Life like a balloon



දවස් ගානකින් බොග පැත්තෙවත් එන්න බැරි වුනා ඔ‍ෆිස් එකේ තිබුන වැඩ කන්දරාවක් නිසා...මේ දවස් ටිකේම හදපු රිපෝට් ගොඩාක් අරගෙන අද කොළඹ යන්න වුනා....
මේ කතාව කියන්න හිතුනෙ ඇයි කියන එක පස්සට තියලා මං කතාව කියන්නම්...
දැන් අපි අවුරුදු ගානක් අතීතයට යන්නයි හදන්නෙ...
ඒ කිව්වෙ මං පුංචි කාලෙ...

.
.
.
.
.
මං පුංචි කාලෙදි දවසක් මූදු වෙරළට ගියා...
වෙරළ අයිනෙ ඉඳගෙන අම්මයි තාත්තයි එක්ක ඈත අහස මුහුදත් එක්ක එකතු වෙන හැටි බලන් හිටියා...
ඔහොම ඉන්නකොට මං දැක්ක ලස්සන බැලුම් බෝලයක් අතේ තියන් ඉන්න ළමයෙක්ව...මටත් ඕනි වුනා බැලුම් බෝලයක් ගන්න...
බැලුම් බෝල එක්ක සෙල්ලම් කරන්න ඔයා පොඩි බබෙක්ද..
අම්ම එහෙම ඇහුවා...

Tuesday, March 31, 2015

දෙයියොත් බිසී ද කොහෙද ....



ලබන ආත්මෙත් අපිව මේ විදියටම සතුටින් තියන්න...
මං ඉල්ලන්නෙ එච්චරයි...
මේ පහන් එලිය වගේම අපේ ජීවිතේ එලිය කරන්න...
මම එහෙම හිතුවෙ අපි පළමුවෙන්ම පන්සල් ගියපු දවසෙ...
එදා ඉඳන් අපි දෙන්නම හැම පෝයකටම පන්සල් ගියා...
හැමෝම මල් පහන් පූජා කරනවා....
ඇස් වහගෙන මොන මොනාදෝ ප්‍රාර්ථනා කරනවා...
ඒකි නම් මොනා ඉල්ලුවද දන් නෑ...
ඒත් මම නම් ඉල්ලුවෙ අපි දෙන්නටම ලස්සන අනාගතයක්...
එක දවසක් බුදු සාදු ඉස්සරහදි මම ඇහුව මෙහෙම...
හැමදාම මට ආදරෙන් ඉන්නවද??
ඔව් අයියෙ...
එයා එහෙමයි කිව්වෙ....
බොරු නෙමෙයි..
ඇත්තමයි...
බුදු සාදුගෙන් ඇහුවොත් කියයි...
ඒත් එහෙම කියපු එකී අද මං ළඟ නෑ...
මට මතකයි පෝයට හාමුදුරුවො කියනව
ඇළුනට කමක් නෑ ගැලවෙන බව දැනගෙන කියලා...

Friday, March 27, 2015

ඉන්ටනෙට් එකේ ලියන අයද? | Nelum Yaya


හිත හීලෑ නැත්තෙකු සමඟ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සොයා ගිය අතිශය බිහිසුනු ත්‍රාසජනක චාරිකාවේ පසු සටහන....



හම්මේ ඊයෙ කියන්නෙ ජීවිතේ පට්ටම පට්ට දවසක්...
ඔව් ඔව්.. මේ කියන්නෙ ඒක ගැන තමයි...
නෙළුම් යාය ගැන...
මේ මට? සම්මාන.. නෑ ඕයි.. මට මොන සම්මානද?
ගියා ගියා...
ගියා කියන්නෙ ඒක මාරම යෑමක්...
උදේ පාන්දරින්ම ගියා ඔ‍ෆිස් එකට...

ගැහුවා මැනේජර්ට අතේ පැලවෙලා ගෙඩි කන්න පුලුවන්  බොරුවක්..

මිස් මට අද හෙඩ් ඔ‍ෆිස් එකට යන්න ඕනි.. පොඩි වැඩකට...

අපේ මිස් මගෙ ඔලුවෙ ඉඳන් පල්ලෙහාට බැලුවා නිකං පිටසක්වල ජීවියෙක් දිහා බලන විදියට...

ආහ්..කමක් නෑ ගිහින් එන්නකො..

Sunday, March 22, 2015

බුකියේ වීරයෝ | Facebook

මේ කතාව අපි කවුරුත් දන්න බුකිය ගැන...
මට මතක හැටියට මං බුකියට එන්නෙ 2009 විතරද කොහෙද...
අද වෙනකම් ඉතින් මාත් බුකියෙ වෝල් එකේ උඩටයි පල්ලෙහාටයි
ගිහින් ඇති හැතැම්ම දාස් ගානක්...මේ ළඟදි ඉඳන් මං දැක්ක සමහර දේවල් මාව මේ විදියට ලියන්න පෙළඹෙව්වා..මූනට එකයි පුකට එකයි කියන මවාගත්ත ලෝකයක් අප්පා මේක...බුකියෙ ලස්සන පූස් පැ‍ටුයෙක්ගෙ ෆොටෝ එකක් දැකල අනේ හරීම කියුට් කිටියා කියන අපේ සමහරු නහ‍ටු පූසෙක් දැක්කම පයිනුත් ගහල පන්නන්නෙ... තව සමහරුන්ට පූසෙක් හම්බුනොත් ලයික් කෙසේ වෙතත් හොඳ උණු වතුර පාරක් නම් ෂුවර්..ලෝකෙට පේන්න පුදූම විදියට උණුවෙන හදවත් තියෙන මෙයාලා ඇත්ත ජීවිතේ කරන තුප්පහි වැඩ දැක්කම නම් සංසාරෙ කලකිරෙනව...
මෙහෙම කියන්නෙ මං මේ ළඟදි ඉඳල දැකපු දෙවල් කිහිපයක් නිසා... මේක කියවලා ඔයාලම හිතල බලන්නකො මේ ජාතියෙ අයව ඔයාලත් දැකල තියෙනවද කියල..

Monday, March 16, 2015

ඈ සොයමින්...




ගුරුවරියකට ආදරය කල උසස් පෙළ සිසුවකු ඇය හදිසියේ මියයාම නිසා ශෝකයට පත්ව ලියූ කවියක්

හර බැරට ජීවිතේ ගලපන
අරුමයක රඟ කිය කියා
දිසාපාමොක් පරපුරින් ආ
සුන්දරිය කෝ කොහි ගියා...

පොත් මිටිය තුරුලට අරං ඇය
එනතුරා මඟ බල බලා
එවක මතකය සිහිවෙලා අද
දැස කඳුලින් බර වෙලා...

Sunday, March 15, 2015

එක් නිමේෂයක්



මංසන්දියකදී රතු එලිය වැටේ...වාහනය නවත්වා පාර දෙස බලන විට තම පළමු ආදරිය මඟුල් ඇඳුමින් සැරසී මඟුල් කාරයේ සිට තමන් දෙස බලමින් සිටී...

රතු එලිය දැල්වුනු වෙලාවක
වාහනය මඟ නැවතිලා....
මඟුල් ඇඳුමින් සැරසිලා ඔබ
පහල වීදිය දෙස බලා...

කොල එලිය දැල්වෙන පමාවට
ජීවිතේ මඟ හිරවෙලා...
වසර ගනනක දුර අතීතෙක
සිහින අද ඇත මියදිලා...

දෙ අත් පටලන් ඇවිද ගිය එක
ලස්සනම දවසක එදා
සිපගත්තු හැටි තාම මතකයි
මුතු කුඩය යට සැඟවිලා

කාලයේ රුදු නපුරු ගතියට
දෙතැනකට අපි වෙන්වෙලා
ගියත් සුවඳයි තාම මතකයි
කී වදන් රහසේ එදා..

කියාගන්නට දහස් දේ ඇත
කකියවයි හදවත පුරා
මුවින් නොකියන දහස් දේ ඇත
අපි අපේ නෙත් දෙස බලා