Thursday, January 29, 2015

දිනේ දිනේ උපන්දිනේ...

අද ජීවිතයේ තවත් එක් සුවිශේෂී දිනයකි...
අද පටන් නෛතික වශයෙන් දුම්පානය කිරීමට හැක....
උපන් දා පටන් විසි එක් වසක් ගත කලද තවමත්
තේරුම්ගැනීමට නොහැකි වූ දෙයක් ඇත...
අකුරු සතරක් මගේ ජීවිතයම සෙල්ලමකට ගත්තා වැනිය...
බුකියේ වුන් සුභ උපන්දිනයක් යැයි පතයි..
උදේ පටන් කෙටි පණිවිඩද නිමක් නැත...
නමුත් තවමත් මා දුරකථනය දෙසම බලා සිටිමි...
දෑස් රිදෙන තුරු බලා සිටියද පලක් නැති සේය...
බාගවිට ඇයට මා අමතක වී ඇත...
මා හැරගියහැටි සිහිකල විට මෙය අමුත්තක් නොවේ...
නමුත්....

Friday, January 23, 2015

මතකයන් අතර වෙරිමතින්

වේලාව මධ්‍යම රාත්රියට ආසන්නව ඇත....
වීදුරු ගැටෙන හඬ ඇසෙයි....
මම තවත් සිගරට්ටුවක් පත්තු කලෙමි....
මේ අවන්හල මා හට නුහුරු නුපුරුදු තැනක් නොවේ....
මේ මේසයද එසේමය...
අඩක් හිස් වූ විස්කි බෝතලයක් සමඟ
අද මා තනිවී ඇත...

අරක්කු වලට දුක නැති කරන්න බෑ සර්...
දැන් ගෙදර ගියානම් හොඳයි නේද?....

වේටර් මල්ලි කෙනෙකුගේ කටහඬ
බොඳවී මෙන් ඇසෙයි....
මා කිසිත් නොකියාම තවත් දුම් වලල්ලක් ඇරියෙමි...

Sunday, January 18, 2015

මමත් ආදරවන්තයෙක්....


ඇත්තටම කවුද මට ආදරේ...
පනටත් වඩා ආදරෙයි කියපු උන්
අද උන්නද මැරිලද කියලවත් දන් නෑ...
ජීවිතේ පුරාම ළඟින් ඉන්නවා කියපු උන්
අද බේතකටවත් හොයාගන්න නෑ...
ඔයා තමයි මගෙ හුස්ම කියල කියපු උන්
අද හුස්ම ගන්නෙ කොහොමද මන්ද...
එහෙම බැලුවම මම මිනීමරුවෙක් ඕයි...
ජීවිතේදි පනටත් වඩා ආදරේ කරනවා
ජීවිත කාලෙම ළඟින් ඉන්නව කියල
බොරුවට ගිවිසුම් ගහන්න හොඳ නෑ අප්පා...
උනාට කමක් නෑ
මමත් දැන් කෙනෙක්ට ආදරෙයි...
එයත් මට ආදරෙයි
 ඒ ඇයි දන්නවද?

Saturday, January 17, 2015

ඔයා පවු නංගි.....

ඔව්...
අදටත් මම පසුතැවෙනවා...
ඔයා ගැන නෙමෙයි...
මං ගැන...
නොකරපු වැරදි වලටත් ඔයාගෙන් සමාව ඉල්ලුවට...
හැම වෙලේම ඔයාව හිනස්සවන්න හැදුවට...
පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කලාට....
කරදරයක් වෙන තරමටම හොයල බැලුවට...
මම පසුතැවෙනවා....
විතරක් නෙමෙයි මම වෛර කරනවා..
ඔයාට නෙමෙයි...

Thursday, January 15, 2015

නුඹෙ සිත අහිතෙන් සෙනෙහෙ පලක් නෑ....

මම අඬන්නෙ නෑ...
මගෙ ඇස් වලට කඳුළු දීපු ඔයා වෙනුවෙන් අඬන් නෑ තවත්.....
ඔයා වෙනුවෙන් වද වෙන් නෑ තවත්...
මහමෙරක් තරම් මම දැකපු හීන වලට
පයින් ගහපු ඔයා වෙනුවෙන් මේ හිතේ ඉඩක් නෑ දැන්...
ඉස්සර ඔයාව දැකල හීනෙනුත් හිනාවුනු මම
අද හීනෙන් ඉකිගහන්නෙත් ඔයාට පින් සිද්දවෙන්නයි...

දඩබ්බර හදවත වෙත ලියමි...

උඹ හොඳ බව මම දනිමි..
උඹ හොඳ වැඩිය....
නමුත්...
උඹ දැන් ඕනාවට වඩා වැඩිය...
උඹ මගේ ඇඟ පුරාවට ලේ පොම්ප කරාම ඇතිය...
එය උඹගේ රාජකාරියයි...
ඕනාවට වඩා ඕනාම දෙයක් ඕනෑ නැත...
හැම මගුලටම උඹ හොට දැමීමෙන් මට ඇතිවූ සෙතක් නැත...
ඉදිරියටවත් උඹ උඹේ පාඩුවේ නොසිටියහොත්
උඹ මගේ හදවත බව මට අමතක වනු ඇත.

Wednesday, January 14, 2015

අනේ මං පොඩි එකෙක් වුනානම්....

පුංචිම කාලෙදි....
දනිහෙන් වැටුනම....
පුංචි කඳුළු කැට...
එක දෙක එනකොට...
අම්මේ කියමින් මම මොර දුන්නේ...
පුංචි දෙපා මගෙ රිදුනු නිසයි....

යොවුන් වසන්තයෙ සතුට විඳින්නට...
ඇයගේ තුරුලේ උනුසුම් වනවිට...
ආඩම්බරයෙන් මතකයි කිව්වා
අම්මේ මම දැන් ගොඩක් ලොකුයි...

මම ලියනවා....


උඹ මොනව ලිව්වත් ඒකි ආයෙ එන් නෑ බන්...
අද එකෙක් මට කියනවා....
ඉතින් හා...
මං ලියන්නෙ ඒකිව ආයෙ ගන්න නෙමෙයි යකෝ...
මේක හරි මගුලක් උනානෙ...
මේ දවස් ටිකේම අපෙ ගමේ ඇන්ටිලට සෑහෙන අවුල..
ඇයි පුතා ඔයරැවුල් කොන්ඩ වවාගෙන..
පිස්සෙක් වගේ...
යකෝ මම වවන්නෙ මගෙරැවුලනම්
උන්ට මොකද....