Friday, March 27, 2015

ඉන්ටනෙට් එකේ ලියන අයද? | Nelum Yaya


හිත හීලෑ නැත්තෙකු සමඟ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සොයා ගිය අතිශය බිහිසුනු ත්‍රාසජනක චාරිකාවේ පසු සටහන....



හම්මේ ඊයෙ කියන්නෙ ජීවිතේ පට්ටම පට්ට දවසක්...
ඔව් ඔව්.. මේ කියන්නෙ ඒක ගැන තමයි...
නෙළුම් යාය ගැන...
මේ මට? සම්මාන.. නෑ ඕයි.. මට මොන සම්මානද?
ගියා ගියා...
ගියා කියන්නෙ ඒක මාරම යෑමක්...
උදේ පාන්දරින්ම ගියා ඔ‍ෆිස් එකට...

ගැහුවා මැනේජර්ට අතේ පැලවෙලා ගෙඩි කන්න පුලුවන්  බොරුවක්..

මිස් මට අද හෙඩ් ඔ‍ෆිස් එකට යන්න ඕනි.. පොඩි වැඩකට...

අපේ මිස් මගෙ ඔලුවෙ ඉඳන් පල්ලෙහාට බැලුවා නිකං පිටසක්වල ජීවියෙක් දිහා බලන විදියට...

ආහ්..කමක් නෑ ගිහින් එන්නකො..

Sunday, March 22, 2015

බුකියේ වීරයෝ | Facebook

මේ කතාව අපි කවුරුත් දන්න බුකිය ගැන...
මට මතක හැටියට මං බුකියට එන්නෙ 2009 විතරද කොහෙද...
අද වෙනකම් ඉතින් මාත් බුකියෙ වෝල් එකේ උඩටයි පල්ලෙහාටයි
ගිහින් ඇති හැතැම්ම දාස් ගානක්...මේ ළඟදි ඉඳන් මං දැක්ක සමහර දේවල් මාව මේ විදියට ලියන්න පෙළඹෙව්වා..මූනට එකයි පුකට එකයි කියන මවාගත්ත ලෝකයක් අප්පා මේක...බුකියෙ ලස්සන පූස් පැ‍ටුයෙක්ගෙ ෆොටෝ එකක් දැකල අනේ හරීම කියුට් කිටියා කියන අපේ සමහරු නහ‍ටු පූසෙක් දැක්කම පයිනුත් ගහල පන්නන්නෙ... තව සමහරුන්ට පූසෙක් හම්බුනොත් ලයික් කෙසේ වෙතත් හොඳ උණු වතුර පාරක් නම් ෂුවර්..ලෝකෙට පේන්න පුදූම විදියට උණුවෙන හදවත් තියෙන මෙයාලා ඇත්ත ජීවිතේ කරන තුප්පහි වැඩ දැක්කම නම් සංසාරෙ කලකිරෙනව...
මෙහෙම කියන්නෙ මං මේ ළඟදි ඉඳල දැකපු දෙවල් කිහිපයක් නිසා... මේක කියවලා ඔයාලම හිතල බලන්නකො මේ ජාතියෙ අයව ඔයාලත් දැකල තියෙනවද කියල..

Monday, March 16, 2015

ඈ සොයමින්...




ගුරුවරියකට ආදරය කල උසස් පෙළ සිසුවකු ඇය හදිසියේ මියයාම නිසා ශෝකයට පත්ව ලියූ කවියක්

හර බැරට ජීවිතේ ගලපන
අරුමයක රඟ කිය කියා
දිසාපාමොක් පරපුරින් ආ
සුන්දරිය කෝ කොහි ගියා...

පොත් මිටිය තුරුලට අරං ඇය
එනතුරා මඟ බල බලා
එවක මතකය සිහිවෙලා අද
දැස කඳුලින් බර වෙලා...

Sunday, March 15, 2015

එක් නිමේෂයක්



මංසන්දියකදී රතු එලිය වැටේ...වාහනය නවත්වා පාර දෙස බලන විට තම පළමු ආදරිය මඟුල් ඇඳුමින් සැරසී මඟුල් කාරයේ සිට තමන් දෙස බලමින් සිටී...

රතු එලිය දැල්වුනු වෙලාවක
වාහනය මඟ නැවතිලා....
මඟුල් ඇඳුමින් සැරසිලා ඔබ
පහල වීදිය දෙස බලා...

කොල එලිය දැල්වෙන පමාවට
ජීවිතේ මඟ හිරවෙලා...
වසර ගනනක දුර අතීතෙක
සිහින අද ඇත මියදිලා...

දෙ අත් පටලන් ඇවිද ගිය එක
ලස්සනම දවසක එදා
සිපගත්තු හැටි තාම මතකයි
මුතු කුඩය යට සැඟවිලා

කාලයේ රුදු නපුරු ගතියට
දෙතැනකට අපි වෙන්වෙලා
ගියත් සුවඳයි තාම මතකයි
කී වදන් රහසේ එදා..

කියාගන්නට දහස් දේ ඇත
කකියවයි හදවත පුරා
මුවින් නොකියන දහස් දේ ඇත
අපි අපේ නෙත් දෙස බලා

Saturday, March 14, 2015

(අ)හිමිවීම


සොඳුරු දවසක එදා ආදරෙන් ඉන්න ඇති
උරමඩල හිස තියා සෙනේ සුව විඳින් ඇති
ජිවිතය ආදරය පමණක්ම වෙන්න ඇති
පැතුම් දහසක් අතර තනිවුනා මතක ඇති

ඔය දෑස මත සෙවූ ආදරය නිමක් නැති
කොතන කෙදිනකදි හෝ මාත් ‍රැවටෙන්න ඇති
මතකයට විත් ඔයා කඳුලු බිඳු වැටෙන් ඇති
කඳුල උරුමය වෙලා ඔයා දුර යන්න ඇති

අතීතය සිහිනයකි ‍රැ‍ඳෙන්නට වරම් නැති
ආ දුරත් වැඩි නිසා ඉතින් ඔබ යන්න ඇති
වසන්තය නිමා වී ගිමන් කල එන්න ඇති
ජීවිතය විඳවන්න ලියවිලා තියෙන් ඇති

සඳ නේන රෑ පුරා ඔබෙ රුවම සොයන් ඇති
තාරුකාවී ඔයා මගෙන් දුර ඉන්න ඇති
යලිත් ඔබ දකින්නට සහසකුත් පැතුම් ඇති
සසර මතු දිනෙක යලි ඔබෙ වෙන්න පතමි නිති.

Tuesday, March 10, 2015

උත්තරා


අවිවේකී දිනයකි...
දිගින් දිගටම නාද වූ දුරකථනය හැරුනුවිට රෝගීන්ගේ හඬ පමණක් ඇසේ...
රෝහලෙන් ඩිස්පෙන්සරියටත් ඩිස්පෙන්සරියෙන් රෝහලටත් ගෙවෙන මේ ජීවිතය
විටෙක නීරස බව නොදැනෙනවා නොවේ..
අවසන් රෝගියාත් පිටව ගිය පසු දුරකථනය අතට ගත්තෙමි.
අම්මා යනුවෙන් මිස් කෝල් 5කි...
අම්මාට අප්පච්චීට සමු දී කොළඹ පැමිණ දැන් සය වසකුත් ඉක්මව ගොස් ඇත...
අම්මාට ඇමතුමක් ගත්තෙමි....ඔව් අම්මා....
අනේ මයෙ පුතාට දළදා හාමුදුරුවො පිහිටයි...
මේ අවුරුද්දෙවත් ගෙදර එන් නැද්ද?
අප්පච්චිත් දැන් ලෙඩ ගානෙ....
දෑස් පියාගත්තෙමි...
ඒ අතීතය වළදමා අවසන් මුත් පැරණි තුවාල කැලැල් මා තවමත් රිදවයි...

Thursday, March 5, 2015

නටත් අයෙක් සුරා මතින් | A drunker




ඔෆීසියක ලොකු මහත්තයෙකි ඔහු
සප්පායම් වී හොඳට..
රෑ බෝ වෙන්නට ලං වුනු හින්දම
ටවුමට ආවේ යසට..

ලෝකෙම දැන් නම් කැරකෙන ගානයි
තවත් යන්න බෑ දුරට...
සිතමින් වැනි වැනි සිටිනා විට මූ
දැක්කා  ‍ටුක් ‍ටුක් රථය...