පුපුරු ගහනා මහ පොලොව මත
බලාහිඳිනා රකුසු නෙත් මැද
උකුසු බැල්මෙන් බලයි ඔබ දෙස
වරෙන් එනවද කහවනුවකට???
දුටු විගස නෙතු වශීකරනට
රුව ඔබේ රසඳුනක් විලසට
තනිව හඬනා රැයන් වෙනුවට
තෝරගත්තේ යහන් වෙන්නද??
අතීතය ඔබෙ සිහිකරන විට
අඳුරු මතකය රිඳුම් දෙනමුත්
පාරවා සිත වැටෙන්නට අද
කඳුළු බිඳුවක් ඔබේ නෙතේ නැත
ආදරය යන නාමයෙන් ඔබ
පිදූ සෙනෙහස මැකී යනවිට
අතින් අතගිය කිරිල්ලි ලෙස
ලොවේ මිනිසුන් කියන්නට ඇත
සිනාසෙන්නට ලොවක් සිටියද
ඔබට අතදුන් කෙනෙක් නම් නැත...
ලොවේ ගැරහුම් සහසකුත් මැද
පුතු ඔබේ බිහිවුනා මතකද??
පියෙක් නැති දරුවෙකු සමඟ ලොව
තනිව ගැරහුම් ලැබූ ඒ දින
පියාගේ නම ඉරක් විදිහට
ලියා තිබුනා උප්පැන්නයට...
ජීව්තේ වැරදුනු තැනක් ගැන
ඉකිබිඳින්නට කලක් නැති තැන...
උපන් පුතු මිනිසෙකු කරන්නට
ඔබේ දිවියම උකස් කෙරුවද??
වීදි වල ඔබ ඇවිද යන විට...
වේසියෙක් යැයි රවන ගොරවන..
කාකි ඇඳුමෙන් ලොකු මහත්තුරු..
රෑට එන්නේ ඔබ සොයාගෙන...
නේක විද ගැරහුම් ලැබූවද
පිළිලයක් යැයි ලොවට කීවද
පුතුගෙ කුසගිනි නිවාලන්නට
රවන ගොරවන කිසිවෙකුත් නැත...
රුපියලට සතයට යටව අද
සතුට සොයනා නොමිනිසුන් මැද
උඹ විකිණුනේ උඹ නිසා නොව
පුතුගෙ කුසගිනි නිවනු පිණිසය...
උපන් ගෙයි බිළිඳුන් නසන ලොව...
සිඟිත්තන් කළු ගඟට බිලි කල....
මව්වරුන් සිටිනා මෙලොව තුල....
උඹත් අම්මා කෙනෙකි පින්බර.....
අඩෝ පට්ට ම පට්ට....සුපිරි බන්
ReplyDeleteතැන්කූ තැන්කූ....උඹ ඉතින් හැමදාම පළමුවෙන්ම කියවනවනෙ...එල
ReplyDeleteමරු මචෝ උපරිමයි.... මමත් කාලෙකට කලිං සූටි නිසදැසක් ලීව මට ඒක හොයාගන්ට බොග කාල් ගාන්ට බෑ නැත්තං මෙතන කොටනව
ReplyDeleteඅපූරුයි ඈ ජයෙන් ජයම වේවා
බොහොම ස්තුතියි මහේෂ් අයියේ.... එල
Deleteමටත් ඔය සීන් එක බන්,, තිඹිරිගේ කවියක් ලීවා මාත් , හොයන්න යන්න කම්මලි,
Deleteනෙත උනුසුමක් නොලදින් ගිලිහෙන කදුලූ
ReplyDeleteහද නැවතුමක් නොලදින් හෙළු සුසුමන්ලූ
සඳ මැදියමේ සිඳඟන ලෙස දැරු කිරුළු
ඉර මැදියමට වෙසඟන ලෙස උන් දුටලු
නුබෙ රස පතන උන් සංකර තිරිසන්නු
ලොවටත් හොරා මහ මගටම හිත රැන්දූ
සුදු පිරුවට ඔතා ගත කිලි කුණු වැසිලූ
නුබ තරමටම උන් ගැන දන්නේ කවුරූ
කුසගිනි නිවන්නට මහ මග ගිය ලන්දූ
සම්මස් නහර දන්දුන් සංකර ලන්දූ
වරදක් නොකර දඩුවම් විදිනා ලන්දූ
නුබ පමණක්ද සොයුරිය මේ ලොව සලෙලු
ලස්සනයි ඇනෝ.... ගොඩාක් ලස්සනයි...
Deleteජය වේවා.. හැබැයි තව ඇතුලාන්තයට එබියං
ReplyDeleteමේ පැත්තට ගෙන්නගන්න තිබුනු අමාරුවක්...බොහොම ස්තුතියි උපදේශෙට..
Deleteලස්සනයි ගණ අදුර ඔයාගේ කවිය.....
ReplyDeleteආයිත් දවසත එන්නම්....
ස්බ පැතුම්
අනිවාර්යෙන්ම ආයෙත් දවසක එන්න... බොහොම ස්තුතියි..
Deleteසුපිරි බං....
ReplyDeleteනියමයි
SUNDAY, 10 NOVEMBER 2013
Deleteවෛශ්‍යාව....
"ගල් ගසා මරපියෝ.
පවට යටවුනු කෙනෙකි ඈ"
කිය කියා අපහාස නන්වන
අයම යයි නැවත ඈ වෙත
දුරලාගන්න අදුරු කාලය
පෙර කලෙක සිට
පැවත ආ ලෙස .....
කරයි රැකියාව ලෙසටම.....
ඇයට ගරහන නමුදු බොහොදන
ඇයම පතලා යාවි ඈ වෙත
ඇගෙ හඩ තුලින් නැගෙනුයේ
අසාධාරණයේම,
දුප්පත් කමේම,
නොදන්නා කමේම,
හඩ නොවෙද ...?
ඇයත් දුප්පත් නොවුනානම්,
ඇයටත් දහම කන වැකුනානම්,
අනෙක් කතුන් සේම ඇයත්
මෙයටම නතුවේවිද...?
පෙර කරුම අරුම ලෙස නොනැගුනිනම්.......
http://gihan55.blogspot.com/2013/11/blog-post_9898.html
පට්ට බං ගිහාන්.. මේ පැත්තට ආවට ස්තුතියි...
Deleteලස්සනයි, කතා නොකරන ඇත්ත කතාවක් - N
ReplyDeleteබොහොම ස්තුතියි....
Delete//ආදරය යන නාමයෙන් ඔබ
ReplyDeleteපිදූ සෙනෙහස මැකී යනවිට
අතින් අතගිය කිරිල්ලි ලෙස
ලොවේ මිනිසුන් කියන්නට ඇත //
මේ කතාව මිනිසුන්ට තේරෙනවා අඩුයි, අදමයි ආවේ නියමයි කවි ටික,
ම්ම්...ඔමා අක්ක මේ පැත්තෙ ආව එකට මට ෆීලින් හැපිලු ඔන්න...
Deleteආයෙත් එන්නකො...
අඳුර තියෙද්දී තරු දිළිසෙනවා .. අන්ධකාරය නැති තැන තරුවකට වටිනාකමක් නෑ,, ඔයත් තරුවක් වගේ දිලිසෙන්න ... ඒත් හැමදාම අන්ධකාරයේ ඉන්න එපා ජය .....
Deleteලස්සනයි! ෂෙයා කරනවා. කවරිං ඇපෘවල් දෙන්න.
ReplyDeleteස්තුතියි.. කවරින් ඇපෘවල් කීවෙ??
Deleteවැඩේ කරලා ඉවරවෙලා අවසර ඉල්ලන එක.
Deleteකලුවරේ ගහපු ෆ්ලෑශ් ලයිට් එකක් වගේ... පස්ට මචෝ...
ReplyDeleteහැමදේකටම 'හේතුවක්' තියෙන බව ලස්සනට කියලා තියෙනවා.( සම හරක් ගෙ කනටත් ගහලා තියෙනවා )
අහ්...තැන්කූ තැන්කූ...
Deleteආයෙ එන් ඕනි හොඳේ...ජය